ගෙවුනු දවස අගෝස්තු 05 – සුපරි රග්බි තරගය ඊයේ සහ අද

368
past day August - 05

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් ඉදිරිපත් කරන්නෙමු. සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

රග්බි –

ඉසිපතන සහ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම් ඉදිරියට

ශ්‍රී ලංකාවේ අංක එකේ දුරකතන සේවා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ සවිබලයෙන්, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සංවිධානයෙන් ප්‍රථම වරට පැවැත්වෙන “ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය“ ඊයේ (05) කොළඹ තුරග තරග ක්‍රීඩා පිටියේදි ආරම්භ විය.

ලකුණු සාරාංශයන් –

පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය

  • වෙස්ලි විදුහල 12 : 14 ඉසිපතන විද්‍යාලය
  • ශාන්ත තෝමස් විද්‍යාලය 31 : 00 ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • වේල්ස් කුමර විදුහල 00 : 33 ශාන්ත පීතර විද්‍යාලය
  • සහිරා විද්‍යාලය 05 : 19 ශාන්ත ජෝශප් විද්‍යාලය
  • වෙස්ලි විදුහල 34 : 12 ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • ශාන්ත තෝමස් විද්‍යාලය 10 : 19 ඉසිපතන විද්‍යාලය
  • වේල්ස් කුමර විදුහල 12 : 21 ශාන්ත ජෝශප් විද්‍යාලය
  • සහිරා විද්‍යාලය 15 : 29 ශාන්ත පීතර විද්‍යාලය

සුපර් සෙවන්ස් රග්බි තරගාවලිය

  • මොබිටෙල් ඊගල්ස් 32 : 12 අැක්සස් කින්ග්ස්
  • කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස් 12 : 17 සොෆ්ට්ලොජික් වොරියර්ස්
  • EZY වුල්ෆ්ස් 28 : 12 වෝකර්ස් CML වයිපර්ස්
  • එටිසලාට් පැන්තර්ස් 07 : 40 කාගිල්ස් ග්ලැඩියේටර්ස්
  • මොබිටෙල් ඊගල්ස් 24 : 07 සොෆ්ට්ලොජික් වොරියර්ස්
  • කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස් 21 : 17 අැක්සස් කින්ග්ස්
  • EZY වුල්ෆ්ස් 19 : 14 කාගිල්ස් ග්ලැඩියේටර්ස්
  • එටිසලාට් පැන්තර්ස් 17 : 12 වෝකර්ස් CML වයිපර්ස්
  • මොබිටෙල් ඊගල්ස් 19 : 21 කේ. බී. එස්. එල්. ඩ්‍රැගන්ස්
  • සොෆ්ට්ලොජික් වොරියර්ස් 31 : 07 අැක්සස් කින්ග්ස්
  • EZY වුල්ෆ්ස් 24 : 07 එටිසලාට් පැන්තර්ස්
  • කාගිල්ස් ග්ලැඩියේටර්ස් 35 : 14 වෝකර්ස් CML වයිපර්ස්

අද (06) තරගාවලියේ පලමු වටයේ දෙවන දිනයයි.

සම්පූර්ණ ලිපිය: ඉසිපතන සහ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම් පෙරමුණේ

ක්‍රිකට් –

දෙවැනි ටෙස්ට් තරගයත් දිනන ලකුණු

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක එළිපත්තට රැගෙන එමිනි. ලකුණු 413ක දැවැන්ත ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානුවන් ඊයේ (05) දිනයට තරගය නිමා කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 25ක් ලබා සිටියි.

ලකුණු පුවරුව:

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියල්ලන් දැවී 281 (73.1) – කුසල් මෙන්ඩිස් – 86, ඇන්ජලෝ මතිව්ස් – 54, කුසල් ජනිත් – 49, ධනංජය ද සිල්වා – 37, මිචෙල් ස්ටාක් – 5/44, නේදන් ලයන් – 2/78

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – සියල්ලන් දැවී – 106 (33.2) – ඩේවිඩ් වෝනර් – 42, මිචෙල් මාෂ් – 27, දිල්රුවන් පෙරේරා – 4/29, රංගන හේරත් – 4/35, ලක්ෂාන් සඳකැන් 1/00, විශ්ව ප්‍රනාන්දු – 1/16

ශ්‍රී ලංකා දෙවන ඉනිම – සියල්ලන් දැවී 237 (59.3) – දිල්රුවන් පෙරේරා – 64, ඇන්ජලෝ මැතිව්ස් – 47, කුසල් ජනිත් – 35, ධනංජය ද සිල්වා – 34, රංගන හේරත් – 26, මිචෙල් ස්ටාක් – 6/50, නේදන් ලයන් – 2/80

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම – 25/3 (6) – ඩේවිඩ් වෝනර් – 22*, දිල්රුවන් පෙරේරා – 2/09, රංගන හේරත් – 1/16

ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය සඳහා කඩුලු 7ක් අතැතිව ලකුණු 388ක් පසුපසින් සිටියි.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාව තරගාවලි ජයග්‍රහණය අභියස


යොවුන් ටෙස්ට් තරගාවලියේ ජය අපට

ලහිරු කුමාරගේ වේග පන්දුවේ බලය හමුවේ දනින් වැටුණු එංගලන්ත යොවුන් කණ්ඩායම පරදවා කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් යොවුන් ටෙස්ට් තරගාවලිය ජයගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම අද සමත් විය. දෙවන යොවුන්  ටෙස්ට් තරගය පැවැත්වුනේ එංගලන්තයේ නොදම්ප්ටන් හීදීයි.

ලකුණු පුවරුව :

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – සියල්ලන් දැවී 208 (82.2) මැක්ස් හෝල්ඩන් – 111*, ඔලී වෙස්ට්බරි – 45, එඩ් බාන්ස් – 16, අමර් විර්දී – 16, ලහිරු කුමාර – 7/82, වනිඳු හසරංග – 1/6, ජෙහාන් ඩැනියල් – 1/27, තිලාන් ප්‍රසාන් – 1/33

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – සියල්ලන් දැවී – 307 (84) නවිඳු විතානගේ -80*, ජෙහාන් ඩැනියල් – 52,  අවිශ්ක ප්‍රනාන්දු – 49, චරිත් අසලංක – 33, එඩ් බාන්ස් – 3/38, ජෝජ් පනායි  – 3/51

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවන ඉනිම – සියල්ලන් දැවී – 192 (66.4) ඔලී වෙස්ට්බරි – 41, ඒරන් බියර්ඩ් – 26, ජෝජ් බාට්ලට්  – 26, ලහිරු කුමාර – 4/52, ප්‍රවීන් ජයවික්‍රම – 3/38, චරිත් අසලංක  – 2/04

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවන ඉනිම – 94/3 (10.2) – චරිත් අසලංක – 40, වනිඳු හසරංග – 20*, අවිශ්ක ප්‍රනාන්දු – 20, ජෝජ් පනායි – 2/18

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරග 2කින් සමන්විත යොවුන් ටෙස්ට් තරගාවලියේ ජය තරග 1 – 0 ක් ලෙස ශ්‍රී ලංකාවට.

දවසේ නිමාව

 

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට