Home Sinhala තෝමස්ට බියවූ ශ්‍රී ලංකාවට සිත් බිඳෙන පරාජයක්!

තෝමස්ට බියවූ ශ්‍රී ලංකාවට සිත් බිඳෙන පරාජයක්!

117

එක්දින තරගාවලියේ දී ලබාගත් ජයග්‍රහණ රිද්මයට විරාමයක් තබමින් අද (04) ඇරඹුනු පළමු විස්සයි විස්ස තරගයේ දී ලකුණු 25ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පිළට සිදුවිය. ඒ කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් ලබාගත් ලකුණු 196 සාර්ථකව හඹා යාමට තරම් ශ්‍රී ලංකා පිතිකරණය සවිමත් නොවූ බැවිනි. මීට අමතරව තවත් අතපසුවීම් රාශියක් ශ්‍රී ලංකාවට මෙවන් පරාජයක් උරුම කිරීම සඳහා හේතුවිය.

එක්දින හොඳට කරපු අපිට විස්සයි විස්සේ දී මොනවා වෙයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින්…

අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් ගණනක ප්‍රේක්ෂකයින් ඉදිරියේ උරගා බැලුනු කාසියේ වාසිය දිනා ගත්තේ කොදෙව් නායක කිරන් පොලාර්ඩ් විසිනි. ඒ අනුව තමන් T20 තරගාවලිය සඳහාම කොදෙව් දේශයෙන් ආනයනය කරගත් අන්ද්‍රේ රසල්, ඩ්වේන් බ්‍රාවෝ, ශිම්රන් හෙට්මයර් ඇතුළත් ප්‍රහාරක පිතිකරණ බල ඇණියට මුලින් පිතිකරණයේ යෙදීම සඳහා අවස්ථාව ලබා දීමට ඔහු දෙවරක් සිතුවේ නැත. එහි වගකීම මුල්පෙළ පිතිකරුවන් භාර ගත්තේ ඉතාමත් සාර්ථකව ලකුණු අතරට පිවිසෙමිනි.

Photos: Sri Lanka vs West Indies | 1st T20I

එක්දින තරගාවලියේ දී ආබාධයට ලක්වුණු නුවන් ප්‍රදීප් වෙනුවට T20 තරගාවලියට ඇතුළත් කෙරුණු අසිත ප්‍රනාන්දු අද තරගයට අනිවාර්යයෙන්ම කැඳවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද තේරීම් කමිටුව ඊට ඉඩ ලබා දී තිබුනේ නැත. නමුත් වැඩිකල් යන්නට පෙර දෙවැනි විශේෂඥ වේග පන්දු යවන්නෙකුගේ අවශ්‍යතාවය පැහැදිලි වූයේ උදාන, තිසර වැනි තුන් ඉරියව් පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වීමත් සමඟයි. නමුත් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවීමට ඒ වනවිට පමා වැඩිවී තිබුණි. 

එක්දින තරගාවලියේ දී අති සාර්ථක පන්දු රැකීමක යෙදුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද දිනයේ එම සියළු සුබ කාරණා අමතක කරමින් යෙදුනේ “අතිශය දියාරු” පන්දු රැකීමකයි. එහිදී නායක මාලිංග උඩපන්දු අත් හරිමින් වැරදි පූර්වාදර්ශයක් ලබාදුන් අතර ශ්‍රී ලංකා පිළ ඉනිම ආරම්භයේ සිටම දුවද්දී දැවී යාම් කිහිපයක් මග හරවා ගන්නා අයුරුද දැක ගන්නට ලැබුණි. එහි ප්‍රතිඵල උපරිමයෙන්ම නෙලාගත් කොදෙව්වන් පළමු කඩුල්ලටම ලකුණු 74ක් එක් කරමින් දැවැන්ත ලකුණු පුවරුවක් සඳහා අඩිතාලම දමා ගත්හ.

ධනංජයට සහ ප්‍රදීප්ට ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයෙන් ඉවත් වෙන්න වෙයි

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අනිද්දා (04) දින මහනුවර…

එහිදී තවමත් ජාත්‍යන්තර පිටියට නවකයෙකු වන බ්‍රැන්ඩන් කින් ලකුණු 33ක් ලබා ගනිද්දී ඔහුගේ සහායක ආරම්භ පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් ඉනිම පුරාවටම නොදැවී සිටිමින් පන්දු 51කදී ලකුණු 67ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟයි. මීට අමතරව මැදපෙළ පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙමින් සීමිත පන්දුවාර ගණනකදී දැවැන්ත ප්‍රහාරයක නිරත වීමට අන්ද්‍රේ රසල්ට (35) සහ කිරන් පොලාර්ඩ්ට (34) හැකිවිය.

