SAG යන ක්‍රිකට් සංචිතයේ නායකත්වය අසලංකට සහ හර්ෂිතාට 

88

2019 වසරේ දෙසැම්බර් මස දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන පිරිමි සහ කාන්තා කණ්ඩායමේ නායකත්වයන් පිළිවෙළින් චරිත් අසලංක හා හර්ශිතා සමරවික්‍රම වෙත ලබා දී තිබේ. 

ඔත්තු බැලීම ඔට්ටු ද? එංගලන්ත පුහුණුකරුගෙන් සැර ප්‍රකාශ කිහිපයක්

මෙවර Webb Ellis ලෝක කුසලානයේ සැබෑ උරුමකරුවා සොයා යන ගමන්….

දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් පැවති තරගාවලිවල දී ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කළ දෙවැනි අවස්ථාව වන්නේ මෙවර තරගාවලියයි. මීට පෙර 2010 බංග්ලාදේශයේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා පළමු වතාවට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන ලදි. 

එවර තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම වන අතර අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි විය. 

එවර තරගාවලිය වයස අවුරුදු 21න් පහළ තරගාවලියක් ලෙස පැවැත්වූවත් මෙවර තරගාවලිය 23න් පහළ වයස් කාණ්ඩය යටතේ පැවැත්වීමට නියමිතයි. 2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරග ඉසව්වක් පැවැත්වුණු නමුත් කාන්තාවන් සඳහා එහි අවස්ථාව ලැබෙන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

නම් කරන ලද ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ උපනායකයා ලෙස එක්දින ජාත්‍යන්තර තරග දෙකක දී සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ව පත් කර තිබේ. 

කාන්තා කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටින හර්ෂිතා සමරවික්‍රම මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ද වේ.

රෝහිත්ගේ ද්විත්ව ශතකය නිසා දකුණු අප්‍රිකාවට තවත් ඉනිමක පරාජයක්!

තම සත්කාරකත්වය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග 3කින්….

නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.  

ශ්‍රී ලංකා පිරිමි සංචිතය – චරිත් අසලංකා (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, අශේන් බණ්ඩාර, සම්මු අශාන්, නිශාන් මදුශ්ක, ජෙහාන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, දුවිඳු තිලකරත්න, සචිඳු කොළඹගේ,  කවිෂ්ක අංජුල.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය – හර්ශිතා මාධවී (නායිකාව), කවිෂ්කා දිල්හාරි (උප නායිකව), සත්‍යා සංදීපනී, උමේෂා තිමාශනී, තාරිකා සෙව්වන්දි, ලිහිණි අප්සරා, ජිමන්ජලී විජේනායක, සචිනි නිසංසලා,  නිලක්ෂනා සඳමිණි, මල්ෂා ශෙහානි, තාරුකා ශෙහානි, ශිකාරි නුවන්තා, සචිනි ද සිල්වා, ජනදි අනාලි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<