අවසන් හතරට ප්‍රබල හා සමබර කණ්ඩායම් හතරක්

1241

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 22 වැනිදා හා 24 වැනිදා පැවැත්වෙනු ඇත.

ගාලු පුරවරයේ ආදරවන්තයෝ අවසන් හතරට

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2017/18 පළමු පෙළ අවසන් පූර්ව තරග දෙකක් හා දෙවන පෙළ අවසන් මහා තරගය අද (10) ක්‍රියාත්මක විය. පළමු පෙළ අවසන් පූර්ව තරග දෙක ජයග්‍රහණ…

මෙම තරගකාරී හා තීරණාත්මක අවසන් පූර්ව තරග සඳහා කොළඹ ප්‍රදේශයේ පාසල් දෙකක් වන සාන්ත පීතර විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා ගාලු පුරවරයේ ආදරවන්තයින්ගේ සටන දිග්විජය කරන මහින්ද විද්‍යාලය හා ගියවර ශූරතාවය දිනාගත් රිච්මන්ඩ් විද්‍යාලය සුදුසුකම් ලබාගෙන ඇත.

මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ මස 22 වැනිදා (ඉරිදා) සාන්ත පීතර විද්‍යාලය හා මහින්ද විද්‍යාලය අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර  සාන්ත තෝමස් විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගය ලබන 24 වැනිදා (අඟහරුවාදා) සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

අවසන් අවසන් පූර්ව තරග සඳහා පැමිණි ගමන් මඟ

සුපිරි 16 දෙනාගේ තරග වටයේ දී මොරටුව පාසල් ද්විත්වයක් වන සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය පරාජය කරමින් ගාල්ල මහින්ද විද්‍යාලය සුපිරි 4 දෙනාගේ තරග වටයට තේරී පත්විය. සාන්ත පීතර විද්‍යාලය මේ සටනට සුදුසුකම් ලබාගත්තේ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම් පරාජයට පත්කරමිනි.

තවද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පිළිවෙළින් සුපිරි 16 වටයේ හා සුපිරි 8 වටයේ දී කොළඹ මහානාම විද්‍යාලය කඩුලු 9කින් හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නා විට, ඩෙලෝන් පීරිස් ප්‍රමුඛ සාන්ත තෝමස් විද්‍යාලය ඩී. එස්. සේනානායක විද්‍යාලය ලකුණු 195කින් හා කැලණිය ගුරුකුල විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

එම නිසා මේ කණ්ඩායම් හතරම පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම  ඉතාමත් සමබර හා ප්‍රබල කණ්ඩායම් හතරක් වන නිසා ඉතාමත් තියුණු සටනක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින් හට අවස්ථාව හිමිවනු ඇත.

    සංචිත    

මහින්ද විද්‍යාලය: රෙෂාන් කාවින්ද (නායක), විනුර දුල්සර (උප නායක), හංසික වැලිහිඳ, අශාන් කණ්ඩම්බි, නවෝද් පරණවිතාන, කේ. කේ. කෙවින්, නිපුන් මාලිංග, කවිඳු එදිරිවීර, අසේල ප්‍රියදර්ශන, සුභානු රාජපක්ෂ, කමිඳු එදිරිසිංහ, ප්‍රමිත් තෙවරප්පෙරුම, පසන් පෙතනගොඩ, අශාන් ශාමික, ලහිරු භාෂණ, ප්‍රගීත් මලින්ත, තරිඳු ඩිල්ශාන්, අනුජ ශෙහාන්, ඔසිඳු කාවින්ද, කවිශ විමුක්ති, අනිල් රිදීගම්මනගෙදර (පුහුණුකරු)

Highlights – St. Joseph’s College vs St. Peter’s College | 44th One Day Encounter

The 44th annual limited overs cricket encounter between St. Joseph’s College and St. Peter’s College was held on 24th March at SSC Grounds.

සාන්ත පීතර විද්‍යාලය: සන්තුෂ් ගුණතිලක (නායක), මිෆ්ලාල් අමීන් (උප නායක), රන්මිත් ජයසේන, ශලිත් ප්‍රනාන්දු, සචින් සිල්වා, ශිවාන් පෙරේරා,  සුලක්ෂණ ප්‍රනාන්දු, දිනිත් අංජුල, නිපුන්ක ෆොන්සේකා, ප්‍රබාසර හේරත්, ලශේන් රොද්‍රිගෝ, භානුක ද සිල්වා, හිම්සර රන්දෙනි, නිරෝෂ් අර්ෂණ, තාරික් සබූර්, රුවින් සෙනෙවිරත්න, හසිත් කිරිඇල්ල, ශැනොන් ප්‍රනාන්දු, කනිෂ්ක මදුවන්ත, ලක්මිණ පෙරේරා, මලින්ද වර්ණපුර (පුහුණුකරු)

සාන්ත තෝමස් විද්‍යාලය: ඩෙලෝන් පීරිස් (නායක), දුලිත් ගුණරත්න (උප නායක), සිතාර හපුහින්න, පවිත් රත්නායක, මන්තිල විජේරත්න, කලණ පෙරේරා, තෙවින් ඉරියගම, මනිෂ රූපසිංහ, කිෂාන් මුණසිංහ, ශැනන් ප්‍රනාන්දු, ශලින් ද මේල් , මොහොමඩ් අසාම්, ටෙහාන් ස්කැෆේටර්, සේමාල් සමරවික්‍රම, රයන් ප්‍රනාන්දු, දිමිත්‍ර වර්ණකුලසුරිය, දිනේෂ් කුමාරසිංහ (පුහුණුකරු)

Highlights – Royal College vs S. Thomas’ College | 43rd Mustangs Trophy

The 43rd annual limited overs cricket encounter between Royal College and S. Thomas’ College for the Mustangs Trophy was played on 17th March at SSC Grounds.

රිච්මන්ඩ් විද්‍යාලය: ධනංජය ලක්ෂාන් (නායක), අවිඳු තීක්ෂණ (උප නායක), කමිඳු මෙන්ඩිස්, තවිෂ අභිෂේක්, ආධිත්‍ය සිරිවර්ධන, සන්ද්නුන් මෙන්ඩිස්, විනුජ කිරිඇල්ල, විශ්මිත විජේසිරි, දිළුම් සුධීර, සම්මු විමුද් සප්නක, අම්ෂි ද සිල්වා, ආකාශ් කාවින්ද, සුගීත් නිම්නද, චමත් දිල්සර, ධම්මික සුදර්ශන (පුහුණුකරු)

  • පළමු අවසන් පූර්ව තරගය: අප්‍රේල් 22 – සාන්ත පීතර විද්‍යාලය හා මහින්ද විද්‍යාලය – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • දෙවන අවසන් පූර්ව තරගය: අප්‍රේල් 24 – සාන්ත තෝමස් විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය – සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩා පිටිය

මෙම තීරණාත්මක අවසන් පූර්ව තරග දෙකම ThePapare.com වෙබ් අඩවිය හරහා මෙන්ම ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 හා MY TV ඔස්සේ සජීව ලෙස නැරඹිය හැක. තරගයේ තොරතුරු, ඡායාරූප එසැණින් ඔබ වෙතට ගෙන ඒමට‍ ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<