අමතක වුනු වීරයාගේ නිහඬ සේවයට ICCයෙන් පැසසුම්

131

2007 වසරේ දී දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මංගල විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමාවට පත්වූයේ ඉන්දීය කණ්ඩායමට ලෝක කිරුළේ හිමිකාරිත්වය උරුම කර දෙමිනි. 

“සම්පූර්ණයෙන් ගහන්න බැරි නම් අවලංගු කරන්න” කුක්

හිටපු එංගලන්ත ක්‍රිකට් නායක සර් ඇලිස්ටෙයාර් කුක් එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වයිරස…….

එසේ ලැබූ එම සුවිශේෂී ජයග්‍රහණය පිටුපස සිටි නිහඬ විරුවෙකු ලෙස ජොගින්දර් ෂර්මා හඳුන්වා දිය හැක්කේ ඔහු දියත් කළ අවසන් පන්දුවාරයේ වික්‍රමය නොවන්නට ඉන්දියානු කණ්ඩායමේ සිහින බොඳ වීමට තිබූ ඉඩප්‍රස්තාව නිසාවෙනි. 

ක්‍රිකට් පිටියට පමණක් සීමා නොවී ඉන් පිටත දීද තම මාතෘ භූමියේ සුභසිද්ධිය උදෙසා තම වගකීම් කොටස නොපිරිහෙලා ඉටුකළ ජොගින්දර්, කාර්‍යශූර පොලිස් නිළධාරියෙකු වශයෙන් ඉන්දීය පොලිස් සේවයට බැඳුනේ රටට සේවය කිරීමට තිබූ ඉමහත් ආසාව නිසා බව සඳහන් වේ. 

හර්යාන ප්‍රාන්ත නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයෙකු ලෙසින් රාජකාරි කටයුතුවල නියැලෙන ජොගින්දර් ශර්මා, මේ වන විට ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වී ඇති COVID-19 මාරක වෛරසය ඉන්දියාවෙන් මුලිනුපුටා දැමීමේ සටනට සක්‍රීයව තම දායකත්වය සපයන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා පසුගිය දිනක වාර්තා කර තිබුනි. 

දිවා රෑ නොබලා වෙහෙසෙමින් පීඩාවට පත්ව ඇති ජනතාව හට යම් සහනයක් ගෙන දීමට ඇප කැප වී කටයුතු කරන ඔහු, තම සෙසු නිළධාරීන් සමඟ එක්ව නීතිය අකුරට ක්‍රියාත්මක කරමින් මෙම තත්වය යම්තාක් දුරකට හෝ පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වන බවට සඳහන් වේ. ජොගින්දර්ගේ මෙම කැපවීම අගය කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ද තම නිල ට්විටර් ගිණුමට පණිවිඩයක් එක්කර තිබුනේ සමස්ත ප්‍රජාවට මෙමඟින් යම් පණිවිඩයක් ලබා දීමේ අරමුණෙනි. 

පළමු පෙළ තරග 77කට ක්‍රීඩා කර ඇති ජොගින්දර් ෂර්මා කා අතරත් කථා බහට ලක්වන චරිතයක් බවට පත්වන්නේ මිෂ්බා උල් හක් දවා ගනිමින් විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී දියත් කළ සුපිරි පන්දුවාරයෙන් අනතුරුවයි. නමුත් ඔහුගේ ක්‍රිකට් දිවිය සැලසුම් කළ ආකාරයෙන් සාර්ථකත්වය කරා රැගෙන යාමට ඔහු අසමත් විය. නමුත් ඉන් නොසැලුනු ඔහු තම මව්බිම නියෝජනය කිරීමට වෙනස්ම මාර්ගයක් තෝරා ගනු ලැබුවේ එරට ආරක්ෂක අංශ සමඟ එක්වීමත් සමඟිනි. 

Video – කොරෝනා නිසා කැලඹුණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

ලෝකය අගුළු දමා ඇති හෙයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මේ වසරේ දී ඔවුන්ගේ ඉසව් සඳහා හදිසි සැලසුම් සකස්…..

COVID-19 වෛරසය ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්ට ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟම එරට රජය සමස්ත රටම දින 21කට සම්පූර්ණයෙන්ම පාහේ වසා දැමීමට පසුගියදා තීරණය කළේ යම්තාක් දුරකට හෝ රෝගය පැතිර යාම පාලනය කිරීමේ අරමුණෙනි. මෙම කාලසීමාව තුළදී නීතිය තම අතට ගනිමින් සිතැඟි පරිදි ක්‍රියා කරන්නන් හට දැඩි දඬුවම් පැමිණවීමට ද එරට පොලිසිය සූදානමින් පසුවේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<