Home Sinhala මෙන්ඩිස් සහ වනිඳු ලෝක කුසලානයට පෙර හොඳින් මුවහත් වෙයි

මෙන්ඩිස් සහ වනිඳු ලෝක කුසලානයට පෙර හොඳින් මුවහත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022 - පුහුණු තරග

563
Getty Images

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගය අද (11) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී නිමාවට පත්වුනා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එම තරගයෙන් ලකුණු 33ක පහසු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක Craig Ervine පළමුව පන්දු රැකීමට තීරණය කළා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පන්දු 31ක් තුල වේගවත් ලකුණු 57ක සාර්ථක සහ වේගවත් ආරම්භක සබඳතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ආරම්භය ස්ථාවර කළා.

එහි දී නිස්සංක ලකුණු 21කට දැවී ගියත් මෙන්ඩිස් අනෙක් අන්තයෙන් සිය ප්‍රහාරය දියත් කරමින් අර්ධ ශතකයක් ලබා ගත්තා. 4 පහර 6ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් පන්දු 29ක් වැය වූ මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 54කට සීමා කිරීමට Ryan Burl සමත් වුනා.

අනතුරුව ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු 3ක් ඉක්මනින් බිඳ වැටුණු නමුත් ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා සහ භානුක රාජපක්ෂ ලකුණු 17 බැගින් ලබාගනිමින් ශ්‍රී ලංකා මැදපෙළට යම් ස්ථාවරත්වයක් ලබා දුන්නා.

පන්දුවාර 16ක් අවසානයේ දී ලකුණු 133කට කඩුලු 5ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු සටහනට අවසන් පන්දුවාර 4 තුල ලකුණු 55ක් එක් කරමින් සිම්බාබ්වේ පන්දු යවන්නන් නොසිතූ ලකුණක් වෙත ශ්‍රී ලංකාව ඔසවා තබන්නට නායක දසුන් ශානක (පන්දු 16 ලකුණු 13*) සහ වනිඳු හසරංග (පන්දු 14 ලකුණු 37*) සමත් වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 188ක් ලබා ගන්නට සමත් වුනා.

පන්දු යැවීමේ දී Milton Shumba, Wesley Madhevere, Ryan Burl, Sikandar Raza සහ Brad Evans  කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනා ලකුණු අතරට පැමිණි අතර Wesley Madhevere ලකුණු 43ක් ලබාගෙන ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනා.

නමුත් ඔවුන්ගේ ප්‍රධානතම පිතිකරුවන් දෙදෙනෙක් වන Sean Williams සහ Sikandar Raza ඉක්මනින්ම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනු නිසාවෙන් හොඳින් තරගයට අවතීර්ණ වන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. Milton Shumba ලකුණු 32යි.

ඒ ලබා ගත් ජවය තරගයේ අවසානයේ දක්වා සිම්බාබ්වේ කණ්ඩායමට පීඩනයක් බවට පත් කිරීමට මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

අවසානයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලබා ගන්නට හැකියාව ලැබුණේ ලකුණු 155ක් පමණයි.

Result


Sri Lanka
188/5 (20)

Zimbabwe
155/5 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Craig Ervine b Brad Evans 21 15 3 0 140.00
Kusal Mendis c Richard Ngarava b Ryan Burl 54 29 6 3 186.21
Dhananjaya de Silva c Sean Williams b Sikandar Raza 17 16 2 0 106.25
Dhanushka Gunathilake c Craig Ervine b Milton Shumba 17 18 1 0 94.44
Bhanuka Rajapaksa c Clive Madande b Wesly Madhevere 17 16 2 0 106.25
Dasun Shanaka not out 16 13 2 0 123.08
Wanidu Hasaranga not out 37 14 4 2 264.29


Extras 9 (b 0 , lb 5 , nb 1, w 3, pen 0)
Total 188/5 (20 Overs, RR: 9.4)
Bowling O M R W Econ
Tendai Chatara 2 0 23 0 11.50
Richard Ngarava 2 0 22 0 11.00
Blessing Muzarabani 2 0 27 0 13.50
Brad Evans 2 0 18 1 9.00
Wellington Masakadza 2 0 21 0 10.50
Ryan Burl 2 0 13 1 6.50
Sikandar Raza 2 0 8 1 4.00
Sean Williams 2 0 13 0 6.50
Wesly Madhevere 1 0 8 1 8.00
Milton Shumba 1 0 7 1 7.00
Luke Jongwe 2 0 23 0 11.50


Batsmen R B 4s 6s SR
Regis Chakabva c Kusal Mendis b Chamika Karunaratne 20 15 3 0 133.33
Craig Ervine b Maheesh Theekshana 23 15 3 0 153.33
Wesly Madhevere -select- b 43 42 3 0 102.38
Sean Williams c Bhanuka Rajapaksa b Maheesh Theekshana 2 4 0 0 50.00
Sikandar Raza c Dhananjaya de Silva b Chamika Karunaratne 1 2 0 0 50.00
Milton Shumba b Maheesh Theekshana 32 25 4 0 128.00
Ryan Burl not out 12 10 0 0 120.00
Tony Munyonga not out 12 7 1 0 171.43


Extras 10 (b 1 , lb 1 , nb 0, w 8, pen 0)
Total 155/5 (20 Overs, RR: 7.75)
Bowling O M R W Econ
Dilshan Madushanka 4 0 25 0 6.25
Maheesh Theekshana 5 0 44 3 8.80
Dushmantha Chameera 4 0 36 0 9.00
Chamika Karunaratne 3 0 26 2 8.67
Wanidu Hasaranga 4 0 22 0 5.50



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි සහ අවසන් පුහුණු තරගය මේ මස 13 වැනිදා අයර්ලන්ත කණ්ඩායම සමඟ Junction Oval  හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<