Home Sinhala Frylinck, Smit සහ Shikongo නැමීබියාවට ඉතිහාසගත ජයක් ගෙනෙයි

Frylinck, Smit සහ Shikongo නැමීබියාවට ඉතිහාසගත ජයක් ගෙනෙයි

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

237

2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වෙන තරගය අද (17) Geelong හි Kardinia Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

මූලික වටයේ A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වුනු මේ තරගයේ දී JJ Smit සහ Ben Shikongo දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසාවෙන් ලකුණු 55ක දැවැන්ත ජයක් ලබා ගැනීමට නැමීබියාව සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු රැකීමට තීරණය කළා. වමතින් වේගපන්දු යවන යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක ඊයේ (15) උදෑසන පුහුණුවීම් අතරතුර ඇතිව තිබෙන ආබාධයක් නිසාවෙන් අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙන අතර දකුණතින් වේගපන්දු යවන ප්‍රමෝද් මදුශාන් මේ තරගයට ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකා – නැමීබියා තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව: කුසල් මෙන්ඩිස් (wk), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (c), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මදුශාන්.
  • නැමීබියාව: Stephan Baard, David Wiese, Gerhard Erasmus (c), Jan Nicol Loftie-Eaton, JJ Smit, Jan Frylinck, Zane Green(w), Divan la Cock, Michael van Lingen, Bernard Scholtz, Ben Shikongo

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වූ චමීර, මදුශාන් සහ කරුණාරත්න නැමීබියා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 35ක් තුල දවා ගැනීමට සමත් වුනා.

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් Erasmus (ලකුණු 20) සහ Baard (ලකුණු 26) එක්ව සෙමින් සීරුවේ පන්දු 42ක් තුල ලකුණු 41ක් ගොඩනංවමින් නැමීබියා කණ්ඩායමට අවශ්‍යවම තිබුණු සබඳතාවයක් ගොඩනංවමින් ස්ථාවර ලකුණු පුවරුවක් ගොඩනැංවීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා.

පන්දුවාර 12ක් අවසානයේ ලකුණු 76/4ක් ලෙස සටහන් වුනු නැමීබියා ලකුණු සටහන තවදුරටත් අවපාතයක් වෙත රැගෙන යන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාවක් ලැබුණේ තීක්ෂණ ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන Wiese පළමු පන්දුවෙන්ම දවා ගැනීමට සමත් වූ නිසයි.

ඉන් නොසැලුණු නැමීබියානු කණ්ඩායමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33ක් තුල ලකුණු 69ක ප්‍රහාරාත්මක සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වෙත හැරවීමට Frylinck සහ Smit සමත් වුනා.

එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වූ ඔවුන් දෙදෙනා අවසන් පන්දුවාර 5 තුල ලකුණු 68ක් ශ්‍රී ලංකාවෙන් උදුරා ගැනීමට සමත් වුනා.

Frylinck පන්දු 28ක් තුල 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 44ක් ලබා ගන්නා විට අනෙක් අන්තයේ සිටි Smit පන්දු 16ක් තුල නොදැවී ලකුණු 31*ක් ලබා ගත්තේ 4 පහර 2ක් සහ 6 පහර 2ක් එල්ල කරමින්.

ප්‍රමෝද් මදුශාන් ලකුණු 37කට කඩුලු 2ක් දවාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්වුනු අතර නැමීබියාව සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

ලකුණු 164ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් හට සාර්ථක වීමට හැකියාවක් නොලැබුණු අතර එහි දී මෙන්ඩිස් ලකුණු 6කට දැවී ගිය පසුව ශ්‍රී ලංකා ඉනිමේ 4වන පන්දුවාර තුල එක් අතිරේක ලකුණක් පමණක් ලබා දෙමින් නිස්සංකගේ සහ ගුණතිලකගේ කඩුලු 2 පන්දු 2ක් තුල දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන 22 හැවිරිදි Shikongo සමත් වූ අතර එය ශ්‍රී ලංකා ලකුණු සටහනට විශාල පීඩනයක් ගෙන දුන්නා.

