“මගේ ඉනිම අවසන්”- සංගක්කාර

144

තිස් හත් හැවිරිදි වමත් ක්‍රීඩක කුමාර් සංගක්කාර පසුගිය සදුදා පි.සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවත් වුනු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව පැවති ඔහුගේ ක්‍රීඩා ජීවිතයෙන් සමුගැනීමේ කතාව ඔහුගේ සියලුම ක්‍රීඩා ලෝලීන්ගේ නෙතට කදුලක් එක් කරන්නට සමත් විය. 

“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තුමන්, ගෞරවනීය අග්‍රාමාත්‍ය තුමන්, මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම සුභ පතන්නන්, මාගේ මිත්‍රයින් හා පවුලේ සියලු දෙනාමත් මා මේ අවස්ථාවට පිළිගන්නා අතර මෙය අප සියලු දෙනා එකට එක් වන ඉතා දුර්ලභ අවස්ථාවක් ද වේ. එමෙන්ම විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්, ඇන්ජෙලෝ සහ මගේ කණ්ඩායමත් ඇතුලු විශාල පිරිසකට මේ අවස්ථාවේදී මා ස්තූති කළ යුතුයි” යනුවෙන් ඔහු සදහන් කර සිටියා. 

ප්‍රථමයෙන්ම තමන් උගත් පාසලට ඔහු ස්තූතිය පුද කර සිටියා. ” ප්‍රථමයෙන්ම මගේ පාසලින් පටන් ගන්නවා නම්, නුවර ත්‍රිත්ව විද්‍යාලය මට ඉතා හොදින් ක්‍රිඩා කිරීමට වාතාවරණය සළසා දුන්නා. මම මේ තත්වයට පැමිණීමට එය මා හට විශාල පිටිවහලක් විය. එමෙන්ම මගේ පියා මාව පුහුණුකරුවන් රැසක් වෙතට සහභාගී කෙරැ අතර ඒ සියලුම දෙනාටත් මා මේ මොහොතේ දී ස්තූති වන්ත වෙනව.”

එමෙන්ම ඔහුගේ මෙම ජීවන ගමනට උපකාර කළ සියලුම දෙනාට ද එම අවස්ථාවේදි ඔහුගේ උපහාරය පුද කර සිටියා. “මාගේ සියලුම හිටපු කණ්ඩායම් නායක වරුන්ටත්, ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවටත්, මාගේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ටත්, මා වෙනුවෙන් මේ වන තෙක් කර ඇති සියලුම දේ සදහාත් මා ස්තූති කර සිටිමි.”

සංගා ඔහුගේ පෞද්ගලික කළමණාකාර වරුන්ට ද මේ මොහොතේ දී තුති පුද කර සිටියා. “මගේ කළමණාකාර වරුන් පමණක් නොවන මගේ පවුලේ අයම වූ චාර්ලි සහ සුතාමි ඹස්ටින් හටද මාගේ කළමණාකාරිත්වය වෙනුවෙන් කැප වූවාට ස්තූති කර සිටිමි.” යනුවෙන් ඔහු සදහන් කළා. 

නෙතෙහි කදුලක් සගවාලමින් ඉතාමත්ම සංවේදීව සංගා ඔහුගේ දෙමාපියන්වද මේ මොහොතේ දී සිහි කර සිටියා. “මාගේ අනුප්‍රාණය වූයේ මගේ දෙමාපියන්ය. ඒ වගේම තමයි මට ඉතා වටිනා සහෝදර පිරිසක් ද සිටියා. මගේ දෙමාපියන්ගේ පුතා වීම පිළිබදව මම ඉතා සතුටු වෙනවා වගේම අවුරුදු 30 ක් ආපස්සට හැරී බලද්දී මා සමගින් හැම මොතෙම හිටපු මගේ පවුලට මම විශේෂයෙන් ස්තූති කළ යුතුයි. මම ක්‍රීඩා කළත් නැතත් මට නිදහසේ සිටීමට හැකි වූයේ මගේ ගෙදරයි. ඉතාමත්ම ස්තූතියි මගේ අම්මාටයි අප්පච්චිටයි.”

20/20 ලෝක කුසලාන හිමිකරුවා තමන්ගේ ක්‍රීඩා ලෝලීන්ට සහතික වුණා, ඔහු කෙසේ හෝ ක්‍රීඩා ප‍්‍රේක්ෂකයෙකු ලෙස සිටින බවට. “ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ගේ ඉදිරිපිට ක්‍රීඩා කිරීමට ලැබීම මා ලැබූ ගෞරවයක්. ඔබ සියලු දෙනාගෙන්ම ලැබුණු ආදරයටයි දිරි දීමටයි මම ස්තූති වන්ත වෙනවා. මගේ ඉනිම අවසන් වෙලා තියෙන්නේ. මම නැවතත් ජාත්‍යන්තර තරග වලට සහභාගී වෙන්නෙ නෑ. නමුත් මම කෙත්තාරාම, ගාල්ල වැනි වූ ස්ථාන වලට ඇවිත් අපේ නවකයින්ගේ දක්ෂතා නරඹනවා.”

අවසානයේ දී කුමාර සංගක්කාර තමන්ගේ කණ්ඩායමට සහ ඉන්දිය කණ්ඩායමට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අවසාන වශයෙන් විරාත් ට සහ ඔහුගේ කණ්ඩායම අපිට දැක් වූ සහයෝගයට ඉතාමත් ස්තූතියි. එමෙන්ම ඔබලා අපට දැඩි ප්‍රතිවාදී කණ්ඩායමක් වුණා. මේ අවස්ථාව අපට ගිළිහුණත් ඊළග අවස්ථාව අපි දිනනව. ඇන්ජෙලෝ සහ ඔහුගේ කණ්ඩායම අති විශිෂ්ඨ කණ්ඩායමක්. මම හිතනවා ඔබලා උපරිමයෙන් ක්‍රිඩා කරයි කියල. පරාජයට බිය විය යුතු නෑ. එමෙන්ම සෑම අවස්ථාවක දී ම අපගේ ජාතික කොඩිය ඉහළින් ම බබළවන්න.”