ආසියානුකරයේ තණතිලි ගැන විශේෂඥ දැනුමක් ඇති ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරය කොදෙව් ඉනිම ලකුණු 196ක් දක්වා ගෙන ගියේය.

පන්දු යැවීමේ දී කිසිදු පන්දු යවන්නෙකු සුවිශේෂී දස්කම් නොදැක්වූ අතර විවිධත්වයක් සහිත පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ඉසුරු උදාන අද නොසිතූ ලෙස දැවැන්ත ප්‍රහාරයකට ලක්විය. මීට අමතරව එක්දින තරගාවලියේ විශිෂ්ට අන්දමින් පන්දු යවමින් කොදෙව් පිතිකරුවන් අසරණ කළ වනිඳු හසරංගව 13 වැනි පන්දුවාරය දක්වාම සඟවාගෙන සිටීමද ප්‍රතිවාදීන්ට අමතර සහනයක් විය. වයිඩ් පන්දු සහ ෆුල් ටොස් පන්දු නිසා කොදෙව්වන් වෙත ගොඩ නැගෙන සුළු පීඩනයද දියවී යන අයුරු දැක ගන්නට ලැබුණි.

බංගලියන් පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කරන ලකුණු

අදියර තුනකින් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය නිමාවට…

මෙවන් විශාල ලකුණු පුවරුවක් හඹා යාමට අවශ්‍ය කරන ආරම්භය ශ්‍රී ලංකා පිළට ලබා ගැනීමට නොහැකි වූ අතර ඔශේන් තෝමස්ගේ දකුණත් වේග පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිළ පහසුවෙන්ම කඩුලු විසිකර දැමුවේ කොදෙව්වන්ට පහසු ජයක් පිලිබඳ බලාපොරොත්තු ඇති කරමිනි. එහිදී තෝමස් වයිඩ් පන්දු රැසක් මැද යවන බවුන්සර් පන්දු හමුවේ අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, කුසල් මෙන්ඩිස් යන පිතිකරුවන් කඩුලු අහිමි කර ගත්හ. 

ඇන්ජෙලෝ මැතිව්ස් සහ දසුන් ශානක ද තෝමස් හමුවේ කඩුලු පූජා කළේ පන්දුවාර 6ක් අවසන් වන විටම ඔහුට කඩුලු 5ක් ලබා දෙමිනි. ඒ අනුව මුළු ලකුණු 56ක් වෙද්දී කඩුලු 5ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා පිළ පල්ලෙකැලේ පිටිය මැද අසරණ විය. එවන් වටපිටාවක නැවතත් ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තු ගෙන ආ කුසල් පෙරේරා සහ වනිඳු හසරංග සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. එහිදී ඊයේ දිනයේ තම විවාහ මංගල්‍යයට සහභාගි වූ කුසල් පෙරේරා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 38කදී ලකුණු 66ක් ලබා ගත්තේය.

ඕනෑම අසීරු අවස්ථාවක කණ්ඩායම වෙනුවෙන් උපරිමය ලබා දෙන වනිඳු හසරංග ඔහුට සහය වෙමින් පන්දු 34කදී ලකුණු 44ක් රැස් කළේය. කෙසේවෙතත් හොඳ තරගකාරීත්වයක් ගොඩ නැගෙමින් තිබෙන විටක කොදෙව්වන් මෙම කඩුලු දෙකම අනුයාත පන්දුවාර දෙකකදී දවා ගන්නේ තරග ජයග්‍රහණය තමන් සතුකර ගනිමිනි. එහිදී විශිෂ්ට උඩපන්දු රැකීම් කිහිපයක් සහ මනා පාලනයකින් යුතු පන්දු යැවීමක යෙදෙමින් කොදෙව් පිළ තමන් විස්සයි විස්ස තරග වලදී ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බව තහවුරු කළහ.

