ශූරයින් සමඟ එකම කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව 19න් පහළ ලෝක කුසලානයට

99

13 වැනි වතාවට පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි 17 වැනිදා සිට පෙබරවාරි 9 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙනු ඇත. එහි තරග කාලසටහන අද (24) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිල වශයෙන් නිවේදනය කළේය.

තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්ට T10 වරම්

ලබන වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත T10 ක්‍රිකට්….

කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වේ. ශ්‍රී ලංකාව එහි A කාණ්ඩය යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාවට අමතරව ජපානය, නවසීලන්තය හා ගියවර ලෝක ශූරතාව දිනා ගත් ඉන්දියාව A කාණ්ඩය යටතේ තරග වදිනු ලැබේ. 

දකුණු අප්‍රිකාව 1998 වසරේ පැවති 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද සත්කාරකත්වය දැක්වූ අතර 2014 වසරේ ලෝක ශූරතාව දිනා ගැනීමට ද ඔවුන් සමත් විය.

තරගාවලියේ මූලික වටයේ තරගවල දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනු ලබන පළමු තරගය ජනවාරි 19 වැනිදා ඉන්දියාව සමඟ පැවැත්වේ. ඊට අමතරව ශ්‍රී ලංකාව තරග වදිනු ලබන අනෙක් තරග දෙක නවසීලන්තය හා ජපානය සමඟ පිළිවෙළින් ජනවාරි 22 හා 25 යන දිනවල දී පැවැත්වේ. 

මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩ හතරේ පළමු ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් 8 තරගාවලියේ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. එතැන් සිට අවසන් මහා තරගය දක්වා තරගාවලිය ක්‍රියාත්මක වන්නේ පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයටයි.

කෙසේ නමුත් මූලික වටයේ සිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව නොලැබුණු කණ්ඩායම් 8 පලිහ ශූරතාව වෙනුවෙන් තරග වදිනු ලැබේ. අවසන් වරට නවසීලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පලිහ ශූරතාව (9 වැනි ස්ථානය) දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. 

දකුණු ආසියානු ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිත නිකුත් වෙයි

2019 වසරේ දෙසැම්බර් මස දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව……

1988 සිට මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම 2000 වසරේ දී ලෝක අනුශූරයින් බවට පත්වූ අතර එහි දී ශ්‍රී ලංකා නායකත්වය දරනු ලැබුවේ මලින්ත ගජනායක විසිනි. අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත් වූ නිසා අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය. 

1988 වසරේ සිට පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම වතාවක් ශූරතාව දිනාගෙන තිබෙන ඉන්දීය කණ්ඩායම සිව්වතාවක් ලෝක ශූරතාව දිනා ගන්නා විට, ඕස්ට්‍රේලියාව තුන්වතාවක් ශූරතාව ජයගෙන තිබේ. 

ඊට අමතරව එංගලන්තය හා දකුණු අප්‍රිකාව දෙවතාවක් ශූරතාව දිනාගෙන ඇති අතර එම රටවල් වලට අමතරව දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් වතාව බැගින් ශූරතාවයේ හිමිකරුවන් වී තිබේ.

සවන් සහ නවීන් නැගී එන පිටියේ දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (23) නිමා වූ තරගවල දී දක්ෂතා…….

තරග වදින කාණ්ඩ,

  • A කාණ්ඩය – ඉන්දියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, ජපානය 
  • B කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නයිජීරියාව 
  • C කාණ්ඩය – පාකිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය 
  • D කාණ්ඩය – ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කැනඩාව

ශ්‍රී ලංකා තරග කාලසටහන (මූලික වටයේ),

  • ජනවාරි 19 (ඉරිදා) – ඉන්දියාව සමඟ බ්ලූම්ෆොන්ටයින් හිදී (North West University Oval)
  • ජනවාරි 22 (බදාදා) – නවසීලන්තය සමඟ බ්ලූම්ෆොන්ටයින් හිදී (Mangaung Oval)
  • ජනවාරි 25 (සෙනසුරාදා) – ජපානය සමඟ පොචෙෆ්ස්ට්රූම් හිදී (Mangaung Oval)

සම්පූර්ණ තරග කාලසටහන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<