මේ වසරේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ වැටේ

1648

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විධායක කමිටු රැස්වීම අද (20) අන්තර්ජාල වීඩියෝ සංවාදයක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි දී 2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 දක්වා කල් දැමීමට තීරණය විය. ඒ පවතින කොරෝනා වසංගත තත්වය නිසාවෙනි.

>>“2011 අවසන් මහා තරගය අපිට දිනන්න තිබ්බා” – මැතිව්ස්<<

එහි දී කොරෝනා වසංගතයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ හානිය, කොරෝනා වසංගතය පවතින කාල සාමය තුල වුවද ආරක්ෂිතව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යන ආකාරය ඇතුළු තවත් කරුණු කාරනා කිහිපයක් පිළිබඳව කතාබහට ලක්විය.

2020 ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 18 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබුණු අතර ඒ සඳහා කණ්ඩායම් 16ක් සුදුසුකම් ලබා තිබුණි.

කෙසේ නමුත් දැනට පවතින තත්ත්වය යටතේ, රටවල් 16ක ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනා ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගෙන, නිරෝධායන තත්ත්ව යටතේ තරගාවලියක් සංවිධානය කිරීම ඉතා අපහසු කටයුත්තක් වන අතර එසේ ලෝක කුසලානයක් පැවැත්වුවහොත් පැවැත්වීමට හැකියාවක් තිබෙන්නේ ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයක් ද නොමැති වීම තරගාවලි සංවිධායකයින් මුහුණු දෙන ගැටලුවලින් කිහිපයකි. 

එමනිසා සියලු කරුණු සැලකිල්ලට ගෙන ICCය විසින් මීළඟ පන්දුවාර විස්සයි – විස්ස ලෝක කුසලානය 2021 වසරේ ඔක්තෝබර් – නොවැම්බර් කාලරාමුව තුල පැවැත්වීමට තීරණය කර ඇත. කෙසේ නමුත් එහි සත්කාරකත්වය දරන රට පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.

ICCය විසින් 2020 සිට 2023 දක්වා පවත්වන පිරිමි ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන ප්‍රධාන තරගාවලි තුනක් සැලසුම් කර ඇති අතර ඒවා නම් 2020 ඕස්ට්‍රේලියාවේ සහ 2021 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ද්විත්වය සහ 2023 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය යි.

>>පාකිස්තාන යෞවනයෙකුට තාවකාලිකව ක්‍රිකට් අහිමි වෙයි<<

කොරෝනා වසංගතයෙන් සිදු වූ බලපෑම නිසා විස්සයි – විස්ස ලෝක කුසලාන දෙක පැවැත්වීමට 2021 සහ 2022 වසරවල් යෝජනා කර තිබේ. ඒ කෙසේ නමුත් එහි සත්කාරකත්වය දරන රට පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.

කෙසේ නමුත් 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරගය 2021 නොවැම්බර් 14 වැනිදාත්, 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරගය 2022 නොවැම්බර් 13 වැනිදාත්, 2023 පන්දුවාර 50 ලෝක කුසලානයේ අවසන් තරගය 2023 නොවැම්බර් 26 වැනිදාත් පැවැත්වීමට යෝජනා සම්මත වී ඇත.

ඕස්ට්‍රේලියාව කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ රටක් බවට පත්ව සිටි නමුත් මේ වන විට නැවතත් කොරෝනා දෙවන රැල්ලක් එරට තුල හටගෙන තිබෙන නිසා මෙල්බර්න් නගරය මුළුමනින්ම අගුළු දමා ඇත. එසේම ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සැලසුම් කළ පරිදි නොපැවැත්වෙන නිසා එම කාලරාමුව තුල IPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානමින් සිටියි.

>>ICC අවසන් තීන්දුව ලැබෙන තෙක් ඉන්දියාව නොඉවසිල්ලෙන්ICC අවසන් තීන්දුව ලැබෙන තෙක් ඉන්දියාව නොඉවසිල්ලෙන්<<

ඒ අනුව 2021 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය 2022 වසර දක්වා ඉදිරියට යන අතර 2023 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වෙන්නේ ද ඉන්දියාවේ නිසා ළඟ ළඟ වසර දෙකක් තුල ප්‍රධාන පෙළේ ICC තරගාවලි දෙකක් සඳහා සත්කාරකත්වය ලබා දීම අපහසු බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ඉහල පෙළේ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබුණි.

ඒ නිසාවෙන් 2021 සහ 2022 වසරවල පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය පිළිවෙළින් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තුල පවත්වා 2023 පන්දුවාර 50 ලෝක කුසලානය ඉන්දියාව තුල පැවැත්වීමට වැඩි ඉඩක් තිබේ. 

තවත් මාස කිහිපයකින් ඇරඹීමට නියමිතව තිබු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් තැබීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<