2018 වසරේ හොඳම IAAF මලල ක්‍රීඩිකාවන් ලෙස අභිෂේක ලබන්නේ?

183

2018 IAAF ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි. මෙවර සම්මාන උළෙල ප්‍රංශයේ මොනාකෝ හිදී පැවැත්වෙන අතර 2018 වසර පුරා මලල ක්‍රීඩා පිටියේ සුපිරි දස්කම් දැක්වූවන් එහි දී අගය කෙරෙනු ඇත. IAAF විසින් වසරේ හොඳම මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ලැයිස්තු ගත කර තිබුණේ මෙසේයි.   

ආකාර තුනක ඡන්ද විමසීමකින් මෙම අවසන් තරගකාරියන් තෝරා තිබුණු අතර IAAF කවුන්සිලය හා IAAF Family සිය මනාපයන් විද්‍යුත් තැපෑල මගින් පල කර තිබුණි. IAAF සමාජ ජාල මධ්‍ය ඔස්සේ රසිකයින් සිය මනාපයන් පල කර තිබුණු අතර IAAF කවුන්සිලයේ මනාපයන් මුළු මනාපයෙන් 50%ටත්, IAAF Family හී මනාපයන් හා රසිකයින්ගේ මනාප 25%ක් බැගිනුත් අවසන් ප්‍රතිඵලය සඳහා යොදා ගැනිණි. නොවැම්බර් 13 වැනිදා මනාප පල කිරීම අවසන් කෙරිණි.

Video – “අභියෝගවලට මුහුණ දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරගන්න ඕන”

ඕනෑම දෙයක් ජයග්‍රහණය කිරීමට හොඳ සැලැස්මක් අවශ්‍ය වෙනවා. එළඹෙන 2019 වසරේ පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලිවලින් ජයග්‍රහණ…

ඩිනා ඈෂර් ස්මිත් – කෙටි දුර  

ඩිනා ඈෂර් ස්මිත් වසර ආරම්භ කළේ අතිශය තරගකාරී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර 200 ලෝකඩ පදක්කම දිනා ගනිමිනි. ඉන් දින දෙකකට පසු ඇය මීටර 100X4 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත් අතර මේ බ්‍රිතාන්‍ය කෙටි දුර ධාවන ශූරිය යුරෝපීය ශූරතාවලියේ දී ද රන් පදක්කම් තුනක් දිනා ගත්තාය. ඒ මීටර 100 ඉසව්ව තත්පර 10.85කින්, මීටර 200 ඉසව්ව 21.89කින් හා මීටර 100X4 තත්පර 41.88කින් අවසන් කරමිනි.  

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ දායක ආරංචියක්

මීට මාස කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ ලෝක ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගත් නව සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය අතහැර නැවත පරණ ක්‍රමවේදය…

22 හැවිරිදි ඩිනා 2018 තරගවාරය අවසන් කළේ IAAF ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර 100 හා the IAAF Continental Cup Ostrava හිදී එම ඉසව්වේම අනුශූරිය වෙමිනි.

බියට්‍රිස් ශේප්කොෂ් (Beatrice Chepkoech) – බාධක දිවීම

මොනාකෝ හී පැවති IAAF ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී බියට්‍රිස් ක්‍රීඩා ලෝකය මවිත කිරීමට සමත් වූයේ බාධක දිවීමේ ඉසව්වේ ලෝක වාර්තාව 8:44.32කින් නිමා කරමිනි. ඒ පෙර වාර්තාවට වඩා තත්පර අටකට අඩු කාලයකි.  

මේ කෙන්යානු දිගු දුර ධාවන ශූරිය තමන් සහභාගී වූ බාධක දිවීමේ තරග අටෙන් තරග හතක්ම ජය ගත් අතර මේ වසර මුල දී ඇය IAAF ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 1500 ඉසව්වේ ජය ද හිමි කර ගනිමින් එම ඉසව්වෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

කේට්‍රින් ඉබාර්ගුවෙන් – තුන් පිම්ම

කෙට්‍රින් මේ වසර ආරම්භයේ දී ම තුන් පිම්ම ඉසව්වේ ආධිපත්‍ය පැතිරවූ අතර වසරේ විශාලතම තරගාවලි තුනක ද ජය හිමි කර ගැනීමට ඇය සමත් විය. මධ්‍යම ඇමරිකානු ක්‍රීඩා උළෙල, කැරිබියන් ක්‍රීඩා උළෙල, IAAF ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උළෙල වැනි ක්‍රීඩා උළෙලවල දී ඇය ජය හිමි කර ගැනීමට සමත් විය. IAAF Continental Cup Ostrava 2018 ක්‍රීඩා උළලේ තුන් පිම්ම ඉසව්වෙන් ද ඇය ජය හිමි කර ගන්නා ලදි.

කොලොම්බියානු ජාතික මේ ක්‍රීඩිකාව මේ වසරේ ඇය සහභාගී වූ සියලුම ඉසව් ජය ගත් අතර රබාට් හිදී 14.96mකින් ලොව හොඳම තරගකරුවන් අතරට පිවිසෙන්නට ඇයට හැකි විය. මීටර 6.93කින් ඇය නව ජාතික වාර්තාවක් ද පිහිටුවන්නට සමත් විය.  

ෂෝන් මිලර් – උයිබෝ – කෙටි දුර

2018 වසරේ සාර්ථකම ක්‍රීඩිකාවක් වන ෂෝන් මිලර් ඉසව් රැසක් පුරා සිය ආධිපත්‍ය පතුරවන්නට සමත් විය. බහමාස් ජාතික ඇය මොනාකෝ හී IAAF ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 400 ඉසව්ව තත්පර 48.97කින් නිමා කරමින් එම ඉසව්වේ ලොව හොඳම තරගකාරියන් අතරට එක්වන්නට සමත් විය.

මීටර 200 ඉසව්ව මේ වසරේ ඇයගේ ප්‍රධානතම ඉසව්ව වූ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද ඇය ජය හිමි කර ගන්නා ලදි. ෂැන්හයි, කිංග්ස්ටන්, රබාට්, බර්මින්හැම් යන නගරවල දී හා බ්‍රසල්ස් හී පැවති IAAF ඩයමන්ඩ් ලීග් ශූරතාවලිය ද ජය ගන්නට ඇය සමත් විය. IAAF Continental Cup Ostrava 2018 තරගාවලියේ ද එම ඉසව්වේ ජය ද ඇය සතු විය.

නෆිස්සාටෝ තිහාම් – සත් ප්‍රයාම

නෆිස්සාටො තිහාම් සත් ප්‍රයාම ඉසව්වේ තවත් අපරාජිත වසරක් ගත කර අතර බෙල්ජියානු ජාතික මේ ක්‍රීඩිකාව Götzis හිදී ලකුණු 6806කින් ඉසව්ව ජය ගන්නට සමත් විය. එහි දී ඇය උස පැනීමෙන් මීටර 2.01ක් වාර්තා කරමින් ලෝකයේ හොඳම සත් ප්‍රයාම උස පැනීමේ දක්ෂතාව වාර්තා කිරීමට සමත් විය.

බර්ලින් හිදී ලකුණු 6816කින් යුරෝපීය ශූරතාව දිනා ගත් ඇය හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර 57.91ක් වාර්තා කිරීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<