පාසල් රැසක් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගනියි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

88

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (15) ක්‍රියාත්මක වූ අතර නිමාව දුටු තරග අතරින් පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට සාන්ත ජෝසප්, මහින්ද, මාතර සාන්ත තෝමස්, සාන්ත සෙබස්තියන් සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාල සමත් විය.

පූර්ණ ජයග්‍රහණයකින් මහානාමය මූලික වටයට තිත තබයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

දෙවන දිනයට පැවති තරග

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – ද මැසනොඩ් විද්‍යාලය
  • කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මෙම තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙරන් ෆොන්සේකා, ජොහෑන් ද සිල්වා, සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ නායක ශෙහාන් ප්‍රනාන්දු දක්ෂ පිතිකරණයක නිරත විය.

පන්දු යැවීමේ දී තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මලින්ද පෙරේරා සාන්ත ජෝසප් පළමු ඉනිමේ කඩුලු 6ක් ලකුණු 88ක් තුල දවාගෙන දස්කම් ප්‍රදර්ශනය කළේය.

සාන්ත ජෝසප් විද්‍යාලය – 298/8d (86) ශෙරන් ෆොන්සේකා 135, දිනෙත් ජයකොඩි 28, සදීෂ ජයවර්ධන 27, ජොහෑන් ද සිල්වා 27, ශිවාන් රසූල් 26, මලින්ද පෙරේරා 6/88, සනෝජ් පෙරේරා 2/34. සහ 153/4 (32.4) ජොහෑන් ද සිල්වා 62, දිනෙත් ජයකොඩි 39, ලක්ෂාන් ගමගේ 29

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 239 (69.2) ශෙහාන් ප්‍රනාන්දු 88, සනෝජ් පෙරේරා 46, යොහාන් සොයිසා 29, ශාලින්ද සෙනෙවිරත්න 3/43, මිරංග වික්‍රමගේ 3/63.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

රිච්මන්ඩ් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

දැවැන්ත ලකුණු  පුවරු වූ මේ තරගයේ පළමු ඉනිම ජය ගත්තේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි. රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 343ක් ලබා ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි. තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 46ක් ලබාගෙන ඉතාමත් ස්ථාවර මට්ටමක සිටි අතර නිෂිත අභිලාෂ්, බිහඟ මෙන්ඩිස්, ඉඳුවර ද අල්විස් සහ සුකිත ප්‍රසන්න අර්ධ ශතක ලබා ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 373ක් දක්වා රැගෙන ගියේය.

පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ මේ තරගය පුරාවටම පන්දුවෙන් දස්කම් දක්වමින් කැපී පෙනුණු දිලුම් සුධීර සාන්ත සෙබස්තියන් ඉනිමේ කඩුලු 7ක් බිඳ හෙලන ලදි. 

රිච්මන්ඩ් විද්‍යාලය – 343/9d (78.5) දිමුත් සඳරුවන් 113, කවිඳු නිර්මාණ 67, සඳුන් මෙන්ඩිස් 35, දිලුම් සුධීර 32, තවීෂ අභිෂේක් 28, රිශාන් රශ්මික 23, යෂාන් අවිශ්ක 2/42, සසික පෙරේරා 2/52, කලන සංදීප් 2/58.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 373 (112) නිෂිත අභිලාෂ් 85, බිහඟ මෙන්ඩිස් 60, ඉඳුවර ද අල්විස් 55, සුකිත ප්‍රසන්න 52, දුනිත් ජයතුංග 27, යෂාන් අවිශ්ක 26, දිලුම් සුධීර 7/144, කල්ප නෙත්සර 2/60.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

Video – ICCයෙන් නම් කළ යොවුන් ලෝක කුසලාන කණ්ඩායමේ අංක 03 පිතිකරු – රවිඳු රසාන්ත – Powerplay

සාන්ත තෝමස් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් ජාතික කණ්ඩායමට තේරී පත්වී 2020 19න්…

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – මහින්ද විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – ද මැසනොඩ් විද්‍යාලය

මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබාදීම වෙනුවෙන් වැඩිම දායකත්වය දක්වන ලද්දේ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක නවෝද් පරණවිතානයි. පරණවිතාන මේ තරගයේ දී ලබාගත් ශතකයට අමතරව කඩුලු 4ක් ද දවාලන ලදි. 

මහින්ද විද්‍යාලය – 272 (77) නවෝද් පරණවිතාන 109, කවිඳු ලක්ෂාන් 48, ඔසිඳු කාවින්ද්‍ය 36, ඩිනුර කළුපහන 34, සෙනාෂ් ප්‍රනාන්දු 4/94, ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර 3/50.

