ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරයින්ගේ කණ්ඩායමට ශ්‍රී ලාංකිකයෙකුත්

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය 2019-21

435

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පළමු වරට පවත්වනු ලැබූ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ 2019-21 තරග අදියර පසුගිය දා නිමා වුනා. 

එහි දී ඉන්දියාව අනුශූරයින් කරමින් නවසීලන්තය ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරයින් වීමට සමත් වුනු අතර තරගාවලිය පුරාවට ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මේ තරගාවලියේ කණ්ඩායම නම් කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ESPN Cricinfo පසුගිය දා තීරණය කළා.

ESPN Cricinfo විසින් නම් කළ 2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරයින්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නගේ නම ද ඇතුළත් වී තිබීම සුවිශේෂී වුනා. 

දිමුත් එම තරගාවලියේ දී තරග 10ක් සඳහා ක්‍රීඩා කරමින් ලකුණු 999ක් ලබා ගත්තේ 55.50ක ඉහළ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

තවත් ක්‍රිකට් පුවත්:

2019 වසරේ සිට 2021 වසර දක්වා වසර දෙකක කාලයක් පැවති ටෙස්ට් ශූරතාවලියට එක් වූ කණ්ඩායම් 9ක් සහභාගී වුනු අතර පළමු ටෙස්ට් ශූරතාවලිය අවසානයේ අවසන් ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට 7 වැනි ස්ථානය හිමි වුනා.

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි 6කට ක්‍රීඩා කර තරග දෙකක් පමණක් ජය ගත් අතර පරාජය වූ ටෙස්ට් තරග සංඛ්‍යාව 6ක්, තරග 4ක් ජය පරාජයෙන් තොරව නිමා වුනා. පළමු ටෙස්ට් ශූරතාවලිය අවසානයේ දී වැඩිම තරග සංඛ්‍යාවක් ජය පරාජයෙන් තොරව නිමා කර ගත් කණ්ඩායම බවට පත්වුනේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්නට අමතරව නවසීලන්ත ක්‍රීඩකයින් 3ක්, ඉන්දීය ක්‍රීඩකයින් 3ක්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3ක් සහ එංගලන්ත ක්‍රීඩකයෙකු ද මෙම කණ්ඩායමට ඇතුළත් වුනා. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවැනි තරගාවලිය (2021-23) මේ වසරේ අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

2019-21 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය හොඳම කණ්ඩායම පහත පරිදි වෙනවා.

  • Rohit Sharma – Tests: 12, Runs: 1094, Ave: 60.77
  • Dimuth Karunaratne– Tests: 10, Runs: 999, Ave: 55.50
  • Marnus Labuschagne – Tests: 13, Runs: 1675, Ave: 72.82
  • Kane Williamson (c) – Tests: 10, Runs: 918, Ave: 61.20
  • Steven Smith – Tests: 13, Runs: 1341, Ave: 63.85
  • Ben Stokes – Tests: 17, Runs: 1334, Ave: 56.00
  • Rishabh Pant (wk) – Tests: 12, Runs: 707, Ave: 39.27
  • R Ashwin – Tests: 14, Wickets: 71, Bowl Ave: 20.33
  • Kyle Jamieson – Tests: 7, Wickets: 43, Bowl Ave: 12.53
  • Pat Cummins – Tests: 14, Wickets: 70, Average: 21.02
  • Tim Southee – Tests: 11, Wickets: 56, Average: 20.82

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<