ක්‍රිස් ගේල්ගේ රසිකයින්ට සුබ ආරංචියක්

236

2019 පෙබරවාරි මස දී හා 2019 ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ ක්‍රිස් ගේල් ලෝක කුසලානයට පසුව පැවැත්වෙන ඉන්දීය එක්දින තරගාවලිය සඳහා ද සූදානම් බව පවසා තිබේ. ඒ අද (27) පැවැත්වෙන ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් තරගයට පෙර පැවැත්වෙන  මාධ්‍ය හමුවේ දීයි. 

ගහට ගහක් මුණ ගැසෙන මොරටුව = ලීඩ්ස් වූ දා

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා එංගලන්තයට …….

1999 වසරේ දී එක්දින ක්‍රිකට් තරග හරහා ජාත්‍යන්තර පිටියට පිවිසි 39 හැවිරිදි ක්‍රිස් ගේල් මේ වන විට එක්දින තරග 295ක දී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 10345කි.  බිහි වූ කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් ඔහු දෙවෙනි වන්නේ, සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාට පමණි.

“මම ලෝක කුසලානයට පස්සේ පැවැත්වෙන ඉන්දීය ක්‍රිකට් තරගාවලියත් සෙල්ලම් කරනවා. සමහර විට ටෙස්ට් තරගයකුත් සෙල්ලම් කරයි. කොහොම වුනත් විස්සයි විස්ස ක්‍රිකට් තරග නම් ක්‍රීඩා කරන්න අදහසක් නැහැ. ඒක තමයි ලෝක කුසලානයෙන් පස්සේ මට දැනට තියෙන සැලසුම්.” යැයි ක්‍රිස් ගේල් පැවසීය.  

ක්‍රිස් ගේල් එක්දින ශතක 25ක් වාර්තා කර ඇති අතර 2015 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔහු රැස් කළ ලකුණු 215 ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වී තිබේ. එක්දින තරගවල දී ද්විත්ව ශතක රැස් කළ ලොව පිතිකරුවන් 6 දෙනාගෙන් ඔහු එක් අයෙකි. ඊට අමතරව, පිට දඟපන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඔහු කඩුලු 256ක් දවාගෙන තිබේ.

“මේ ඉන්දීය තරගාවලිය පැවැත්වෙන්නේ අපේ දේශයේ එක්දින තරග තුනයි ටෙස්ට් තරග දෙකයි තමයි තියෙන්නේ. විස්සයි විස්ස තරග තුනකුත් තියෙනවා නමුත් ඒ තරග නම් ක්‍රීඩා කරන්න මගේ අදහසක් නැහැ. මම ඒ තරගවල කොහොම හරි ශතකයක් ගහන්න ලොකු ආසාවකින් ඉන්නවා.” 

ගේල් 2004 වසරේ දී එංගලන්තයේ පැවති ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගත් කොදෙව් කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය. ක්‍රිස් ගේල් ටෙස්ට් තරග 103කට ක්‍රීඩා කර ඇතත්, මෑත කාලීනව ඔහු සීමිත පන්දුවාර තරගවලට වැඩි වශයෙන් ක්‍රීඩා කළේය.

ඔහු නැති අඩුව අපිට තදටම වැදුණා – එංගලන්ත නායක

ඊයේ (21) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් නොසිතූ ………..

ගේල් මීට පෙර එනම් මේ වසර ආරම්භයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සිය සමුදීම පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්.

“දැන් මගේ කාලය ඉවරයි, මගේ සතුටු වීම සඳහා දැන් මගේ අවස්ථාව තරුණයින්ට ලබා දිය යුතුයි.” 

කෙසේ නමුත් මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැනට තරග 6ක් ක්‍රීඩා කර තිබෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් තරගයක් ජයගෙන තරග 4ක් පරාජය වී තවත් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් කරගෙන ප්‍රසාද ලකුණු 3ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානය දිනාගෙනයි.

“මගේ ක්‍රිකට් දිවියේ ද්විත්ව ශතක ලබාගත්තු දවස් හැමදාම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒවා මගේ මතකයේ හැමදාම තියේවි. අපේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන ශායි හෝප්, නිකලස් පූරාන් අපේ ක්‍රිකට් අනාගතය තවත් ලස්සන කරයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි ගේල් අවසන් වශයෙන් පැවසීය.

කෙසේ නමුත් ක්‍රිස් ගේල් යනු ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළන ලද ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ගේල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම තවත් මාස කිහිපයකින් පමා කිරීමේ හේතුව නිසා ඔහුගේ ක්‍රීඩා විලාසය තවදුරටත් දැක ගැනීමට ලොව පුරා විසිරුණු ක්‍රිකට් රසිකයින්ට හැකිවෙනු ඇත.

බාබර් අසාම් කිවියන්ගේ අපරාජිත බව විනාශ කර දමයි

වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය………..

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අගෝස්තු මස 3 වැනිදා සිට සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා විස්සයි – විස්ස හා එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත්ය.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොදෙව් කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය අද (28) ඉන්දියාව සමඟ පැවැත්වේ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<