ත්‍රිත්ව ප්‍රහාරය හමුවේ සාන්ත තෝමසුවන්ට දැඩි අලාභ හානි

128
STC vs TCK

Canon ආර්. එස් ඩි සේරම් පලිහ අඛණ්ඩව සිව්වැනි වතාවටත් ජය ගනිමින් 2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලියට සුපිරි ආරම්භයක් ලබා ගන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා. ඒ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 17-08ක් ලෙස පරාජය කරමින්. තරගය පැවැත්වුණේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ දී.

රැන්ඩ්ල්ස් හිල් සෙබළුන් ඉදිරියේ ජෝසප් මෙහෙයුම අසාර්ථක වෙයි

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක් කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී……

සාන්ත තෝමස් කණ්ඩායම තරගයේ පළමු මිනිත්තුවේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර ඒ නිසාම ඔවුන් ලකුණු 07-08ක් ලෙස පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට ද සමත් වුනා. 

කෙසේ වෙතත් තරගය පුරාවටම කණ්ඩායම් දෙකම අතපසුවීම් රාශියක් සිදු කළේ ලකුණු රැස් කිරීමට තිබුණු අවස්ථා රැසක්ම අපතේ යවමින්. එමෙන්ම කණ්ඩායම් එකම පන්දුව හැසිරවීමේ දී අතපසුවීම් රාශියක්ම සිදු කිරීම කැපී පෙනුණා.

පළමු මිනිත්තුවේ සිටම ආක්‍රමණයේ යෙදුණු සාන්ත තෝමස් ඉදිරිපෙළ පියවරෙන් පියවර ඉදිරියට ඇදුණු අතර Line Out අවස්ථාවකින් පන්දුව ලබා ගෙන ජනිඳු තිලකරත්න Rolling maul අවස්ථාවකින් ලකුණු රැස් කළා. යාන් ඩි සොයිසාගේ ප්‍රවර්තනය ගෝල කණු කරා ළඟා වුනේ නැහැ. (ත්‍රිත්ව 00-05 සාන්ත තෝමස්)

අනතුරුව කණ්ඩායම් දෙකම අතපසු වීම් රැසක්ම සිදු කිරීම කැපී පෙනුණා. සකිත් පෙරේරා ත්‍රිත්ව ආරක්ෂක වළල්ල මඟ හරිමින් ඉදිරියට ධාවනයේ යෙදුනත්, ඔහුට ධවල රේඛාව කරා ළඟා වන්නට සමත් වුනේ නැහැ. 

තර්ස්ටන් ප්‍රහාරයෙන් මරාදාන විරුවන් අසරණ වෙයි

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (06) දින රාජගිරියේ පිහිටි ආනන්ද විද්‍යාල……

රාහුල් ධනරාජ් කහ කාඩ්පතක් ලබා ගැනීම තවත් විශේෂත්වයක් වුනා. එහි වාසිය ලබාගත් තෝමස් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් කරා ඉදිරියට ඇදුනත් එම උත්සහය අසාර්ථක වුණු නමුත් යාන් ඩි සොයිසා දඬුවම් පහරකින් ලකුණු රැස් කළා. (ත්‍රිත්ව 00-08 සාන්ත තෝමස්)

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආසිරි කොඩිතුවක්කු ධවල රේඛාව ඉක්මවා ගියා. තුමුදිත දොඩන්තැන්න අමතර ලකුණු ද එකතු කළේ ලකුණු පරතරය එක් ලකුණකට සීමා කරමින්.

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 07 – 08 සාන්ත තෝමස් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයත් සමඟ ක්‍රියාත්මක වුණු රාහුල් ධනරාජ් සිය කහ කාඩ්පතේ වරද නිවැරදි කර ගනිමින් දෙවන ත්‍රිත්ව උත්සාහක දිනුම වාර්තා කළා. දොඩන්වත්තගේ ප්‍රවර්තනය සාර්ථක වුනේ නැහැ. (ත්‍රිත්ව 12-08 සාන්ත තෝමස්)

සාන්ත තෝමස් නායක සකිත් පෙරේරා ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට කළ භයානක බාධා කිරීමක් නිසා ඔහුට කාඩ්පතක් හිමි වුණු අතර එහි වාසිය ලබා ගත් කූජන කුලතුංග ධවල රේඛාව ඉක්මවා ගියත් පන්දුව Held up අවස්ථාවකට ලක් වීම නිසා එම අවස්ථාව අපතේ ගියා. ආසිරි කොඩිතුවක්කු හට ද කහ කාඩ්පතක් ලැබුණේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ගණන 14කට සීමා කරමින්.

අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පැමිණි දුලාර අලවත්තේගම ත්‍රිත්ව විද්‍යාලයේ තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය නැවත වතාවක් ඔවුන්ට සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

A කාණ්ඩය ඉලක්ක කරගත් ලුම්බිණි විද්‍යාලය

B කාණ්ඩයේ පාසල් රග්බි පිටියේ තරගකාරීත්වය පසුගිය වසර තුල අන් කවරදාකටත් වඩා වැඩියෙන් දක්නට ලැබීම…..

අවසන් මිනිත්තු තුනේ දී ශනිල් සමරක්කොඩි හා යාන් ඩී සොයිසා යන ක්‍රීඩකයින් දෙදෙනාටම කහ කාඩ්පත් ලැබීම නිසා සාන්ත තෝමස් කණ්ඩායම දැඩි අර්බුදයකට ලක් වුණු අතර ඒ නිසාම ඔවුන්ට යළි තරගයට පිවිසීම ඉතාමත්ම අපහසු වුනා. 

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 17 (3T 1C) – සාන්ත තෝමස් විද්‍යාලය 08 (1T 1P)

තරගයේ වීරයා – රුවිශාන් පනන්වල (ත්‍රිත්ව)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ත්‍රිත්ව විද්‍යාලය – ආසිරි කොඩිතුවක්කු (1T), රාහුල් ධනරාජ් (1T), දුලාර අලවත්තේගම (1T)
  • සාන්ත තෝමස් විද්‍යාලය – ජනිඳු තිලකරත්න (1T), ජාන් ඩී සොයිසා (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<