පුස්සෙගොල්ල හා අක්‍රම්ගෙන් දක්ෂ පන්දු යැවීමක්

488
MCA B Division

Fair and Lovely හා යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සවිබල ගන්වනු ලබන වෙළඳසේවා වෙළඳ සංගම් B ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග (29) කිහිපයක් අදත් පැවැත්විය.

Red Bull කුසලානය ශ්‍රී ලංකාවට

6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අද (29) කොළඹ එස්. එස්. සී. පිටියේ දී..

කොමර්ෂල් ක්‍රෙඩිට් (B) හා එක්ස්පෝ ලංකා

එක්ස්පෝ ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමි වූ මේ තරගය වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී පැවැත්විණි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ එක්ස්පෝ ලංකා කණ්ඩායම පළමුව පන්දු යවා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ලකුණු 161කට සීමා කරන ලදි. දකුණතින් පිත්ත හසුරුවන නිලූෂ උත්තමදාස 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 37ක් ලබා ගත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් කරමිනි. දඟපන්දු යවන මදුර ලක්මාල් කඩුලු 3යි.

ඩිලාන් ජයලත් හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක විශ්ව චතුරංග එක්ව පිළිවෙළින් ලකුණු 68ක් හා ලකුණු 42ක් ලබා ගනිමින් එක්ස්පෝ ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර ඔවුන් පන්දුවාර 27යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සම්පූර්ණ කර ගන්නා ලදි.

කොමර්ෂල් ක්‍රෙඩිට් (B) – 161 (47.2) නිලූෂ උත්තමදාස 37, සමික රුවන් 25, අදීශ තිලංචන 25, මදුර ලක්මාල් 3/24, ලියොඩ් ස්පීරින් 2/14

එක්ස්පෝ ලංකා – 163/3 (27.5): ඩිලාන් ජයලත් 68, විශ්ව චතුරංග 42, නදීර ප්‍රභාත් 23*.


ජෝන් කීල්ස් B හා CDB

ශස්රික පුස්සෙගොල්ලගේ දක්ෂ පන්දු යැවීමෙන් වර්ණවත් වූ මේ තරගය කොළඹ බී. ආර්. සී පිටියේ දී නිමාව දුටුවේ ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් හිමිකර දෙමිනි.

කාසියේ වාසිය දිනා ගත් CDB කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 133ක් පමණි. චතුරංග මදවංස ලකුණු 42ක් ලබාගෙන CDB ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී ඔහුට සහය වූ ශලුක සිල්වා ලකුණු 24*ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී ශස්රික පුස්සෙගොල්ල ලකුණු 25කට කඩුලු 4යි.

ශ්‍රී ලංකා යෞවනයෝ ජයග්‍රහණයකින් ආසියානු කුසලාන අරඹයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමාවත් සමඟ බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් ඇරඹි..

CDB ලබාගත් ලකුණු 133ට පිළිතුරු දුන් ජෝන් කීල්ස් කණ්ඩායම පන්දු 29කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ අශාන් පීරිස් හා නාලාන්දා විද්‍යාලයේ හිටපු ක්‍රීඩක මාලිංග අමරසිංහගේ පිතිකරණය සවියක් කරගෙනයි.

CDB – 133 (34.3): චතුරංග මදවංස 42, ශලුක සිල්වා 24*, ශස්රික පුස්සෙගොල්ල 4/25, තරිඳු රත්නායක 2/30.

ජෝන් කීල්ස් – 134/7 (29.5): අශාන් පීරිස් 39, මාලිංග අමරසිංහ 30, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 3/34.


යුනිලීවර් ශ්‍රී ලංකා හා හැටන් නැෂනල් බැංකු A

කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වූ මේ තරගයෙන් හැටන් නැෂනල් බැංකු A කණ්ඩායම කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනා ගත් හැටන් නැෂනල් බැංකුව පළමුව පන්දුවට පහර දුන් යුනිලීවර් කණ්ඩායම ලකුණු 96කට සීමා කළ අතර එහි දී යුනිලීවර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ දකුණතින් පිත්ත හසුරුවන අසංක සිල්වායි. 4 පහර 3ක් සමඟ ඔහු ලකුණු 33ක් ලබා ගන්නා ලදි.

ලකුණු 97ක පහසු ඉලක්කයක් හඹා ගිය හැටන් නැෂනල් බැංකුව පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සිය ජයග්‍රහණය සපුරා ගත්තේ සවන ප්‍රභාෂ් හා දේශාන් ඩයස් පළමු කඩුල්ල වෙනුවෙන් රැස්කරගත් අගනා සබඳතාවය ද ඉවහල් කරගෙනයි. සවන පුභාෂ් ලකුණු 58*යි.

යුනිලීවර් ශ්‍රී ලංකා – 96 (32): අසංක සිල්වා 33, මොහොමඩ් අක්‍රම් 5/45.

හැටන් නැෂනල් බැංකුව – 99/0 (19.2): සවන ප්‍රභාෂ් 58*, දේශාන් ඩයස් 40*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<