ක්‍රිස් ගේල් නිසා ටේලර් උනන්දුවෙන්

270
sportzwiki.com

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන රොස් ටේලර් තමන්ට උත්තේජනයක් රැගෙන එන පිතිකරුවෙකු ගැන මාධ්‍ය වෙත අදහස් පළකොට තිබෙනවා. ඒ විශේෂ පිතිකරු ක්‍රිස් ගේල් බවයි ඔහු පවසන්නේ.

35 හැවිරිදි රොස් ටේලර් සහභාගී වීමට නියමිතව තිබෙන්නේ තමන් සහභාගී වන සිව්වැනි ලෝක කුසලාන තරගාවලියටයි. ඒත් සමඟින්ම ඔහු 2023 ලෝක කුසලානයට සහභාගී නොවනු ඇතැයි අදහස් පළවුනා. රොස් ටේලර් ඊට පිළිතුරු ලබා දී තිබුණේ මෙලෙසින්.

AK-47 සහ තලෙයිබාන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ

‘සටන්කරුවන් විසින් සතුටින් විඳින එකම දෙය ක්‍රීඩාව විය හැකි’ යැයි යුධ ප්‍රධානීන් කියයි. ඒ සටන් නොමැති…

මට 35යි, ඒත් මම දන්නේ නෑ ඉදිරියට මොනවා වේවි ද කියලා. මට හිතෙන හැටියට ක්‍රිස් ගේල් මට පෙළඹවීමක් වෙනවා. මේ ලෝක කුසලානයේ දී ඔහුට වයස 39යි. මීළඟ ලෝක කුසලානයේ දී මට වයස 39යි.” ඔහු ICC වෙබ් අඩවිය වෙත පවසා තිබුණා.

ඔබ දන්නේ නෑ, මේක මගේ අවසන් ලෝක කුසලානය වෙන්නත් පුළුවන්. කලවේ සහ පාදයේ හයිය එහෙමම තිබුනොත් මට අවුරුදු කිහිපයකින් ආයෙත් එන්න පුළුවන් වේවි.” ටේලර් පසුවන්නේ එවැනි අදහසකයි.

Video – ඉන්දියානු ලකුණු මැෂිම – Virat Kohli

විරාත් කෝලිගේ ජීවිත කතාව. ඇසිදිසි!

නවසීලන්තය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ද මෙතෙක් ඔවුන් ලෝක කුසලාන ජයග්‍රහණයක පහස විඳ නැහැ. එහෙත් රොස් ටේලර්ගේ දස්කම් වලට එය බාධාවක් වුනේ ද නැහැ. නවසීලන්තය වෙනුවෙන් එක්දින ඉතිහාසය තුළ ඉහළම දස්කම් දැක්වූ පිතිකරුවෙකු ලෙසයි ඔහුව සැලකෙන්නේ.

ඔබ ලොකු තරගාවලිවල දී ලොකු පීඩනයක් දාගන්නවා. ඔබ හිතුවත් නැතත් ඒත් එක්ක පීඩනයක් එනවා. ඉතින් ඔබ එය කළමනාකරණය කරන විදිය තමයි වැදගත්.” ලෝක කුසලාන තරගාවලියට පෙර ටේලර් එසේ කීවේය. මැයි 30 වැනිදා ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී කුමක් සිදු වේවි ?  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<