ගුවන් ප්‍රහාරයෙන් බේරුණු හැව්ලොක්ට විශිෂ්ට ජයක්

108
Club Rugby

ලකුණු 30-19ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ CR&FC කණ්ඩායම පසුකර යන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය ඊයේ (8) සමත් වුනා. 

වෙනස්කම් රැසක් සමඟින් හැව්ලොක් කණ්ඩායම මේ තරගයට පිවිසුණු අතර විමුක්ති රාහුල කණ්ඩායමේ ස්ථානයක් නැවතත් දිනා ගද්දි, අකාෂ් ඉද්දවෙල සෙන්ටර් ක්‍රීඩකයෙක් ලෙස මේ තරගයට පිවිසුණා. 

නාවිකයින් අභිබවා යුද හමුදාවට තියුණු ජයක්

Dialog අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ යටතේ ඊයේ (6) යුද හමුදා ක්‍රීඩා සමාජය

දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් සංදේශ් ජයවික්‍රම තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා. ඉන්පසුව ගුවන් හමුදාවට හිමි වුණු දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ගයන්ත ඉද්දමල්ගොඩ ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියට ගෙන එන්නට සමත් වුනා. (හැව්ලොක් 03-06 ගුවන්)

ජයවික්‍රමගේ හරස් පන්දු යොමු කිරීමක් Wing ක්‍රීඩක රැන්ඩි සිල්වා රැකගත් අතර ඔහු පන්දු ශානුක කුමාර වෙත භාරදීමෙන් අනතුරුව ඔහු දක්ෂ ලෙස 24 වන මිනිත්තුවේ දී ධවල රේඛාව ඉක්මවා ගියා. ජයවික්‍රම අමතර ලකුණු ද එකතු කරන්නට සමත් වුනා. (හැව්ලොක් 10-06 ගුවන්)

ඉද්දමල්ගොඩ තවත් දඬුවම් පහරකින් ලකුණු පරතරය අඩු කරන්නට සමත් වුණු නමුත් ජෙහාන් සිලේගමට කහ කාඩ්පතක් ලැබුණේ හැව්ලොක් කණ්ඩායමට අමතර වාසියක් හිමි කර දෙමින්. එම වාසිය මනා ලෙස උපයෝගී කරගත් හැව්ලොක් ක්‍රීඩකයින් Rolling Maul අවස්ථාවකින් ලකුණු රැස් කළේ අස්මීර් ෆජුදීන්ගේ සුරතින්. (හැව්ලොක් 15-09 ගුවන්)

පළමු අර්ධය නිමා වෙන්නට සුළු මොහොතකට පෙර ගයන්ත ඉද්දමල්ගොඩ තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේ ලකුණු පරතරය පහල දමමින්.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 15 – 12 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ලකුණු සමඟ ආරම්භ කරමින් ෆජුදින් සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කරන්නට සමත් වූ අතර සංදේශ් ජයවික්‍රම අමතර ලකුණු ද එකතු කළා.  ඊට මොහොතකට පසුව ලැබුණු දඬුවම් පහර දෙකක් ලකුණු බවට පරිවර්තනය කරන්නටත් ජයවික්‍රම සමත් වුනේ ගුවන් හමුදාවෙන් තරගය උදුරා ගනිමින්. 

ගුවන් හමුදා ක්‍රීඩකයින් රනුක මැදගෙදරගේ සුරතින් උත්සාහක දිනුමක් වාර්තා කළත් එය නැවත තරගයට පිවිසෙන්නට ප්‍රමාණවත් වුනේ නැහැ. ඉද්දමල්ගොඩ අමතර ලකුණු එකතු කළා. (හැව්ලොක් 25-19 ගුවන්) 

පොලීසියේ මහනුවර වැටලීම අසාර්ථකයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 14 වැනි සතියේ අවසන් තරගය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය

රැන්ඩි සිල්වා පිටියේ කෙළවරකින් දක්ෂ ධාවනයක යෙදෙමින් හැව්ලොක් කණ්ඩායමේ අමතර ප්‍රසාද ලකුණට අවශ්‍ය සිව්වන උත්සාහක දිනුම වාර්තා කළා. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 30 (4T 2C 2P) – 19 (1T 1C 4P) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

Dialog Viu තරගයේ වීරයා: අස්මීර් ෆජුදින් (හැව්ලොක්)ෙ

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • හැව්ලොක්: ශානක කුමාර 1T,  අස්මීර් ෆජුදින් 2T, රැන්ඩි සිල්වා 1T, සංදේශ ජයවික්‍රම 2C 2P
  • ගුවන් හමුදාව: රනුක මැදගෙදර 1T,  ගයන්ත ඉද්දමල්ගොඩ 1C 4P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <