“ගමට රග්බි” වැඩසටහනේ තවත් එක් පියවරක් සාර්ථකව අවසන්

177
Rugby lays its foundation in Kuliyapitiya

“ගමට රග්බි” වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පසුගිය දා (15) කුලියාපිටිය සාරානාත් විද්‍යාල පිටියේ දී සාර්ථකව පැවැත්විය. එම වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ පාසල් 20ක් පමණ නියෝජනය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට අධික ප්‍රමාණයක් සහභාගි වී සිටියේය. එම පාසල් අතුරෙන් බොහෝමයක් පාසල් හී රග්බි කණ්ඩායමක් ද තිබුනේ නැත.

ගම් නියම්ගම් සිසාරා “ගමට රග්බි” ව්‍යාප්ත වෙයි

“ගමට රග්බි” වැඩසටහන් මාලාවේ තවත් එක් සාර්ථක වැඩසටහනක් පසුගිය සතියේ දී බදුල්ල මහියංගණය ප්‍රදේශයේ මහවැලි ගංගාව ආශ්‍රිතව පැවැත්විය…

මෙම ප්‍රදේශයේ දරුවන්ට මෙය නවමු ආකාරයක අත්දැකීමක් වූ අතර එම දරුවන් එහි දී උපදේශකවරුන්ගේ උපදෙස් අනුව හොඳින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ වැඩි ආධිපත්‍ය මධ්‍යම ප්‍රදේශය පුරාවට ව්‍යාප්ත වී ඇති අතර වයඹ පළාත තුළ ද රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇත. එසේම මෙම ප්‍රදේශය තුළින් පාසල් රග්බි ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒම ද තවත් අරමුණකි.

මෙම “ගමට රග්බි” වැඩසටහන පොළොන්නරුව ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර ඉන් පසුව අනුරාධපුර, කළුතර හා මහියංගණය යන ප්‍රදේශවල පැවැත්වූ වැඩසටහන්වලට පසුව පැවැත්වූයේ කුලියාපිටියේ පැවැත්වුණු මෙම වැඩසටහනයි. එය මේ දක්වා පැවැත්වූ වැඩසටහන් අතුරෙන් සාර්ථකම වැඩසටහන ලෙස ද හැඳින්වීමට හැකිය.

මෙම වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේ සිට දිස්ත්‍රික්ක 25ම අධ්‍යාපනික කළාප 99ම ආවරණය වන ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු සංවිධානය කරමින් පවතී.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් ඉදිරියේ දී රග්බි ක්‍රීඩාව දිවයින පුරාවටම ප්‍රචලිත කිරීමට සැලසුම් කිහිපයක්ම යොදා ඇති අතර පාසල්වල සිටින ගුරුවරුන් සතුව රග්බි පිළිබඳව කොතරම් දැනීමක් ඇත්ද යන්න බැලීමට 2019 වර්ෂයේ පෙබරවාරි මස අන්තර්ජාලය හරහා (online) පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සකස් කරමින් යන අතර ඒ සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද සහය ලැබෙනු ඇත.

එසේම මෙම වැඩසටහනට සහභාගී වූ ළමුන් අතර රග්බි පන්දු බෙදා හැරීම සිදු කළ අතර ඒ ඒ පාසල්වලට ද රග්බි පන්දු ලබා දෙන ලදි.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහි දී සිය අදහස් මෙසේ ප්‍රකාශ කරමින් පවසා සිටියේ,

“අපේ රටේ ප්‍රධාන වශයෙන් රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොළඹ හා මහනුවර ප්‍රදේශයේ පමණි. අපි කුරුණෑගල ප්‍රදේශය ගත්තොත් මලියදේව විද්‍යාලය හා සාන්ත ආනා විද්‍යාලය හැරෙන්නට රග්බි ක්‍රීඩාවේ නිරත වෙන පාසලක් නොමැති තරම්. මෙය වහාම වෙනස් වී රග්බි ක්‍රීඩාව දිවයින පුරාවටම ව්‍යාප්ත විය යුතුයි.”

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට පුහුණුකරුවන් රැසක් හා ඒ සඳහා සහභාගි වූ පාසල් කිහිපයකම ගුරුවරුන් ද පැමිණ තිබුණි.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට