ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී සහභාගි වීමට සිටි පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකදු හෝ පන්දුවක් නොයවමින් අතහැර දැමීමට සිදුවූවා.
අද (4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතව තිබූ මෙම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වීමට සූදානම් ව සිටියේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම තරගය පස්වරු 5.30 ට පමණ නතර කෙරුණා.
- Stats : දකුණු අප්‍රිකාව 69ට දැවී යයි
- Stats : ඉනෝකා සහ උදේශිකා ජ්‍යෙෂ්ඨයන් අතර පෙරමුණ ගනී
- ඉනෝකා ගේ කඩුලු දඩයමට අසාර්ථක අවසානයක්
- ලෝක කුසලාන සැරසූ ලළනාවෝ
- දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ජයග්‍රහණ වාර්තා කරයි
පළමු තරගයේ දී ඉන්දියාව හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 59 පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගය සඳහා සහභාගී වන විට -1.255ක ලකුණු ලබා ගැනීමේ දළ වේගයක් පවත්වාගෙන සිටි අතර නොපැවැත්වූ මෙම තරගයත් සමඟ ඔවුන්ට ප්‍රසාද ලකුණක් ලැබුණා. ඒ සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පිවිසියා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගයෙන් හිමි වූ ප්‍රසාද ලකුණත් සමඟින් ඔවුන් ලකුණු 3ක් ලබා එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත්තා. ඔවුන් තම පළමු තරගය අවසන් කරන්නේ නවසීලන්තය කණ්ඩායමට එරෙහිව ලකුණු 89ක ජයග්‍රහණය කරමිනුයි.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















