තෙන්ඩුල්කාර් Out කරන්න අපි සාකච්ඡා වට ගණනාවක් තිබ්බා

240
(crictracker.com)

වසර 20කට ආසන්න කාලයක සිය ක්‍රීඩා දිවිය තුළ සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පන්දු යවන්නන්ට නිදිවර්ජිත රාත්‍රීන් රැසක් උරුම කළා. වත්මන් යුගයේ හොඳම පිතිකරුවා ලෙස විචාරකයින් හඳුන්වන තෙන්ඩුල්කාර් 2013 දී විශ්‍රාම ගන්නා විට ටෙස්ට් හා එක්දින ආකෘති දෙකේම ලොව වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරගෙන සිටියේ වැඩිම ජාත්‍යන්තර ශතක ගණනට ද උරුමකම් කියමින්.

>>එංගලන්ත සුක්කානම අලුත් ක්‍රීඩකයෙකුට<<

හිටපු එංගලන්ත නායක නසාර් හුසේන් පසුගිය දා පවසා තිබුණේ එවකට එංගලන්ත කණ්ඩායමේ කළමනාකාරිත්වය සෑම ඉන්දියා – එංගලන්ත තරගයකටම පෙර සචින් තෙන්ඩුල්කාර් දවා ගැනීමේ සැලසුම් සෑදීම සඳහා සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ තෙන්ඩුල්කාර්ගේ තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක පැවති බවයි.

“විශිෂ්ට පිතිකරුවන් ගැන මතක් කරන විට මට කියන්නට පුළුවන් සචින් තෙන්ඩුල්කාර්ට හොඳ තාක්ෂණයක් තිබුණා. මම එංගලන්ත නායකයා වෙලා ඉද්දී මට මතක් කරගන්න බැරි තරම් කණ්ඩායම් රැස්වීම් ගණනක් අපි පවත්වලා තියෙනවා තෙන්ඩුල්කාර්ව දවා ගන්න විදිය සාකච්ඡා කරන්න” Cricket Inside Out වැඩසටහනට එක්වෙමින් හුසේන්, ඉයන් බිෂොප් හා එල්මා ස්මිත් සමඟින් පවසා සිටියා.

හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් ද සචින් ගැන මතක් කරමින් පවසා සිටියේ, සචින් දේශීය තරග පිටියේ ක්‍රීඩා කළ ආකාරයෙන් විමතියට පත්ව තමන්ගේ පන්දු යැවීමේ සගයින් ද ඔහුට පන්දු යැවීම ගැන යම් චකිතයකින් සිටි බවයි.

>>කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට<<

“මුළු ඉන්දීය 19න් පහළ කණ්ඩායමම සචින් ගැන උදම් අනමින් සිටියේ. ඔහු කොතරම් දක්ෂ ද කියලා, ඔහු එවකට පාසල් යනවා, පාසල් තරග පිටියේ ත්‍රිත්ව ශතක වාර්තා කරනවා, කාටද පුළුවන් ඉස්කෝලේ යන කාලේ ත්‍රිත්ව ශතක ගහන්න? ඉස්කෝලේ යන කාලේ ශතකයක් ගහනවා කියන්නෙත් ලොකු දෙයක්” වකාර් The Greatest Rivalry වැඩසටහනේ දී පවසා සිටියා.

“අපි හැම වෙලාවේම දැනගෙන හිටියා මේ යොවුන් ක්‍රීඩකයා ඉතා දක්ෂ වෙයි කියලා, නමුත් මම මුලින්ම ඔහු දැකපු වතාවේ ඔහු විශිෂ්ටයෙක් වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ඔහු වසර ගණනක් පුරා කරපු දේවල් හරිම පුදුමයි. එක මොහොතක මම සිතුවේ නැහැ ඔහු ක්‍රිකට් ලෝකයේ ලොකු නමක් වෙයි කියලා. නමුත් ඔහුගේ මහන්සියේ ප්‍රතිඵල ලැබුණා.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<