වේග පන්දුවේ බලය ගැන ෆොඩ් ලතැවෙයි

400
Graham Ford

එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලියේදී බලාපොරොත්තු නොවූ ලෙස වේග පන්දු යවන්නන් ආබාධවලට ලක්‌වීම සහ පන්දු යෑවීමේ ඉරියව්ව සම්බන්ධව සැක පහළ වීම යන කරුණු දෙස අවධානය යොමු කිරීමේදී එය ශ්‍රී ලංකා වේග පන්දුවේ තත්ත්වය කිසියම් පහළ යන තත්ත්වයක්‌ වන බවත් එය කණ්‌ඩායමක්‌ වශයෙන් තරමක අවදානමක්‌ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු ග්‍රැහැම් ෆොඩ් මහතා සඳහන් කර සිටියි.

පසුගිය ලිපි: මෙහෙම ගියොත් කොහොමත් අවුල්

වේග පන්දු යවන්නන් වන ධම්මික ප්‍රසාද් සහ දුෂ්මන්ත චමීර දෙදෙනා ආබාධවලට ලක්‌වීම මෙන්ම ශමින්ද එරංගගේ පන්දු යෑවීමේ ඉරියව්ව සැක සහිත බව විනිසුරුවන් වාර්තා කිරීම නිසා ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු බල ඇණියේ ශක්‌තිය හීන වීමට සෘජුවම බලපා තිබේ.

සමහර විට අපි මේ අවස්‌ථාවේදී වේග පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වුණු ගැඹුර නොලැබීම ටිකක්‌ අනතුරු දායක තත්ත්වයක්‌යෑයි ෆොඩ් සඳහන් කරයි. අපේ වේග පන්දු යවන්නන් ආබාධවලට ලක්‌වී තිබෙන නිසා අපිට අනාගතයේදී ඒ ගැන ලොකු ව්‍යාපෘතියක්‌ කරන්න වෙයි. අපි මෙහේ එන්න කළින් මම දැක්‌කා ගොඩක්‌ දක්‌ෂ තරුණ වේග පන්දු යවන්නන්ව. මට විශ්වාසයක්‌ තියෙනවා අපිට දක්‌ෂතා තියෙන පන්දු යවන්නන් ඉදිරියේදී සොයා ගැනීමේ අවස්‌ථාවක්‌ පවතිනවා කියලායි ෆොඩ් පවසයි.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න