ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවයට Dialog සවිබලය

2022 Dialog ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය

136
Dialog Axiata PLC සමාගමේ ඩිජිටල් අලෙවිකරණ අංශයේ ප්‍රධානී මොහොමඩ් ගසාලි මහතා විසින් ජාතික දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය වෙත අනුග්‍රාහකත්වය නිල වශයෙන් පිරිනැමූ අවස්ථාව. ඡායාරූපයේ වම්පසින්: ජාතික දැල්පන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික පද්මිණී හොරණගේ මහත්මිය

මෙරට දැල්පන්දු ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගාවලි තුළින් අත්කර ගත් සාර්ථකත්වය හමුවේ, ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයට අතහිත දීම වෙනුවෙන් වූ සිය පොරොන්දුව ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම විසින් ‘2022 Dialog ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය’ නැවත වරක් බලගැන්වීමට කටයුතු කර තිබේ.

ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා Dialog සමාගම අඛණ්ඩව අනුග්‍රාහකත්වය දක්වන දෙවැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව 2022 Dialog ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය එළඹෙන නොවැම්බර් 05 සහ 06 යන දෙදින පුරා පොළොන්නරුව ගල්නෑව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දිවයිනේ නන් දෙසින් දැල්පන්දු ක්‍රීඩාවට දක්ෂතා දක්වන වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමේ ඉලක්කයෙන් යුතුව මෙම ශූරතාවලිය පැවැත්වේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන දැවැන්ත තරගාවලියක් වන මේ හරහා දක්ෂ ක්‍රීඩිකාවන්, පුහුණුකාරිණියන් සහ තරග විනිසුරුවරුන් හඳුනා ගෙන ඔවුන්ව ඊළඟ අදියර සඳහා නිසි පුහුණුවකින් සන්නද්ධ කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වේ.

ලබන වසරේ දී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ශූරතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසු ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම ඉලක්ක කරමින් 2022 Dialog ජාතික කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය පැවැත්වේ.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් Dialog Axiata PLC සමාගම ThePapare.com, ViU App සහ Dialog TV නාලිකා අංක 140 ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසු දක්ෂ ක්‍රීඩිකාවන් තෝරාගත් අවසන් වතාවෙන් පසුව ජාතික කණ්ඩායම සුවිශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා,” යැයි ජාතික දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පැවසුවාය.

“ජාතික ක්‍රීඩාවන්ට අතහිත දෙන ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස ජාතික දැල්පන්දු සම්මේලනයට මෙන්ම අපේ ක්‍රීඩිකාවන්ටත් ජාත්‍යන්තර මට්ට්මේ දී දක්ෂතා දැක්වීම සඳහා සවිබලය ලබා දීම තුළින් Dialog සමාගම ඉතා සක්‍රිය කාර්යභාරයක් ඉටුකර තිබෙනවා.”

Dialog Axiata ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම් හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල්පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<