කොරෝනා වැලඳුනත් බය නැති සුපිරි ඉන්දීය ක්‍රීඩකයා

137
Shikhar Dhawan

Covid-19 වයිරසය වැළඳුනත් තම ශරීරයට ඉන් සුවය ලැබිය හැකි යැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පවසා සිටිනවා. කොරෝනා වයිරසය මැද්දේ නැවත ක්‍රිකට් පිටියට පිවිසෙන්නට තමන් බිය නොවන්නේ දැයි ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා සිටියේ, “මට මගේ ශරීරය ගැන විශ්වාසය තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම ගැන ප්‍රශ්නයක් කොහොමත් නැහැ. මම දන්නවා මට වයිරසය වැළඳුනත් මට වයිරසය හා සටන් කරන්න පුළුවන්.

වමත් පිතිකරුවා තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පනවා ඇති නීති රීති වලට ක්‍රීඩකයින් ගරු කරන බවයි. “අපි අනිවාර්යෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා. අපි දැන් 8-9 වතාවක්ම Covid පරීක්ෂණවලට මුහුණ දී තිබෙනවා” ධවාන් පවසා සිටියා. 

දිල්ලි කැපිටල්ස් ආරම්භක පිතිකරුවා IPL වැනි දැවැන්ත තරගාවලියක් මෙවන් අපහසු තත්ත්වයක් යටතේ පැවැත්වීම ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රශංසා කර සිටියා. “අපි විශේෂ සංකේතයක් පලඳිනවා ඒ වගේම අපිට සිතෙන සිතෙන විදියට ගමන් කරන්න බැහැ. මෙවන් තත්වයක් යටතේ තරගාවලිය සංවිධානය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හැකි වීම ලොකු දෙයක්.”

මේ තත්වයන් යටතේ IPL ක්‍රීඩා කිරීමේ වාසි හා අවාසි පිළිබඳව ද ඔහු පවසා තිබුණා. “ගමනාගමනයට යන කාලය ඉතිරි වීම වාසියක්. ඒ නිසා ශරීරයට දැනෙන මහන්සිය අඩුයි. නැවත ශක්තිය ජනනය වීමේ ඉක්මනින් වෙයි. නමුත් ක්‍රීඩකයෙක් අසාර්ථක වෙනකොට ඔවුන්ට මනස නිදහස් කරගන්න එළියට යන්න නැති වීම ලොකු අවාසියක්. මානසික වශයෙන් අපිට ගොඩක් ශක්තිමත් වෙන්න වෙනවා.”

තවත් ක්‍රිකට් පුවත්:

“වැදගත්ම දේ තමයි අපි කණ්ඩායමක් විදියට එකට බැඳිලා ශක්තිමත් වෙන එක. අපි හරිම සමබර කණ්ඩායමක්. මට හොඳ විශ්වාසයක් තියෙනවා අපිට කුසලානය දිනන්න පුළුවන් කියලා” ධවාන් IPL ශූරතාව පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියා.

ධවාන් පවසා සිටියේ ශ්‍රියාස් අයියර් කණ්ඩායම හොඳින් මෙහෙයවන බවයි. තවද අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන අජින්ක්‍යා රහනේ හා ආර්. අශ්වින් කණ්ඩායමට පැමිණීම ඔවුන්ට ඉතා ශක්තියක් බව ද ඔහු පැවස සිටියා. “පසුගිය වසරේ දී ශ්‍රියාස් ඉතා හොඳින් කණ්ඩායම මෙහෙයවූවා. මේ වතාවේ අජින්ක්‍යා හා අශ්වින් කණ්ඩායමට පැමිණ තිබෙනවා. ඔවුන් ගොඩක් අත්දැකීම් බහුල ක්‍රීඩකයින්. ඔවුන්ගේ අදහස් ගොඩක් වැදගත් වෙයි.”

ක්‍රීඩාංගණ ප්‍රමාණය අඩු වීම හා තණතිලි ප්‍රමාණය අඩු වීම නිසා, ධවාන් පවසා සිටින්නේ තණතිලි ඉක්මනින් පළුදු වීමට ඉඩ ඇති බවයි. ඒ වාසිය දඟපන්දු යවන්නන්ට ලැබේ යයි ඔහු සිතනවා. “අපිට ඉන්නවා අශ්වින්, සන්දීප්, අමිත් මිශ්‍රා වගේම අක්සාර් පටේල්. අපිට ලොකු පිතිකරණ ලැයිස්තුවක් තිබෙනවා. ඒක අපිට ලොකු වාසියක්. නමුත් මුළු කණ්ඩායමම හොඳින්ම ක්‍රීඩා කරන්න ඕනේ තරගාවලිය ජය ගන්න නම්.”

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<