ගෙවුණු දවස ජනවාරි 27 – ශ්‍රී ලංකාව නැවතත් ජය මඟට

154

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

තරගාවලි 7කට පසු ශ්‍රී ලංකාවට ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙත පතිත වී ඇති කළු වළාවන් පළවා හැරීමේ වසරක් ආරම්භ කරමින් බංග්ලාදේශයේ දී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් වීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ (27) සමත් වෙති. මෙම තරගාවලි ජයග්‍රහණය තරගාවලි 7කට පසුව ශ්‍රී ලංකාව ලබන්නේ වසරක පමණ කාලයකට පසුව ජයග්‍රාහී මාවත පිවිසෙමිනි.

තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක බංග්ලාදේශය සමග පැවති අතර එහි දී ඔවුන්ට ලකුණු 79ක පරාජයක් විඳීමට සිදු වූහ.  

ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 221 (50.0) උපුල් තරංග 56, කුසල් මෙන්ඩිස් 28, නිරෝෂන් දික්වැල්ල 42, දිනේෂ් චන්දිමාල් 45, මුස්ටෆිසුර් රෙහෙමන් 2/29, රුබෙල් හුසේන් 4/46

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 142 (41.1) මුෂ්ෆිකර් රහීම් 22, මහමුදුල්ලා 76, දුශ්මන්ත චමීර 2/17, ශෙහාන් මධුශංක 3/26, අකිල ධනංජය 2/30

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව කළු වළාවන් මත රිදී රේඛා ද ඇති බැව් සපථ කරයි


එස්. එස්. සී සමාජය වේලාසනින් තරගය නිමා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A  සුපිරි 8 වටයේ සිව්දින තරගාවලියේ තෙවැනි දිනයේ දී ම ජයග්‍රහණයක් වාර්තා කිරීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ ඊයේ (27) සමත් වූහ. වරාය අධිකාරිය කණ්ඩායම සමඟ පැවති මෙම තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ඊයේ නිමා විය.

මේ අතර ඊයේ පැවති පළඟ වටයේ තරගවල දී සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන මාධව වර්ණපුර සහ ලසිත් අබේරත්න ශතක ලබමින් කැපී පෙණුණි.  

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (44.2) යොහාන් ද සිල්වා 24,  යසෝද ලංකා 21, ගිහාන් රූපසිංහ 36, අනුක් ද අල්විස් නොදැවී 39, දසුන් ශානක 3/26, සචිත්‍ර සේනානායක 3/40, ජෙෆ්රි වැන්ඩර්සේ 3/28

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 413 (110.4) මිනෝද් භානුක 20, කෞෂාල් සිල්වා 120, මිලින්ද සිරිවර්ධන 49, කවිඳු කුලසේකර 78, චාමර කපුගෙදර 109, අකලංක ගනේගම 3/99, චානක කොමසාරු 4/119, චලනක වීරසිංහ 2/79

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 166 (40.1) යසෝද ලංකා 67, ගිහාන් රූපසිංහ 24, දසුන් ශානක 3/64, සචිත්‍ර සේනානායක 3/11, ජෙෆ්රි වැන්ඩර්සේ 3/40

සම්පූර්ණ වාර්තාව: එස්. එස්. සී. ක්‍රීඩකයෝ වරාය වේලාසනින්ම ගිල්වා දමති


    රග්බි    

CR, මහනුවර සහ පොලිස් ජයග්‍රහණ වාර්තා කරති

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ දොළොස් වන සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් ඊයේ (06) පැවැත්විය.

ඒ එක් තරගයක දී CR & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා සමාජයත් හැව්ලොක් පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 30-22ක් වශයෙන් තරගය ජය ගැනීමට CR & FC ක්‍රීඩකයන් සමත් විය.

අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය වැලිසර දී තරග වැදුණු අතර, තියුණු තරගයකින් අනතුරුව ලකුණු 41-17ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් තරගයෙන් ලකුණු 18-12ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න

දිනයක නිමාව