හෝලික්‍රොස් හා අන්තෝනි ඉණිමක ජයග්‍රහණයන් දකියි

448
Singer schools cricket round up

මේ දිනවල පැවැත්වෙන සිංගර් වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තරඟ කිහිපයක් පැවැත්විණි.

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ධර්මරාජ විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම – 86-10 (43.5) ධනුක මාරසිංහ ලකුණු 28 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 26 කට කඩුලු  5 ක් දවාලීමට නිකිත විජේසුන්දර සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම -61-5 (31) කවීන් පෙරේරා ලකුණු 26යි. දුලාජ් බණ්ඩාර ලකුණු  24 කට කඩුලු 2 ක් දවාලන ලදි.

කළුතර හෝලික්‍රොස් විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය (A) අතර තරඟය

මෙම තරඟයකාණ්ඩයේ තරඟයක් ලෙස සාන්ත ජෝන් විද්‍යාලය ක්‍රිඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් පළමු ඉණිම ජයග්‍රහණය කිරීමට හෝලික්‍රොස් විද්‍යාලය සමත් විය.

හෝලික්‍රොස් විද්‍යාලය පළමු ඉණිම -177-10 (48.3) ෂෙරන් ෆොන්සේකා ලකුණු 40, විහඟ ගුණරත්න ලකුණු 35යි. පන්දු යැවීමේ දී මිහිරංග ප්‍රනාන්දු ලකුණු 34කට කඩුලු  3ක් දවාලීමට සමත් විය.

ශ්‍රී සුමංගල විද්‍යාලය (A) පළමු ඉණිම – 74-10 (37) මිහිරංග ප්‍රනාන්දු ලකුණු 29යි. රුෂිත අකලංක ලකුණු 18කට කඩුලු 3ක් හා විහඟ ගුණරත්න ලකුණු 24 කට කඩුලු 2ක් දවාලන ලදි.

හෝලික්‍රොස් විද්‍යාලය දෙවන ඉණිම – 116-1(8) කවිදු උමයංග ලකුණු 52*ක් හා සඳරු ලක්ෂාන් ලකුණු  31* සිටින ලදි.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (A) හා සඳලංකා මධ්‍ය විද්‍යාලය අතර තරඟය

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් සදලංකා මධ්‍ය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. මෙම තරගයෙන් පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබාගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය.

සඳලංකා විද්‍යාලය පළමු ඉණිම – 92-10 (41.2) තරිදු මධුවන්ත ලකුණු 27යි. තනුෂ්ක ඩිල්ශාන් ලකුණු 23කට කඩුලු 5ක් හා මොහොමඩ් කලිල් ලකුණු 6 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය (A) පළමු ඉණිම – 237-8 (56) උවිදු අභිෂේක් ලකුණු 77, ගිහාන් අමිත් ලකුණු 61යි. පන්දු යැවීමේ දී ලකුණු 48 කට කඩුලු 4 ක් දවාලීමට හිරැෂ හතරසිංහ සමත් විය.

තවත්  පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න