ලෝක කුසලාන කාන්තා 20-20 තරගාවලියේ කාලසටහන නිකුත් වේ

221

6 වැනි වතාවටත් පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන අද (25) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මාධ්‍යයට නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ ඉරණම විසඳීම රොෂේන් සහ දික්වැල්ල වෙතට

2018 නොවැම්බර් මස 9 සිට 24 දක්වා ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙන මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරග වදින අතර ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථාන 8 සිටි ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය හා පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 8 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබාගෙන ඇත.

මීට අමතරව මෙම විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා අනෙක් රටවල් දෙක තෝරා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ වසරේ ජූලි මස 7 සිට 14 දක්වා නෙදර්ලන්තයේ පැවැත්වේ. එම තරගාවලිය සඳහා බංග්ලාදේශය, අයර්ලන්තය, පැපුවා නිව්ගීනියාව, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, තායිලන්තය, උගන්ඩාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් තරග වදිනු ලැබේ.

අවසන් මහා තරගය ද ඇතුලත්ව තරග 23ක් මෙවර ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට ඇතුළත්ව ඇති අතර මෙවර ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලිය තුළ පළමු වතාවට විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ අවස්ථාව (DRS) භාවිතා කරනු ඇත.

අර්ජුනගේ මුරණ්ඩුව > චන්දිමාල්ගේ මුරණ්ඩුව

තරග කාලසටහන නිකුත් වූ පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු ඇයගේ අදහස් මෙසේ ඉදිරිපත් කළාය.

“නොවැම්බර් මස ආරම්භ වන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය කියන්නේ අපිට මීළඟට තියෙන ලොකුම අභියෝගය ලෙසයි මා දකින්නේ. අපේ මුළු කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන ඉතාමත් හොඳ අවබෝධයකින් ඉන්නේ. මම හිතනවා මේ තරගාවලිය අපිට හොඳින් ඉවර කරන්න පුළුවන් වෙයි කියලා.”

ගියවර (2016) පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් කොදෙව් කාන්තා කණ්ඩායම, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම A කාණ්ඩය යටතේ තරග වදිනු අතර ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්තානය හා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදියි.

කමිල් සහ පසිඳු බස්නාහිර පළාත් මධ්‍යමට ශූරතාව රැගෙන යයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ තරග කාලසටහන

  • 2018 නොවැම්බර් 10 – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසිලන්ත කාන්තා කණ්ඩායම
  • 2018 නොවැම්බර් 12 – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම
  • 2018 නොවැම්බර් 14 – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා සුදුසුකම් ලබා ගන්නා පළමු කාන්තා කණ්ඩායම
  • 2018 නොවැම්බර් 16 – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා කොදෙව් කාන්තා කණ්ඩායම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<