හාලන්ඩ්ගෙන් වාර්තා රැසක්

212

මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ Erling Haaland (එර්ලින්ග් හාලන්ඩ්), පසුගිය දා පැවති ශූරයන්ගේ කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී වාර්තා පොත් අලුත් කළා.

මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට එරෙහිව සටන් වැදුණේ RB ලිප්සිග් කණ්ඩායමයි. හාලන්ඩ් එහි දී ගෝල 5ක් වාර්තා කළා. යුරෝපයේ පැවැත්වෙන ඉහළම ක්‍රීඩා සමාජ තරගාවලිය වන මෙහි දී ඔහු විසින් ගෝල 30ක් පසුකළ වේගවත්ම සහ ළාබාලතම ක්‍රීඩකයා යන ගෞරවය දිනා ගත්තා.

එමෙන්ම එක් තරගයක දී ගෝල 5ක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට ද ඔහු පත්වුනා. මින් පෙර එය සිදුකර තිබුණේ ආජන්ටිනාවේ ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩක Lionel Messi (ලියොනල් මෙසී) සහ බ්‍රසීල ඉදිරිපෙළ ක්‍රීඩක Luiz Adriano (ලුයිස් ඇඩ්රියානෝ) පමණයි.

22 හැවිරිදි හාලන්ඩ් මෙතෙක් මෙම තරග වාරය තුළ සියලු තරගාවලිවල දී ගෝල 39ක් වාර්තා කරගෙන සිටිනවා. මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් එක් තරග වාරයක දී වැඩිම ගෝල වාර්තා කර ඇත්තේ ඔහුයි. එමෙන්ම ඔහු විසින් මෙතෙක් ගෝල ත්‍රිත්වයන් 5ක් වාර්තා කරගෙන තිබෙනවා.

මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ගෝල 7-0ක් ලෙස තරගය ජය ගත්තා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<