ඔහුට සැත්කමක් ඕන නැහැ

341

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම ලබා දුන් උපදෙස් නිසි ලෙස අනුගමනය කළ නිසා පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී හට සිය පිටකොන්දේ ආබාධයට සැත්කමක් කිරීමට අවශ්‍ය නොවන බව වාර්තා වෙනවා. 

ස්නායු වෛද්‍යවරයෙක් වන ආසිෆ් බෂීර්, ස්නායු සම්බන්ධ ශාරීරික සුවතා විශේෂඥයෙකු වන මහාචාර්ය පීටර් ඔසුලිවාන් හා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කර තිබුණා.

හිටපු පාකිස්තාන ප්‍රබලයෙක් පුහුණු තනතුරකට

2019 සැප්තැම්බර් මාසයේ දී හසන් තමාට පිට කොන්දේ ආබාධයක් ඇති බව පකිස්තාන බලධාරීන්ට දැනුම් දී තිබුණු අතර ඔහුට ඒ නිසාම ඕස්ට්‍රේලියානු සංචාරයෙන් ද ඉවත් වන්නට සිදු වුනා. 

Quaid-e-Azam කුසලාන තරගාවලියේ දී ද ඔහුගේ ආබාධය නැවත මතු වූ නමුත් 2020 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන්නට ඔහුට වාසනාව හිමි වුනා. පසුගිය අප්‍රේල් මාසයේ දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍යවරුන් සනාථ කළේ මේ ආබාධය ඔහුගේ පිට කොන්දට අනවශ්‍ය පීඩනයක් ඇති වීම නිසා ඇති වන ආබාධයක් බවයි.

පසුගිය සතියේ දී අලී අන්තර්ජාලය ඔස්සේ පැය දෙකක පුහුණු සැසියකට සහභාගී වුනා. එහි දී වෛද්‍යවරුන් ඔහුගේ ප්‍රගතිය ගැන සෑහීමට පත්ව ඇති අතර අවසන් තීරණයක් ගැනීමට ප්‍රථමයෙන් අලීව සති පහක කාලයක් නිරීක්ෂණය කිරීමට නියමිතයි. 

“හසන් අලීට එකම ස්ථානයේ දෙවතාවක් ආබාධ ඇති වුනා. එක් වර්ෂයක් තුළ එහෙම වීම එතරම් හොඳ නැහැ” පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය සොහයිල් සලීම් පවසා සිටියා. “අපි අපිට ඉන්න හොඳම විශේෂඥයින්ගෙන් සහය අරන් online ක්‍රමයට ඔහුට ශාරීරික යෝග්‍යතා පුනරුත්තාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. හරිම සතුටුයි හසන් සිය ආබාධයේ ලක්ෂණ අඩුවෙන් පෙන්වීම ගැන.”

“කෙසේ වෙතත් මේ ඔහුගේ පුනරුත්තාපන වැඩසටහනේ මුල් දින කිහිපය. අපි ඉදිරි සති පහේ දී ඉතා සමීපව නිරීක්ෂණය කරලා අවසන් තීරණය ගන්නවා. එකක් විශ්වාසයි, හොඳම අය තමයි ඔහුට ප්‍රතිකාර කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කිසිම සැත්කමක් නැතුව ඔහු නැවත ක්‍රීඩා පිටියට පිවිසිලා හොඳින් දස්කම් දක්වයි කියලා.”

මධ්‍යගත කොන්ත්‍රාත්තුවක් නොලැබුණු හසන් අලී හට සිය ආබාධය සුව වී නැවත ක්‍රිකට් පිටියට පැමිණෙන තුරු පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට මුදල් ආධාර ලබා දීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<