කොරෝනා ඔලිම්පික් වෙත ද බලපෑම් කරයි

මේ දිනවල ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන වයිරසයක් වන කොරෝනා නිසාවෙන් ලොව ප්‍රකට ක්‍රීඩා තරගාවලීන් රැසක් නතර කිරීමට හෝ කල් දැමීමට සිදු වී ඇත. දිනෙන් දින අවදානම වැඩි වෙන මෙම වයිරසය නිසාවෙන් ඔලිම්පික් තරගාවලිය ද කල් යාමේ අවදානමකට මේ වන විට පත්ව ඇත.

තරගයේ වීරයා සම්මානය තම පෞද්ගලික හොඳම පන්දු යැවීම සහ කොදෙව් දේශය වෙනුවෙන් තෙවැනි හොඳම පන්දු යැවීම අද වාර්තා කළ ඔශේන් තෝමස් දිනා ගත්තේය. දෙරට අතර සංචාරය නිමා කරමින් දෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (06) පල්ලෙකැලේ දීම පැවැත්වෙනු ඇත.

Result


Sri Lanka
171/10 (19.1)

West Indies
196/4 (20)

Batsmen R B 4s 6s SR
Lendl Simmons not out 67 51 7 2 131.37
Brandon King c Wanindu Hasaranga b Lakshan Sandakan 33 25 5 1 132.00
Nicholas Pooran c Avishka Fernando b Wanindu Hasaranga 14 12 2 0 116.67
Andre Russell b Lasith Malinga 35 14 2 4 250.00
Kieron Pollard c Avishka Fernando b Isuru Udana 34 15 3 2 226.67
Fabian Allen not out 3 3 0 0 100.00


Extras 10 (b 2 , lb 2 , nb 0, w 6, pen 0)
Total 196/4 (20 Overs, RR: 9.8)
Fall of Wickets 1-74 (8.2) Brandon King, 2-106 (12.3) Nicholas Pooran, 3-145 (15.2) Andre Russell, 4-190 (19.2) Kieron Pollard,

Bowling O M R W Econ
Lasith Malinga 4 0 37 1 9.25
Thisara Perera 3 0 27 0 9.00
Angelo Mathews 2 0 16 0 8.00
Isuru Udana 3 0 41 1 13.67
Lakshan Sandakan 4 0 38 1 9.50
Wanindu Hasaranga 4 0 33 1 8.25


Batsmen R B 4s 6s SR
Avishka Fernando c Lendl Simmons b Oshane Thomas 7 5 1 0 140.00
Kusal Perera b Andre Russell 66 38 6 3 173.68
Shehan Jayasuriya c Sheldon Cottrell, b Oshane Thomas 0 1 0 0 0.00
Kusal Mendis c Lendl Simmons b Oshane Thomas 0 2 0 0 0.00
Angelo Mathews c Andre Russell b Oshane Thomas 10 8 2 0 125.00
Dasun Shanaka b Oshane Thomas 2 8 0 0 25.00
Wanindu Hasaranga lbw b Rovman Powell 44 34 4 0 129.41
Thisara Perera c Sheldon Cottrell, b Rovman Powell 11 7 0 1 157.14
Isuru Udana c Kieron Pollard b Dwayne Bravo 3 5 0 0 60.00
Lasith Malinga b Sheldon Cottrell, 8 6 0 1 133.33
Lakshan Sandakan not out 1 1 0 0 100.00


Extras 19 (b 0 , lb 10 , nb 0, w 9, pen 0)
Total 171/10 (19.1 Overs, RR: 8.92)
Fall of Wickets 1-16 (1.3) Avishka Fernando, 2-16 (1.4) Shehan Jayasuriya, 3-17 (1.6) Kusal Mendis, 4-41 (3.6) Angelo Mathews, 5-56 (5.6) Dasun Shanaka, 6-143 (15.3) Wanindu Hasaranga, 7-150 (16.2) Kusal Perera, 8-168 (18.1) Isuru Udana, 9-171 (19.1) Lasith Malinga,

Bowling O M R W Econ
Sheldon Cottrell, 2.1 0 14 1 6.67
Oshane Thomas 3 0 28 5 9.33
Andre Russell 4 0 33 1 8.25
Kieron Pollard 2 0 25 0 12.50
Dwayne Bravo 4 0 30 1 7.50
Rovman Powell 4 0 31 2 7.75



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<