මන්දගාමී තණතීරුවක් මත පන්දුවාර 6කුත් පන්දු 3ක් අවසානයේ දී ලකුණු 40/4ක් ලෙස සටහන්ව තිබූ ශ්‍රී ලංකා ඉනිමේ නැවත ගොඩනැගීම අභියෝගාත්මක වී තිබුණු පසුබිමක 5 වැනි කඩුල්ල වෙනුවෙන් නායක ශානක සහ රාජපක්ෂ එක්ව පන්දු 24ක් තුල ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් උරදිය හැකි සබඳතාවයක් වුනේ නැහැ.

අනතුරුව ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු 5 ලකුණු 34ක් තුල දවා ගත් Shikongo ඇතුළු නැමීබියානු කණ්ඩායම ආසියානු ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකාවට එරෙහිව පෙරළිකාර ජයක් ලබා ගනිමින් තරගාවලිය ආරම්භ කිරීමට සමත් වුනා.

ICC පූර්ණ සාමාජිකත්වය නොමැති රටකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග පරාජයක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර මෙවර පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයේ දී පැවැත්වුණු තරගය ද ශ්‍රී ලංකාව මෙවැනි ආකාරයෙන්ම පරාජයට පත්වෙමින් ශූරතාවය දිනා ගත් පෙරළිකාර කණ්ඩායමක්.

Result


Namibia
163/7 (20)

Sri Lanka
108/10 (19)

Batsmen R B 4s 6s SR
Michael van Lingen c pramod madushan b Dushmantha Chameera 3 6 0 0 50.00
Divan la Cock c Dasun Shanaka b pramod madushan 9 9 1 0 100.00
Jan Nicol Loftie-Eaton c Kusal Mendis b Chamika Karunaratne 20 12 1 2 166.67
Stephan Baard c Dhananjaya de Silva b pramod madushan 26 24 2 0 108.33
Gerhard Erasmus c Danushka Gunathilaka b Wanidu Hasaranga 20 24 0 0 83.33
Jan Frylinck run out (Kusal Mendis) 44 28 3 0 157.14
David Wiese c Kusal Mendis b Maheesh Theekshana 0 1 0 0 0.00
JJ Smit not out 31 16 2 2 193.75


Extras 10 (b 1 , lb 0 , nb 0, w 9, pen 0)
Total 163/7 (20 Overs, RR: 8.15)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 23 1 5.75
Dushmantha Chameera 4 0 39 1 9.75
pramod madushan 4 0 37 2 9.25
Chamika Karunaratne 4 0 36 1 9.00
Wanidu Hasaranga 4 0 27 1 6.75


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c JJ Smit b Ben Shikongo 9 10 1 0 90.00
Kusal Mendis c Zane Green b David Wiese 6 4 0 0 150.00
Dhananjaya de Silva c Ben Shikongo b Jan Frylinck 12 11 1 0 109.09
Dhanushka Gunathilake c Zane Green b Ben Shikongo 0 1 0 0 0.00
Bhanuka Rajapaksa c Divan la Cock b Bernard Scholtz 20 21 2 0 95.24
Dasun Shanaka c Zane Green b Jan Frylinck 29 23 2 1 126.09
Wanidu Hasaranga c Jan Nicol Loftie-Eaton b Bernard Scholtz 4 8 0 0 50.00
Chamika Karunaratne c Stephan Baard b JJ Smit 5 8 0 0 62.50
pramod madushan run out (Zane Green) 0 0 0 0 0.00
Dushmantha Chameera c Gerhard Erasmus b David Wiese 8 15 0 0 53.33
Maheesh Theekshana not out 11 11 0 1 100.00


Extras 4 (b 0 , lb 2 , nb 0, w 2, pen 0)
Total 108/10 (19 Overs, RR: 5.68)
Bowling O M R W Econ
Gerhard Erasmus 1 0 8 0 8.00
David Wiese 4 0 16 2 4.00
Bernard Scholtz 4 0 18 2 4.50
Ben Shikongo 3 1 22 2 7.33
JJ Smit 3 0 16 1 5.33
Jan Frylinck 4 0 26 2 6.50



2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<