PSG දියුණුව ගැන Neymarට පැසසුම්

100

PARIS SAINT-GERMAIN කණ්ඩායමේ මිඩ්ෆීල්ඩර් Ander Herrera විසින් Ligue 1 සමාජයට Neymar ලබා දුන් දායකත්වය ඇදහිය නොහැකි තරම් වූ බව පවසමින් Neymarගේ දායකත්වය පැසසුමට ලක් කර ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරග වාරය අත්හිටුවන විට PARIS SAINT-GERMAIN කණ්ඩායම Ligue 1 හි ඉහළින්ම සිටි අතර ඔවුන් චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටියේය. ඔවුන් Coupe de Fracne හා Coupe de la Ligue සඳහා ද සුදුසුකම් ලබා තිබුණි. 

සෞඛ්‍ය සේවකයින්ට Messiගේ උපහාරය

ආජන්ටිනාවේ සහ FC Barcelona සුපිරි ක්‍රීඩක Lionel Messi විසින් පසුගිය….

Paris Saint-Germain කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා බ්‍රසීල ජාත්‍යන්තර ක්‍රීඩක Neymar දැරූ උත්සාහය ගැන Ander Herrera කතා කරමින්, විශේෂයෙන් චැම්පියන්ස් ලීග් අවසන් 16 තරගයේ දී Borussia Dortmundට එරෙහිව ඔහු දැක්වූ දක්ශතා පිළිබඳව පවසා තිබුණි. 

“අපි හැමෝම එකට කෑමට ඔහුගේ ගෙදරට ගියා. ඔහු ඉතා අවධානයෙන් සිටියේ තරගය ගැන. ඔහු සියලු දෙනා ඔහු සමඟ රැගෙන ගියා” Ander Herrera පසුගිය අඟහරුවාදා (14) Canal+ වෙත පැවසීය.

“මම දැක්කා පසුගිය කාලයේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු Neymar, PARIS SAINT-GERMAIN ගැන නොසිතන බව කියලා තිබුණා. ඒත් ඔහු කණ්ඩායම වෙනුවෙන් කළ දේ මම දැක්කා. එය ඇදහිය නොහැකි තරම් කැපකිරීමක් ” 

“මෙම කාලය තුළ Neymar කණ්ඩායම වෙනුවෙන් බොහෝ දේ ලබා දුන්නා. ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් එහෙම කැපවීමක් කරනවා කියන දෙයින් අදහස් වෙන්නේ ඔහු කණ්ඩායම හා සාමූහිකකම ගැන බොහෝ දේ සිතන බවයි.” 

පෘතුගාල කණ්ඩායමේ ආධාරය Ronaldoගේ අදහසක්

පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් Euro 2020 තරගාවලියට….

ප්‍රංශයට කොරෝනා වයිරසයෙන් දැඩි ලෙස බලපෑමක් සිදුව ඇතත් Ander Herrera බලාපොරොත්තු වන්නේ මෙම තරග සමය නැවත ආරම්භ වනු ඇති බවයි. 

මෙම නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ගෝලීය වශයෙන් රෝගීන් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 126,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ප්‍රංශයේ පමණක් COVID-19 හේතුවෙන් 15,700කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

“අපි තරගාවලිය නැවත ආරම්භ කරනු ඇතැයි මම සැබවින්ම බලාපොරොත්තු වෙනවා. මම විශේෂඥයෙකු නෙමෙයි. නමුත් සමහර විට ක්‍රීඩකයින් සඳහා පරීක්ෂණ සිදු කිරීමෙන් හෝ එක් කණ්ඩායමකට පුද්ගලයින් 50ක් පමණක් සම්බන්ධ කරගන්න අවස්ථාව ලබා දී හෝ සංවෘත දොරවල් පිටුපස තරගාවලිය ආරම්භ කරන්න අපිට පුළුවන් වේවි.” යනුවෙන් Ander Herrera පැවසීය.

“මට හිතෙන දේ නම් පාපන්දු දිගටම පැවතිය යුතුයි. නමුත් පළමු දෙය සෞඛ්‍යයයි. අවදානමක් නැත්නම් පාපන්දු ක්‍රීඩාව සෑම කෙනෙකුටම ඉතා වැදගත් යැයි මම සිතනවා.” 

Ander Herreraගේ කණ්ඩායම් සගයා වන Marco Verratti මෑතක දී තමා පාපන්දු ක්‍රීඩාවේ පුහුණුවීම් වල යෙදී නොමැති බව පිළිගත් නමුත් තම රට අගුළු දැමීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන බව ද පවසා තිබිණි. 

“මම හොඳින්, හැමදේම හොඳින්” යැයි Marco Verratti විසින් Le Parisien වෙත පැවසීය.  

“සෑම කෙනෙකුටම මේ සිරගත කිරීම දුෂ්කර නමුත් මම එයින් ධනාත්මක දේ සොයා ගැනීමට උත්සාහ කරනවා. මගේ පවුලේ අය සමඟ සිටීමට ලැබීමෙන් ප්‍රයෝජන ගන්නවා. මම මීට පෙර නොකළ බොහෝ දේ කිරීමට උත්සාහ කරනවා. “ 

Haalandට එරෙහි පළිගැනීම Neymarගේ අදහසක්

Erling Haalandව හාස්‍යයට ලක්කරමින් Paris Saint-Germain…

“මම හැමදාම වැඩ කරනවා. මම කලින් කළාට වඩා ටිකක් වැඩ කරන්න ඇති! මීට පෙර තරග සමඟ අපිට කුඩා ගැටලු ඇති විට පුහුණු කිරීමට හෝ සුව වීමට වැඩි කාලයක් තිබුණේ නෑ.” 

“අපි [PARIS SAINT- GERMAIN සංචිතය] බොහෝ දේ කතා කර තිබෙනවා. අපි යාවත්කාලීනව සිටිනවා. අපි ප්‍රවෘත්ති හුවමාරු කර ගන්නවා. එය සාමාන්‍යයි. අපි සෑම දිනකම එකට සිටීමට පුරුදු වී සිටිනවා. පුහුණුව පුරුද්දක් බව ඇත්ත නමුත් අපි අපේ මිතුරන් සමඟ දවස් ගත කළා. මට දැන් එය මග හැරිලා තියෙන්නේ.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<