ද මැසනොඩ් විද්‍යාලය – 123 (29) සහන් කෝසල 67, කුශාන් මධූශ 3/26, නවෝද් පරණවිතාන 2/07, ඔසිඳු කාවින්ද්‍ය 2/31 සහ 118/3 (42) (F/O) සාලිය ජූඩ් 83*, නවෝද් පරණවිතාන 2/31.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය (B කාණ්ඩයේ තරගය) 

  • ස්ථානය – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

ගියවර දෙවන පෙළ තරගාවලියේ ක්‍රීඩකයින් ලෙස තරග වැදුණු මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය මෙවර පළමු පෙළ B කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් සිය මූලික වටයේ තරග 8 අවසන් කළේය. ඒ සාන්ත පීතර විද්‍යාලයට එරෙහිවත් පළමු ඉනිමේ ජයක් ලබා ගනිමිනි. 

ලසිත වරල්ලේගම, චමිඳු වික්‍රමසිංහ, ප්‍රභාත් සචින් සහ අංජන බණ්ඩාර ලබා ගත් අර්ධ ශතක සවියක් කරගනිමින් සාන්ත අන්තෝනි විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 385ක් ලබා ගන්නා ලදි.  දකුණතින් පිට දඟපන්දු යවන කනිෂ්ක මදුවන්ත ලකුණු 129කට කඩුලු 6ක් දවාගෙන සාන්ත අන්තෝනි පළමු ඉනිම එවැනි මට්ටමකට සීමා කිරීමට සවියක් විය.

Photos: St. Anthony’s College vs St. Peter’s College – 80th Encounter

පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම ලකුණු 191කට සීමා වූ නිසා නැවතත් ඔවුන්ගේ දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට සාන්ත අන්තෝනි විද්‍යාලය ඉඩකඩ ලබා දෙන ලදි. දිනය අවසන් වන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 149ක් ලබාගෙන සිටි නිසා ඉනිමක පරාජයෙන් ගැලවීමට ඔවුන්ට හැකි විය. පන්දු යැවීමේ දී නිම්නක ජයතිලක සාන්ත පීතර පළමු ඉනිමේ කඩුලු 4ක් දවා ගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 385 (85.4) ලසිත වරෙල්ලේගම 96, චමිඳු වික්‍රමසිංහ 81, ප්‍රභාත් සචින් 65, අංජන බණ්ඩාර 54*, කනිෂ්ක මදුවන්ත 6/129, දනාල් හේමනන්ද  2/89. 

සාන්ත පීතර විද්‍යාලය – 191 (51.1) ලහිරු චේතක 54, රුවින් සෙනෙවිරත්න 22, නිම්නක ජයතිලක 4/70, දිව්යේෂ් රාමයියා 2/14, සසිත් තෙන්න්නකොන් 2/58. සහ 149/5 (49) (F/O) ශැනොන් ප්‍රනාන්දු 55*, තරිඳු ළමාහේවගේ 2/10.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

Video – අන්තර්ජාතික තරගවල දී ශ්‍රී ලංකාව පරාජය කළ ශ්‍රී ලාංකිකයන් – Sri Lankan coaches who challenged Sri Lanka

බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩයමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හෙබවූ නවීඩ් නවාස්,…

රාජකීය විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය (සුහද කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – වෙස්ලි විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය

කාමිල් මිශාර ලබා ගත් අගනා ලකුණු 141 රාජකීය පළමු ඉනිම ලකුණු 323ක් දක්වා ඔසවා තැබූ නමුත් තවත් කඩුලු 4ක් ඉතිරිව තිබිය දී ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවමින් වෙස්ලි විද්‍යාලයට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දෙන ලදි. 

ඔවුන් පන්දුවාර 110කුත් පන්දු 4ක් වැය කරමින් සියල්ලන්ම දැවී ලකුණු 255ක් ලබාගත්තේ සාහිල් ඩයස් ලබා ගත් අර්ධ ශතකය මූලික කරගෙනයි. 

රාජකීය විද්‍යාලය – 323/6d (85) කමිල් මිශාර 141, කවිඳු මදාරසිංහ 41, තෙවිඳු සේනාරත්න 31, ඉසිවර දිසනායක 30, රාහුල් ගුණසේකර 4/76.

වෙස්ලි විද්‍යාලය – 255 (110.4) සාහිල් ඩයස් 51, ලක්ෂාන් රුවන්ත 34*, නිම්තක අධිකාරි 32, තේනුක පෙරේරා 30, සෙමිල ලියනගේ 27, ගිශාන් බාලසූරිය 3/28, කවිඳු පතිරත්න 2/63, ලහිරු මධුසංක 2/46.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

  • ස්ථානය – සාන්ත ආනා විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය  – සාන්ත ආනා විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිමේ ලකුණු සටහන ඉතාමත් වේගවත් ලෙස ක්‍රියාත්මක වූ මේ තරගයේ පළමු ඉනිම ජය ගත්තේ සාන්ත ආනා විද්‍යාලයයි. මේ තරගය පුරාවට දිල්හාර දේශබන්ධු ,  ලසිත් වර්ණකුලසූරිය සහ නායක කවිඳු රණසිංහ ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වෙන ලදි. 

