HSBC Dubai 7’s කිරුළට අභියෝග කිරීමට Royal Tuskers සූදානම්

HSBC Dubai World 7’s

319
HSBC Dubai World 7’s

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන සුප්‍රකට HSBC Dubai World 7’s තරගාවලිය සඳහා සහභාගී වන පළමු ශ්‍රී ලංකා ආදි සිසු කණ්ඩායම වන රාජකීය විද්‍යාල Royal Tuskers හෙට (01) තරග බිමට පිවිසීමට නියමිතයි.

Royal Tuskers ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා ගල්ෆ් කලාපීය විවෘත කාණ්ඩය යටතේ තරග වැදීමට සූදානමින් පසු වෙනවා.

Royal Tuskers කණ්ඩායම සමන්විත වන්නේ ORUAE (Old Royalist’s in the United Arab Emirates – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ආදි රාජකීයයන්) සාමාජිකයන්ගෙනුයි. 1999 දී ආරම්භ වූ මෙම ආදි සිසු රග්බි කණ්ඩායම එකල සිටම එමීර් රාජ්‍යය තුළ ටැග් රග්බි සහ සත් සාමාජික රග්බි ක්‍රීඩා කළා.

ORUAEහි සභාපති ශිහාන් ෂෙරිෆ්, ලේකම් ශානක පෙරේරා, අනුශාසක ධනික ගමගේ එහි ප්‍රධාන කාර්යභාරය ඉටු කරන අතර රග්බි කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඩයන් දිද්දෙණිය විසින්. උප නායකත්වය අර්ශාඩ් ජමාල්ඩීන් විසින් දරනවා. කණ්ඩායම් කළමනාකරු වන්නේ උත්පල රණතුංග යි.

තරගාවලියට සහභාගී වන Royal Tuskers කණ්ඩායම

1970 වසරේ ආරම්භ වූ මෙම තරගාවලිය සත් සාමාජික රග්බි පිටියේ පැවැත්වෙන ප්‍රකට තරගාවලියක් වන අතර තරගාවලියේ තරග කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙනවා.

  1. Gulf men’s league – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සමාජ සහ ප්‍රමුඛ කණ්ඩායම්
  2. Gulf men’s open league – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සමාජ B කණ්ඩායම් (Royal Tuskers ඇතුළු)
  3. Gulf men’s social league – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාජීය කණ්ඩායම්

Royal Tuskers කණ්ඩායම සහභාගී වන විවෘත කාණ්ඩය සඳහා කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිත අතර තරගාවලිය ආරම්භ කරමින් Royal Tuskers ක්‍රීඩකයින් හෙට මූලික වටයේ තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගාවලිය දෙසැම්බර් 1, 2 සහ 3 යන දිනවල දී ඩුබායි හි Sevens stadium ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් රග්බි පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<