ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙක් ඇමරිකාවේ ක්‍රිකට් ලීගයකට

Major League Cricket 2023

1844
Hasaranga, Jayasuriya, Perera and Milantha

පළමු වරට ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ DC Freedom කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන වනිඳු හසරංගට හිමි වී තිබෙනවා.

NASA Johnson අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අද (20) පැවති තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණයේ දී මෙලෙස හසරංගව DC Freedom විසින් සිය කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා.

හසරංගට අමතරව, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය (Seattle Orcas), ඇන්ජලෝ පෙරේරා (Seattle Orcas) සහ ලහිරු මිලන්ත (Team Texas) යන ඇමරිකාවේ වාසය කරන ක්‍රීඩකයින් දේශීය ක්‍රීඩකයින් ලෙස තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.

වරලත් (Franchise) ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙම වසරේ ජූලි 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගී වන අතර ඒවා නම්, Team Texas, Los Angeles Knight Riders, MI New York, San Francisco Unicorns, Seattle Orcas and Washington Freedom.

මෙම තරගාවලියේ ඇතුළුව ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<