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් නායක ලොහාන් ද සොයිසා පළමු ඉනිමේ කඩුලු 5ක් දවා ගන්නා විට, කවිඳු නදීශාන් ලකුණු 56ක් ලබාගනිමින් සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය. ධර්මාශෝක පිතිකරුවන් අසාර්ථක කළ දකුණතින් පිට දඟපන්දු යවන මනාන් මුසම්මිල් කඩුලු 5ක් දවා ගන්නා ලදි. 

සාන්ත ආනා විද්‍යාලය – 220 (73.3) දිල්හාර දේශබන්ධු 57, ලසිත් වර්ණකුලසූරිය 37, කවිඳු රණසිංහ 33, පිවිතු ප්‍රනාන්දු 33, තිමල්ෂ සිල්වා 24, ලොහාන් ද සොයිසා 5/64, මනීෂ රශ්මික 3/34. 318/7d (55.4) රිෂිත පෙරේරා 83, කවිඳු රණසිංහ 79, ලසිත් වර්ණකුලසූරිය 58*, දිල්හාර දේශබන්ධු 43, අයේෂ් හිරුෂ 3/54, මනීෂ රශ්මික 2/47.

ධර්මාශෝක විද්‍යාලය – 203 (68.5) කවිඳු නදීශාන් 56, සනුල ගුණරත්න 34, ලොහාන් ද සොයිසා 23, මනාන් මුසම්මිල් 5/87, පසිඳු තෙන්නකෝන් 3/51, කවිඳු රණසිංහ 2/17.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත ආනා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය) 

  • ස්ථානය – මීගමුව කදිරාන ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මේ තරගයේ දී වොෂිත අමරසිංහ, හිරන්ත ලක්ෂාන් සහ සචිර රශ්මික සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දක්වන ලදි. 

සාන්ත තෝමස් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම තුල ලබාගත් ලකුණු 228ට පිළිතුරු ලෙස  සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 147ක් ලබා ගත්තේය. ලකුණු 81ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 104ක් ලබා ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටවූ නිසා සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට තරගය ජය ගැනීම සඳහා ලකුණු 186ක ඉලක්කයක් හිමි විය. 

මේ තරගය ජය ගැනීම වෙනුවෙන් උපරිම සටනක් දුන් නිපුන් ධනංජය වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 44ක් ලබාගත් අතර පන්දුවාර 15ක් අවසානයේ ඔවුන් කඩුලු 5ක් දැවි ලකුණු 109ක් ලබාගෙන සිටියේය. කෙසේ නමුත් දිනයේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් ව තිබූ නිසා පූර්ණ තරග ප්‍රතිඵලයක් ලබා ගැනීමට තිබූ මේ තරගය මුල් ඉනිමේ ජයකට සීමා විය.

සාන්ත තෝමස් විද්‍යාලය – 228 (80.2) වොෂිත අමරසිංහ 109*, නිපුන් ධනංජය 5/80, චමත් ප්‍රනාන්දු 3/28, මෙනූෂ පෙරේරා 2/48. සහ 104/4d (28.1) හිරන්ත ලක්ෂාන් 63, සචින්ත රණසිංහ 30, ශෝන් ශෙනිල් 2/17, මෙනූෂ පෙරේරා  2/29

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 147 (62.1) මෙනූෂ පෙරේරා 32, නිපුන් ධනංජය 21, සචිර රශ්මික 3/35, සෙනුර පෙරේරා 2/18, හිරුෂ ජීවජිත් 2/24 සහ 109/5 (15) නිපුන් ධනංජය 44, අචින්ත ප්‍රනාන්දු 28, සිනෙත් සිතාර 2/09, සචිර රශ්මික 2/50.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

පළමු දිනයට පැවති තරගය 

ධර්මරාජ විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය (සුහද තරගය)

  • ස්ථානය – ධර්මරාජ විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය 

ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 254/8 (87.3) චේතිය ඒකනායක 69, ජනිත් ගුණතුංග 48, විරාජිත් ඇහැලේපොල 35*, දිනුක පතිරාජ 24, අදීශ පෙරේරා 3/63, සවිරු බණ්ඩාර 2/53, ලක්ෂාන් ප්‍රනාන්දු 2/42

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරගය අද (17) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<