සහිරා අභියෝගය නොතකා ඉසිපතනය තවමත් අපරාජිතව පෙරමුණේ

2363

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද (24) කොළඹ ඉසිපතන විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතර පැවැත්වූයේ මරදාන සහිරා විදුහල් ක්‍රීඩා පිටියේ දීයි. එහි දී ලකුණු 17-07ක් ලෙස ජයග්‍රහණය හිමි කර ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

රාජකීය සුලි සුළඟ මයිකල් ගුණරත්න කුසලානය ඩැහැගනියි

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩයම අසරණ කරමින් 56 වැනි මයිකල් ගුණරත්න ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (24) සමත් විය. සිංගර් අන්තර් පාසල් රග්බි…

පසුගිය සතියේ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ලද තියුණු ජයත් සමඟින් සහිරා විද්‍යාලයත්, ධර්මරාජ විද්‍යාලයට අත් කර දුන් සෝචණීය ඉරණමත් සමඟින් ඉසිපතන ව්ද්‍යාලයත් තරගයට අවතීර්ණ විය.

ආරම්භයේ සිටම තරමක් උණුසුම් ක්‍රීඩා විලාසයක් දෙපිලෙන්ම වාර්තා වනු දක්නට ලැබුණු අතර පිටියේ වාසිය සහිරාවන් අත තිබුණ ද, යාර 22 සීමාව පෙනෙන මානයේ ලද ස්ක්‍රම් අවස්ථාවකින් උපරිම ඵල නෙලා ගත් රමිත හිමාෂ් පළමු උත්සාහක දිනුම ඉසිපතනය වෙනුවෙන් දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය මනිල්ක රුබේරු සාර්ථක කර ගත්තේය. (07-00)

ඉන් මඳ වෙලාවකට පසු නැවතත් සහිරා විද්‍යාලයෙන් ඉසිපතන ආරක්ෂක වළල්ල වෙත ක්‍රීඩකයන් ඇතුළු කරනු පෙනෙන්නට විය. එහි දී ලද හිඩැසක් අතරින් සීරුවට රිංගා යමින් ශාරික් ඉසිපතන ආරක්ෂක වළල්ල බිඳ හෙළන්නට වූ අතර දක්ෂ පසුපෙළෙන් ඉසිපතනය ප්‍රතිවාදියා වෙත පීඩනය එල්ල කරමින් ඒ අවස්ථාව ව්‍යර්ථ කරවීය.

සතියෙන් වෙනස් වුණු නීතිය සහ කණ්ඩායම් 12ක ප්‍රතිඵල

කණ්ඩායම් 12ක් සහභාගී වූ තරග 6ක තොරතුරු වලට අමතරව සතියකින් වෙනස් වූ රග්බි නීතියත්, ලකුණු ලැබෙන පිළිවෙලත් දැනගනිමු, රග්බි පිටියෙන්.

ඉන්පසු 28 වැනි මිනිත්තුවේ දී විනිසුරුවරයා ඉසිපතනයට දඬුවම් අවස්ථාවක් ලබා දුන්නේ සහිරා ක්‍රීඩකයන් අතින් වූ අනිසි බලපෑමක් නිසාවෙනි. එහි උපරිම ඵල නෙලා ගත් මනිල්ක රුබේරු තවත් ලකුණු ත්‍රිත්වයක් ඉසිපතනය වෙත දිනා දුන්නේය. (10-00)

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 10 – 00 සහිරා විද්‍යාලය  

දෙවන අර්ධය වෙනුවෙන් දෙපිලම පිටියට අවතීර්ණ වූ අතර තරගය පුරා දෙපිලේම අතපසුවීම් වැඩි වශයෙන් දක්නට ලැබුණි. දෙපිලටම ලකුණු ලබා ගැනීමට තිබූ අනගි අවස්ථාවන් කීපයක්ම මග හැරී ගියේ ධවල රේඛා පෙනෙන මානයේ දීමය.

දිගු නිහැඬියාවකට පසු සහිරා ආරක්‍ෂිත කලාපයේ දී ස්ක්‍රම් අවස්ථාවකින් ලද පන්දුව අලංකාර පාලනයකින් පසුව ඉසිපතනය වෙත උත්සාහක දිනුමක් ගෙන ආවේය. එය ද රමිත හිමාෂ්ගේ ගිණුමටම බැර වුන අතර එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (17-00)

සහිරා කණ්ඩායමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ උපකාරය ලබා ගනිමින් ඉසිපතන ධවල රේඛාව අසලම රැඳෙමින් දිගින් දිගටම ඉසිපතනය වෙත පීඩනය එල්ල කරන්නට සහිරාවන් සමත් විය. ඒ අවසරයෙන් සහිරා ක්‍රීඩක ශාරික් යූසුෆ් තම පළමු උත්සාහක දිනුම සහිරා විද්‍යාලය වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය එස්. මින්හාජ් සාර්ථක කර ගත්තේය. (17-07)

සන්දේශ්ගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් නුවර ක්‍රීඩකයින් අසරණ වෙයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (23) බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත්වූයේ කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දීයි…

කෙසේ නමුත් තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළේම ලකුණු තත්වයන් නොවෙනස්ව තිබූ නිසාවෙන් පාසල් ලීග් රග්බි තරග මාලාවේ තවත් තරගයක් නිමාවට පත්වූයේ ඉසිපතන විද්‍යාලයේ අපරාජිත වාර්තාව තවත් ඉදිරියට ගෙන යමිනි.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 17 (2T,2C,1P) – 07 (1T,1C) සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: රමිත හිමාෂ් (ඉසිපතන විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ඉසිපතන  විද්‍යාලය : රමිත හිමාෂ් 2T, මනිල්ක රුබේරු 2C 1P  
  • සහිරා විද්‍යාලය : ශාරික් යූසුෆ් 1T, එස්. මින්හාජ් 1C

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<