නව ඉන්දීය කණ්ඩායම ගැන රසල් කතා කරයි

848

විස්සයි විස්ස ලෝක කුසලානයේ දී අසාර්ථක වූ ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානයෙන් පසුව අඛණ්ඩව විස්සයි විස්ස තරග 12ක් ජය ගත්තේ ලෝක කුසලානයේ අඳුරු මතයකයන් මකා දමමිනුයි.

නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකාව ඔවුන් හමුවේ 3-0ක් ලෙස තරගාවලි පරාජයන්ට මුහුණ දුන්නා. ඒ සමඟම Rohit Sharmaගේ නායකත්වයට සාර්ථක ආරම්භයක් ද ලැබුණා.

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ප්‍රවීණ විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පවසා සිටින්නේ ඉන්දියාවට ඇති එකම අභියෝගය මේ ලැබෙන ජයග්‍රහණවලින් ඕනෑවට වඩා තෘප්තිමත් නොවිය යුතු බවයි.

ඉන්දියාවට තෘප්තිමත් වෙන්න බැහැ, ඔබ නිර්භීත වෙන්න ඕනේ. ඉන්දියාව වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා. ඒ වගේම කොහේ ගියත් ඔවුන්ට හොඳ ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන් ප්‍රතිවාදීන්ට හුස්ම ගන්නවත් ඉඩක් ලබා දෙන්නේ නැහැ”, Arnold  Cricket.com වෙත පවසා තිබුණා.

Arnold පවසා සිටින්නේ ඉන්දියානු කණ්ඩායමට දක්ෂ ආදේශක ක්‍රීඩකයින් බොහොමයක් සිටින බවයි. එමෙන්ම ඉන්දීය පිතිකරුවන් දැන් ස්ථානය ආරක්ෂා කරගැනීමට පිතිකරණයේ නොයෙදෙන බව ද ඔහු පවසා සිටිනවා.

ඔවුන් තරග 12ක් අඛණ්ඩව ජය ගත්තා. විස්සයි විස්ස ලෝක කුසලානය දෙස බලන විට එය ඉතා වැදගත් කාරණාවක්. ඔබට පාලනය කරන්න පුළුවන් ඔබ ඉදිරියේ තියෙන දේ පමණයි. ඔවුන් නවක ක්‍රීඩකයින් ගොඩක් අත්හදා බලන්නට සමත් වුනා. පිතිකරුවන් හැමතැනින්ම ලකුණු රැස් කරනවා. ඔවුන් වැඩි අවදානමක් නැති ක්‍රිකට් ක්‍රීඩා කරනවා ඒ වුනත් ඔවුන් ඉදිරියටම යනවා.”

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<