“මේ වාර්තාව බොරු එකක්” – ඩිවිලියර්ස්

89

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඒ. බී. ඩිවිලියර්ස් හට එරට ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලබා ගනිමින් නැවතත් කණ්ඩායමට පැමිණෙන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය කළ ආරාධනාව අසත්‍ය බව ඩිවිලියර්ස් පවසා තිබේ.

ලොව සුපිරි බලවතා ක්‍රිකට් පුහුණුකරු වෙනස් කරයි

ඇමරිකා එක්සත් ජනපද පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කර්ණාටක ……..

ඩිවිලියර්ස් හට එරට ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලබා ගන්නා ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළ බවට පසුගිය දින කිහිපයේ දී විවිධ පුවත් වාර්තා කිහිපයක් වාර්තා වී තිබුණි. කෙසේ නමුත් ඩිවිලියර්ස් සිය නිල twitter ගිණුම හරහා ප්‍රකාශයක් පළ කරමින් එම වාර්තා අසත්‍ය  බව තහවුරු කර තිබේ.

“දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලබා ගන්නා ලෙස කළ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මගෙන් කළ ඉල්ලීමක් සම්බන්ධව පළ වන වාර්තා ඇත්ත නෙමෙයි. මේ දවස්වල ඇත්තටම විශ්වාස කරන්නේ මොනවා ද කියලා හොයා ගන්න එකත් ගොඩක් අමාරුයි. පිස්සු කාලයක්. හැමෝම ආරක්ෂිතව ඉන්න.” යැයි සිය twitter පණිවිඩයේ දක්වා ඇත.

ඒ. බී. ඩිවිලියර්ස්  සිය නිල twitter ගිණුමේ පළ කර තිබෙන අදහස,

අප්‍රේල් 29 වැනිදා සවස 6.23ට පළ කර තිබෙන ඩිවිලියර්ස්ගේ එම twitter පණිවිඩයේ තිබෙන සත්‍යතාවය තහවුරු කරමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ද සිය ආයතනයේ නිල twitter ගිණුම හරහා එම පණිවිඩය නැවත ට්වීට් (Retweeted) කර තිබුණි.

පසුගිය වසරේ (2019) මැයි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ඩිවිලියර්ස් ඒ වන විට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 228කට, ටෙස්ට් තරග 114කට හා විස්සයි විස්ස තරග 78කට ක්‍රීඩා කොට තිබුණි.

ඔහුව Mr: 360 ලෙස ද ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ ඔහු පිතිකරණයේ නිරත වන විට ක්‍රීඩා පිටියේ ඕනෑම දෙසකට පන්දුව යොමු වන පරිදි පහර දීමේ හැකියාවක් පැවතුණු බැවිනි.

ඩිවිලියර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට ඔහුගේ එක්දින ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 53.50ක් ලෙස සටහන් වී තිබුණි.

පන්දුව පළුදු කිරීම නීතිගත කරනවා වෙනුවට ආතර්ගෙන් වෙනස් යෝජනාවක්

කොරෝනා වයිරසය ක්‍රිකට් ක්‍රීඩාවට කළ බලපෑම සහ ඒ නිසා ඉදිරියේ දී ක්‍රීඩාවට වන …..

2019 වසරේ දෙසැම්බර් මාසයේ දී ඩිවිලියර්ස්ට නැවතත් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට පිවිසෙන ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත් මාර්ක් බවුචර් පවසා සිටින ලදි.

පසුව ඩිවිලියර්ස් 2020 ජනවාරි මාසයේ දී එම ආරාධනය පිලිගනිමින්, 2020 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක සංචිතය සඳහා තේරී පත්වුවහොත් ක්‍රීඩා කිරීමට තමා සූදානම් බව පැවසුවේය.

නමුත් මේ දිනවල පැතිර යන Covid-19 වසංගතය නිසා පැවැත්වීමට නියමිතව තිබූ බොහෝමයක් ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

කෙසේ නමුත් 2020 ඔක්තෝබර් මස 18 වැනිදා ආරම්භ වීමට තිබෙන මෙම ලෝක කුසලාන තරගාවලිය කල් දැමීම පිළිබඳව ICCය විසින් තවමත් නිල වශයෙන් තීරණයක් ලබාගෙන නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<