ගේල් එසේ මෙසේ නොවන වාර්තාවකට හිමිකම් කියයි

177

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව ඊයේ (31) පැවති තරගයේ දී පන්දු 34ක දී ලකුණු 50ක් වාර්තා කර ගත් ක්‍රිස් ගේල් මේ දක්වා පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම 6 පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත්විය.

ප්‍රතිවාදීන් කවුරු වුනත් ක්‍රීඩා විලාසය වෙනස් කරන්නේ නැහැ – හෝල්ඩර්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා…

ඔහු ඊයේ දිනයේ දී වාර්තා කරගත්තේ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 52 වැනි අර්ධ ශතකයයි. ගේල් 2003 වසරේ සිට මේ දක්වා පවත්වා තිබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 5ක දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගෙන තිබේ. ඔහු ඊයේ තරගයට අවතීර්ණ වන විට 6 පහර 37ක් වාර්තා කරගනිමින් දකුණු අප්‍රිකාවේ ඒ. බී ඩිවිලියස් හා සම මට්ටමේ රැඳී සිටි නමුත් පාකිස්තානයට එරෙහිව ලබා ගත් 6 පහර 3ත් සමඟ එම වාර්තාවේ තනි හිමිකරුවා බවට පත්වීමට ගේල්ට හැකි විය.

පාකිස්තානයේ වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලීට එරෙහිව පිට පිට පන්දු දෙකක දී එල්ල කළ යෝධ 6 පහර දෙකට අමතරව වහබ් රියාස් යොමු කළ ඉනිමේ 10 වැනි පන්දුවාරයේ ගේල් විසින් එල්ල කළ 6 පහර ද එයට ඇතුළත් වේ.

6 පහර 40*ක් එල්ල කළ සිටින ගේල් මේ වාර්තාවේ දැනට ඉදිරියෙන්ම සිටින විට, දකුණු අප්‍රිකාවේ ඩිවිලියර්ස් (6 පහර 37), ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් (6 පහර 31) හා නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් (6 පහර 29) යන ක්‍රීඩකයින් පිළිවෙළින් එහි දෙවන , තෙවන හා සිව්වැනි යන ස්ථානයන් දිනාගෙන සිටී.

පාකිස්තානයට නොසිතූ ඉරණමක්

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් කළ දින සිට දින 3ක් දක්වා…

එම ලැයිස්තුවේ පළමු 10 දැනට සිටින ක්‍රීඩකයින් අතරේ ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩකයා වන්නේ 6 පහර 27ක් එල්ල කොට තිබෙන සනත් ජයසූරියයි. සනත් හා සචින් යන දෙදෙනාම 6 පහර 27 බැගින් එල්ල කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ මේ දක්වා වැඩිම 6 පහර එල්ල කළ ක්‍රීඩකයන් අතර 6 වන තැන දිනාගෙන සිටී.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<