23න් පහළ ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගන්න ශ්‍රී ලංකාව A කාණ්ඩයට

290

2022 වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර රටවල් වර්ගීකරණයේ A කාණ්ඩයට එක්කර තිබෙනවා.

2022 වසරේ උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වන මූලික කණ්ඩායම් පසුගිය දා නම් කෙරුණා.

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගාවලිය සඳහා කණ්ඩායම් 15ක් සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 42ක් මූලික සුදුසුකම් සපුරා තිබෙනවා. එම කණ්ඩායම් කාණ්ඩ 11ක් යටතේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරග වැදීමට නියමිතයි. 

මෙම තරගාවලියේ සත්කාරකත්වය මේ වන විටත් උස්බෙකිස්තානයට හිමිව ඇති අතර මධ්‍යම ආසියාව තුල මෙම තරගාවලිය පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

නම් කර තිබෙන කාණ්ඩ සඳහා කණ්ඩායම් තෝරාගැනීමේ දී මූලික වශයෙන් බටහිර සහ නැගෙනහිර ලෙස වෙන් කර තිබෙනවා. බටහිර කණ්ඩායම් සඳහා කණ්ඩායම් 23ක් ඇතුළත් වන අතර එයට බටහිර, දකුණු සහ මධ්‍යම ආසියානු රටවල් ඇතුළත් වනවා. අනෙක් කාණ්ඩය සඳහා නැගෙනහිර සහ ASEAN කණ්ඩායම් ඇතුළත් වනවා. 

තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටය එළඹෙන ඔක්තෝබර් 31 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එම වටය අවසානයේ එක් එක් කාණ්ඩවල පෙරමුණ ගන්නා කණ්ඩායම් 11 අවසන් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර දෙවැනි ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් 11 අතරින් හොඳම දස්කම් දක්වන කණ්ඩායම් 4ක් තරගාවලිය සඳහා එක්වීමට නියමිතයි.

තවත් පාපන්දු පුවත්: 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා A කාණ්ඩය යටතේ සහභාගී වීමට නියමිතයි. එම කාණ්ඩය නියෝජනය කරන සෙසු කණ්ඩායම් වන්නේ සිරියාව, කටාර් රාජ්‍යය සහ යේමනයයි.

B කාණ්ඩය සඳහා ඉරානය, ටජිකිස්තානය, ලෙබනනය සහ නේපාලය ඇතුළත් ව සිටිනවා. 

තරගාවලිය සඳහා බටහිර කාණ්ඩය නියෝජනය කරන රටවල් මෙසේයි.

A කාණ්ඩය  B කාණ්ඩය  C කාණ්ඩය  D කාණ්ඩය  E කාණ්ඩය F කාණ්ඩය 
සිරියාව ඉරානය ඉරාකය සෞදි අරාබිය එක්සත් අරාබි එමීර්  ජෝර්දානය 
කටාර් රාජ්‍යය ටජිකිස්තානය  බහරේනය  බංග්ලාදේශය  ඕමානය  පලස්තීනය
යේමනය ලෙබනනය ඇෆ්ගනිස්තානය  කුවේට් රාජ්‍යය ඉන්දියාව  ටර්ක්මෙනිස්ථානය
ශ්‍රී ලංකාව නේපාලය මාලදිවයින උස්බෙකිස්තානය

මේ අතර ඕස්ට්‍රේලියාව, කොරියාව සහ වියට්නාමය ඇතුළු තවත් රටවල් 19ක් නැගෙනහිර කාණ්ඩය සඳහා නම් කර තිබෙනවා. එලෙස නම් කර ඇති රටවල් මෙසේයි.

G කාණ්ඩය  H කාණ්ඩය  I කාණ්ඩය  J කාණ්ඩය  K කාණ්ඩය
ඕස්ට්‍රේලියාව  කොරියාව  වියට්නාමය  තායිලන්තය කොරියාව DPR
චීනය සිංගප්පූරුව   මියන්මාරය   මැලේසියාව   ජපානය 
ඉන්දුනීසියාව ටිමෝර් හොංකොං   ලාඕසය  කාම්බෝජය 
බෲනායි  පිලිපීනය  චීන තායිපේ මොංගෝලියාව

AFC නිල වෙබ් අඩවිය ඇසුරිනි 

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<