Home Sinhala දැවැන්ත ජයක් සමඟින් ශ්‍රී ලංකාව නැවතත් සුපුරුදු රිද්මයට

දැවැන්ත ජයක් සමඟින් ශ්‍රී ලංකාව නැවතත් සුපුරුදු රිද්මයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

5362

2022 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (18) Geelong හිදී නිමා වුනේ ශ්‍රී ලංකාව ලකුණු 79ක ජයක් සඳහා හිමිකම් කියමින්.

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් (UAE) කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව මේ තරගයට පිවිසීමේ දී නැමීබියා තරගයට ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක (පාදයේ මස්පිඬු ඇදීමක් නිසා) වෙනුවට චරිත් අසලංක නැවතත් කණ්ඩායමට කැඳවා තිබුණා.

කණ්ඩායම් දෙකම මූලික වටයේ සහභාගී වුන පළමු තරගය පරාජය වූ නිසා තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීම වෙනුවෙන් කණ්ඩායම් දෙකටම මේ තරගයේ ජය ඉතාමත් වැදගත් වුනු නමුත් UAE කණ්ඩායම මේ තරගය පරාජය වීම නිසා තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ඔවුන්ට තරගාවලියෙන් ඉවතට යන්නට සිදු වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Pramod Madushan, Maheesh Theekshana

UAE – Chirag Suri, Muhammad Waseem, Kashif Daud, Vriitya Aravind(w), Aryan Lakra, Basil Hameed, Chundangapoyil Rizwan(c), Aayan Afzal Khan, Karthik Meiyappan, Junaid Siddique, Zahoor Khan

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නිස්සංක සහ මෙන්ඩිස් පිටියට පැමිණි අතර ඔවුන් දෙදෙනා Powerplay අවස්ථාව තුල පන්දු 28ක දී ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා ලකුණු සටහනට ලබා දුන්නා.

ඉන් අනතුරුව අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණි ධනංජය නිස්සංක සමඟ එකතු වෙමින් පන්දු 39ක දී ලකුණු 50ක සබඳතාවයක් ගොඩනංවමින් තවදුරටත් ශ්‍රී ලංකා ලකුණු සටහන ස්ථාවර කළා.

පන්දු 21ක දී ලකුණු 33ක් ලබාගෙන සිටි ධනංජය ද සිල්වා අනපේක්ෂිත ලෙස දුවද්දී දැවී යාමකට හසුවුණු නිසා ධනංජයගේ ඉනිම අවසන් වුනා.

රාජපක්ෂගේ ඉනිම අවසන් වන විට 117/3ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු සටහන දිස්වුනු අතර Karthik Meiyappan රාජපක්ෂ, අසලංක සහ ශානකගේ කඩුලු 3 පන්දු 3ක් තුල දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු සටහන දැඩි අවධානමට ඇද දමමින්.

මේ කඩුලු ත්‍රිත්වය UAE ක්‍රිකට් ඉතිහාසය තුල වාර්තා වුනු පළමු සහ එකම කඩුලු ත්‍රිත්වය වීම සුවිශේෂී වුනා.

එක් අන්තයකින් ශ්‍රී ලංකා කඩුලු එක පෙළට බිඳ වැටෙමින් තිබුණු පසුබිමක එක් අන්තයක් රැකගෙන අවසන් පන්දුවාරය දක්වා පිටියේ රැඳී සිටි නිස්සංක සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 8 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 60ක දී ලකුණු 74ක් ලබා ගත්තේ 4 පහර 6ක් සහ 6 පහර 2ක් සිය ඉනිට ඇතුළත් කරගෙනයි.

අවසානයේ දී ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Meiyappan ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 153ක ඉලක්කයක් හඹා ගිය UAE කණ්ඩායම ආරම්භයේ සිටම දැඩි පීඩනයකට හසුකර ගැනීමට චමීර සහ හසරංග ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. පළමු කඩුල්ල සහ 10 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු ලකුණු 15 සහ ලකුණු 17 සබඳතාවයන් දෙක හැර ලකුණු 11 ඉක්මවා ගිය එකඳු හෝ සබඳතාවයක් UAE පිතිකරුවන්ට ගොඩනැංවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

අවසානයේ දී UAE ඉනිමේ සියලුම කඩුලු පන්දුවාර 17කුත් පන්දුවක් තුල ලකුණු 73කට දවා ගැනීමට චමීර සහ හසරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනේ, ශ්‍රී ලංකාවට අවශ්‍යවම තිබූ දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

එම ජයග්‍රහණත් සමඟම ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ලබා ගත් පළමු ජය ලබා ගත් අතර ඒ නිසාවෙන් +0.60ක NRR (දල ලකුණු ලබා ගැනීමේ වේගයක්) රඳවා ගෙන මූලික වටයේ A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනට තෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් වී සිටිනයා. පන්දු යැවීමේ දී හසරංග ලකුණු 8කට කඩුලු 3ක් දවා ගන්නා විට, චමීර ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත්තා.

Result


Sri Lanka
152/8 (20)

United Arab Emirates
73/10 (17.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Basil Hameed b Zahoor Khan 74 60 6 2 123.33
Kusal Mendis lbw b Aryan Lakra 18 13 2 0 138.46
Dhananjaya de Silva run out (Aayan Afzal Khan) 33 21 2 1 157.14
Bhanuka Rajapaksa c Kashif Daud b Karthik Meiyappan 5 7 0 0 71.43
Charith Asalanka c Vriitya Aravind b Karthik Meiyappan 0 1 0 0 0.00
Dasun Shanaka b Karthik Meiyappan 0 1 0 0 0.00
Wanidu Hasaranga c Basil Hameed b Aayan Afzal Khan 2 3 0 0 66.67
Chamika Karunaratne c Kashif Daud b Zahoor Khan 8 11 1 0 72.73
pramod madushan not out 1 1 0 0 100.00
Dushmantha Chameera not out 1 1 0 0 100.00


Extras 10 (b 0 , lb 4 , nb 0, w 6, pen 0)
Total 152/8 (20 Overs, RR: 7.6)
Bowling O M R W Econ
Junaid Siddique 4 0 36 0 9.00
Kashif Daud 1 0 14 0 14.00
Zahoor Khan 4 0 26 2 6.50
Aayan Afzal Khan 3 0 16 1 5.33
Aryan Lakra 3 0 24 1 8.00
Karthik Meiyappan 4 0 19 3 4.75
Basil Hameed 1 0 13 0 13.00


Batsmen R B 4s 6s SR
Muhammad Waseem b Dushmantha Chameera 2 4 0 0 50.00
Chirag Suri b pramod madushan 14 19 3 0 73.68
Aryan Lakra b Dushmantha Chameera 1 3 0 0 33.33
Chundangapoyil Rizwan c Bhanuka Rajapaksa b Dushmantha Chameera 1 3 0 0 33.33
Vriitya Aravind lbw b Wanidu Hasaranga 9 18 1 0 50.00
Basil Hameed c Dhananjaya de Silva b Dasun Shanaka 2 6 0 0 33.33
Aayan Afzal Khan b Wanidu Hasaranga 19 21 1 0 90.48
Kashif Daud lbw b Wanidu Hasaranga 0 4 0 0 0.00
Karthik Meiyappan st Kusal Mendis b Maheesh Theekshana 4 8 0 0 50.00
Junaid Siddique c Pathum Nissanka b Maheesh Theekshana 18 16 1 1 112.50
Zahoor Khan not out 1 1 0 0 100.00


Extras 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0)
Total 73/10 (17.1 Overs, RR: 4.25)
Bowling O M R W Econ
pramod madushan 3 0 14 1 4.67
Maheesh Theekshana 3.1 0 15 2 4.84
Dushmantha Chameera 3.5 0 15 3 4.29
Chamika Karunaratne 2 0 14 0 7.00
Wanidu Hasaranga 4 1 8 3 2.00
Dasun Shanaka 1.1 0 7 1 6.36



ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 20 වැනිදා උදෑසන 9.30ට (ශ්‍රී ලංකා වේලාවෙන්) අපරාජිත නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. සුපිරි 12 වටයට යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව එම තරගය ද හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන ජය ගැනීම ඉතාමත් වැදගත්.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<