“ඔහු විශ්‍රාම ගිය එක ගැන සතුටුයි” – සංගා ගැන Ashwin කියන කතා

12658

Ravichandran Ashwin එළඹෙන 2022 IPL තරගාවලියේ දී Rajasthan Royals කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. Royals කණ්ඩායම ඔහුව මිල දී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5ක් වැය කරමිනුයි.

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර Rajasthan Royals කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා. සිය නව කණ්ඩායම ගැන අදහස් දක්වමින් Ashwin, පළමු වරට සංගක්කාර හමු වූ තරගය පිළිබඳ සිය මතකය අවදි කර තිබුණා.

Ashwin පවසන අන්දමට ඔහු එම ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී ම සංගක්කාර දවා ගන්නට සමත් වූ අතර එය ඔහුට ඉතා සතුටුදායක මොහොතක් ද වූ බව පවසා සිටිනවා.

සංගා ඉතා ආදරණීය මහත්මයෙක්, අපි පළමු වරට හමුවුනේ ශ්‍රී ලංකාවේ දී මම Dinesh Karthik සමඟ රාත්‍රි ආහාරය ගන්නා මොහොතකයි. මම බලාපොරොත්තු වෙනවා Rajasthan කණ්ඩායමේ දීත් ඔහුත් එක්ක හොඳ සබඳතාවයක් ගොඩනගලා ක්‍රිකට් ගැන බොහෝ දේ සාකච්ඡා කරන්න”, Rajasthan Royals කණ්ඩායම නිකුත් කළ වීඩියෝවක Ashwin පවසා තිබුණා.

“මම සංගාට එරෙහිව ටෙස්ට් තරග කිහිපයක් ක්‍රීඩා කළා. මම ඔහුව කිහිපවරක් දවා ගත්තා. ඔහු විශ්‍රාම ගැනීම ගැන මට සතුටු හිතුණා. මොකද ඒ වගේ විශිෂ්ට පිතිකරුවන් එසේ එකම පන්දු යවන්නෙක්ට කිහිප වරක් දැවී ගියාම නැවත සැලසුම් හදාගෙන ලකුණු පිපාසයෙන් එන්නේ. ඔවුන් උත්සහ කරනවා ඔබට පහර දෙන්න. මම එක අතකින් සතුටුයි ඔහුව දවා ගත්ත එක ගැන. ඒ වගේම ඔහු විශ්‍රාම යනවා කිව්වම මට පොඩි නිදහසක් දැනුණා ඔහුට එරෙහිව ආයේ සටන් කරන්න වෙන්නේ නැති නිසා.”

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<