සෆ්රාස්ගේ අනාගතය ගැන පුහුණුකරුගෙන් අනාවැකි

2831
Misbah-Ul-Haq Reveals Sarfaraz Ahmed

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා තරග වදිනු ලබන කණ්ඩායම පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම වෙනුවෙන් පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ නිල Youtube නාලිකාව හරහා ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සෆ්රාස් අහමඩ්ගේ ඉදිරි ඉරණම ගැන පවසා සිටියා.

>> බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සෆ්රාස් අහමඩ් හට පසුගිය මාස කිහිපයක කාලය එතරම් සුබදායී වූයේ නැත. එම කාලය තුල ඔහුට පාකිස්තානු කණ්ඩායමේ නායකත්වය අහිමි වූවා පමණක් නොව කොන්ත්‍රාත් ගත කාණ්ඩය ද පියවර දෙකක් පසුපසට දැමීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් තීරණය කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේ දී 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබා ගැනීමෙන් පසුව 32 හැවිරිදි සෆ්රාස් හට නායකත්ව ධුරය අහිමි විය. පසුව පාකිස්තානු කණ්ඩායමේ සිටින පුරෝගාමී පිතිකරුවෙකු වන බාබර් අසාම් සීමිත පන්දුවාර කණ්ඩායමට නායකත්වය ලබා දුන් අතර ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට අසාර් අලී පත් කළේය.

පාකිස්තානු විස්සයි විස්ස නායකයා ලෙස බාබර් අසාම්ට වැඩි අත්දැකීමක් නොමැති නමුත් ඔහු සතු දක්ෂතාවය නිසාවෙන් 25 හැවිරිදි ඔහුට මීට සති කිහිපයකට පෙර එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ධුරය ලබා දෙන ලදි.

“සෆ්රාස් අහමඩ් කියන්නේ මොහොමඩ් රිස්වාන්ට පසුව සිටින අපේ දෙවන තේරීම වුනත්, එංගලන්ත සංචාරය සඳහා සෆ්රාස් අහමඩ්රට වැඩි ඉඩක් තිබෙනවා. මොකද ඕනෙම සංචිතයක සාමාන්‍යයෙන් කඩුලු රකින්නන් දෙදෙනෙක් සිටිනවා. අපිට අලුත් ක්‍රීඩකයෙක්ව සොයා ගන්න පුළුවන් හැබැයි සෆ්රාස් සතුව තිබෙන අත්දැකීම් ප්‍රමාණයක් තිබෙන තවත් ක්‍රීඩකයෙක් හොයා ගන්න බැහැ” යැයි මිස්බා එහි දී පවසා සිටියේය.

නායකත්ව ධුරයෙන් ඔහු ඉවත් කිරීම ගැන මිස්බාට තිබෙන්න කොයි වගේ අදහසක් තිබෙන්නේ යැයි මාධ්‍යවේදියා මිස්බාගෙන් අසා සිටි විට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

>> බාබර් අසාම්ට උසස් වීමක්

“සෆ්රාස් පසුගිය කාලය පුරාවටම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වුනා, අපි ඔහුට ටික කාලයක් ලබා දුන්නා, නමුත් ඔහුට සාර්ථක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒක නිසා අපි තීරණය කළා ඔහුගෙන් නායකත්වය ඉවත් කරලා ඔහු සතුව තිබෙන පීඩනය අයින් කරන්න.

ඒ වගේම ඔහුට යම් විවේකයක් අවශ්‍යයි. ඔහු මේ ඇඳිරි නීති කාල සාමය තුල සිය ශාරීරික යෝග්‍යතාවය ගැන වැඩි උනන්දුවක් දක්වලා, නිවෙස තුලටම වී ඔහුගේ පුහුණුවීම් ආරම්භ කරලා තියෙනවා. ඒ ගැන මම ඉතාමත් සතුටට පත් වෙනවා. ඔහු ඉතාමත් ඉක්මනින්ම නැවතත් ජාතික කණ්ඩායමේ ඔහුගේ තැන ලබාගනියි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද ඔහුට හැකියාව නැති ක්‍රීඩකයෙක් නෙමෙයි. ඔහු පාකිස්තානයට ශූරයින්ගේ කුසලානය දිනා දුන්න නායකයෙක් කියන එකත් අමතා කරන්න හොඳ නැහැ” යැයි මිස්බා අවසන් ලෙස සෆ්රාස්ගේ ඉදිරි අනාගතය ගැන පවසමින් කියා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<