තමන් උපන් දේශය වෙනුවෙන් ක්‍රිකට් උපන් දේශය අත් හැරී එංගලන්ත පිතිකරු!

Zimbabwe vs Ireland 2023

4855
Gary Ballance called for zimbabwe squad

අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර මෙම මාසය මැද දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සිම්බාබ්වේ සංචිතය නම් කර ඇති අතර, ඒ වෙනුවෙන් හිටපු එංගලන්ත පිතිකරු Gary Ballanceව එක් කර තිබෙනවා.

එංගලන්තයේ යෝක්ශයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ 2007 වසරේ පටන් පැවති ගිවිසුමෙන් නිදහස් වී Ballance නැවත සිය මව් රට (සිම්බාබ්වේ) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එකතු වුනා.

“සිම්බාබ්වේ ක්‍රිකට් සමඟ එක් වෙන්න මම ගොඩක් උද්‍යෝගයෙන් බලා ගෙන ඉන්නවා, ඒ වගේම දක්ෂ ක්‍රීඩකයින් සහ විශිෂ්ට පුහුණුකරුවන් සමග වැඩ කරන තෙක් මට ඉවසිල්ලක් නැහැ. සිම්බාබ්වේ සමඟ ක්‍රීඩා කරන්න ලැබීමෙන් මම නව ප්‍රබෝධයක් ලබලයි ඉන්නේ.”

වයස අවුරුදු 33ක් වන Ballance මීට පෙර එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 23ක් සහ එක්දින තරග 16 ක්‍රීඩා කර ඇති අතර, 2017 වසරෙන් පසුව ඔහුට එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

මේ අතර අයර්ලන්තය සමඟ විස්සයි විස්ස තරගාවලියට නම් කළ සිම්බාබ්වේ සංචිතයට එංගලන්තයේ Ballance එකතු වෙද්දී, සිම්බාබ්වේ කණ්ඩායම් නිත්‍ය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම එම සංචිතයට ඇතුලත්ව නො තිබීමත් විශේෂත්වයක්.

2022 විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයේ සිටි Sikandar Raza, Blessing Muzarabani, Regis Chakabva සහ Milton Shumba යන ක්‍රීඩකයින් මෙවර සංචිතයෙන් ගිලිහී ගොස් තිබෙන අතර එයින් Sikandar Raza සංචිතයට ඇතුළත් නොකර ඇත්තේ විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිවලට ඇතුළත් වීමට ඔහු අවසර ලබා ගැනීමත් සමඟයි.

එමෙන්ම Muzarabaniගේ ආබාධ තත්වය සුව නොවීම නිසා ඔහු ද සිම්බාබ්වේ සංචිතයෙන් ඉවතට ගියත්, Tendai Chatara සහ Richard Ngaravaගෙන් සිම්බාබ්වේ වේගපන්දුව තව දුරටත් ශක්තිමත් වනු ඇත.

සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර විස්සයි විස්ස තරගාවලිය සිම්බාබ්වේ හරාරේ හිදී ජනවාරි 12 වැනිදායින් ආරම්භ වන අතර, එක්දින තරගාවලිය ජනවාරි 18 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට විස්සයි විස්ස තරග සහ එක්දින තරග තුන බැගින් ඇතුළත් වනවා.

අයර්ලන්තය සමඟ තරගාවලියට නම් කළ සිම්බාබ්වේ සංචිතය: Craig Ervine (නායක), Gary Ballance, Ryan Burl, Tendai Chatara, Bradley Evans, Luke Jongwe, Innocent Kaia, Clive Madande, Wessley Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Tony Munyonga, Richard Ngarava, Victor Nyauchi, Sean Williams

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<