ගේල්ට අභියෝගයක් වන්නට එංගලන්තයෙන් යොවුන් ක්‍රීඩකයෙක්

247
Getty Images

සරේ ප්‍රාන්ත කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයෙකු වන විල් ජැක්ස්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් තබා තිබූ වාර්තාවක් බිඳ හෙළීමට පසුගිය දා සමත් විය.

ඒ ක්‍රිස් ගේල් 2013 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී පන්දු 30ක දී වාර්තා කර තිබූ වේගවත් ශතක වාර්තාවයි.

කෙසේ නමුත් මෙය නිල වාර්තාවක් ලෙස සැලකීමට නොහැක්කේ මෙම තරගය නිල වශයෙන් පැවැත්වූ තරගයක් නොවන නිසාවෙනි.

තරග තහනමින් පසු කැමරන්ට නායකත්වයක්

පන්දුව පළුදු කිරීමේ සිදුවීමකට තරග තහනමට ලක්ව සිටි ඕස්ට්‍රේලියාවේ කැමරන් බෑන්ක්‍රොෆ්ට්, තරග තහනමින් පසුව ඔහුට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන…

එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 1010 හෙවත් T10 තරගාවලියේ ලැන්කෂයර් කණ්ඩායමට එරෙහි තරගයේ දී විල් ජැක්ස් විසින් මෙම දක්ෂතාව දක්වා තිබේ.

ප්‍රතිවාදී ලැන්කෂයර් කණ්ඩායමේ ස්ටෙෆාන් පැරීගේ පන්දුවාරයට අඛණ්ඩව හයේ පහර 6ක් එල්ල කිරීමට ද විල් ජැක්ස් සමත් විය.

පසුගිය වසරේ දෙසැම්බර් පළමු වැනිදා පන්දුවාර 1010 ලීග් ක්‍රිකට් තරගාවලියේ බෙන්ගාල් ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව මරාතා ඇරබියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඇලෙක්ස් හේල්ස් වාර්තා කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද විල් ජැක්ස් විසින් බිඳ හෙළීමට සමත් විය.

ඇලෙක්ස් හේල් එම තරගයේ පන්දු 32ක දී හතරේ පහර 6ක් හා හයේ පහර 8ක් සමඟින් ලකුණු 87ක් රැස් කිරීමට සමත් විය. යොවුන් ක්‍රීඩක ජැක්ස් මෙම තරගයේ දී පන්දු 25කට  මුහුණ දෙමින් ලකුණු 105ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 11ක් ඇතුළත් විය.

ඔහුගේ එම ප්‍රහාරාත්මක ඉනිම හේතුවෙන් සරේ කණ්ඩායමේ ප්‍රධාන ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 176ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි විය.

සිය ඉනිම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විල් ජැක්ස් පවසා ඇත්තේ, තමන් ලකුණු 98ක් රැස්කර ගෙන සිටිය දී තමන් ශතකය පිළිබදව නොසිතූ බවයි.

තමන් ලකුණු 98ක් රැස් කරගෙන සිටි අවස්ථාවේ දී තවත් ලකුණු දෙකක් රැස් කරමින් ශතකය ලබා ගත් පසු නැවත නව ඉනිමක් ලෙස ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වූ බව ජැක්ස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

20 හැවිරිදි යොවුන් ක්‍රීඩක විල් ජැක්ස් සරේ කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ, A කාණ්ඩයේ හා පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා පසුගිය තරග වාරයේ දී ක්‍රීඩා කිරීම ඇරඹිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<