ගමේ ක්‍රිකට් පිටියේ සිට ලෝක කුසලානයට ගිය පාකිස්තානයේ ඛාන්

211
AFP PHOTO

ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බලාපොරොත්තුව සිය රට නියෝජනය කරමින් ලෝක කුසලානයකට ක්‍රීඩා කිරීමයි. දුෂ්කර ගමක සිය යහළුවන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් හිඳිමින් සිටි ෂඩාබ් ඛාන් පාකිස්තානය වෙනුවෙන් ලෝක කුසලානය ක්‍රීඩා කිරීම පිටුපස ඇත්තේ ඉතා සංවේදී කතාවක්.

මහ සයුරේ ගැඹුරු දියේ ජීවිතය සොයා ගිය එංගලන්ත උපනායකයා

2007 ලෝක කුසලාන තරගාවලිය අතරතුර එංගලන්ත කණ්ඩායමේ උපනායකයා ලෙසින්…..

විසි හැවිරිදි ෂඩාබ් ඛාන් මේ වන විට ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ සිටින අතර ඔහු පාකිස්තාන අග්‍රාමාත්‍ය, 1992 ලෝක කුසලානය පාකිස්තානයට දිනා දුන් සුපිරි ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ ඇස ගැටෙන්නේ අහම්බෙන්.

එතැන් සිට ෂඩාබ් දෙස ඇස ගසාගෙන සිටි ඔහු, පාකිස්තානය ලෝක කුසලානයට පිටව යෑමට පෙර කණ්ඩායම සමඟ පැවති හමුවේ දී ෂඩාබ් ව පෞද්ගලිකව කැඳවා උපදෙස් ලබා දී තිබුණු අතර එය කණ්ඩායමේ පුහුණුකරුවන්ට මෙන්ම අනෙක් ක්‍රීඩකයින්ට ද අරුමයක් වූයේ නැත.

කණ්ඩායමේ පුහුණුකරුවන්, ක්‍රීඩකයින් මෙන්ම සියලු දෙනාම ෂඩාබ්ගේ අසීමාන්තික මහන්සි වීම හා උනන්දුව පිළිබඳ සෑම විටම අදහස් දැක්වූයේ ඉතා ගෞරවයෙන්.

“ෂඩාබ් ගේ කැපවීම අපිට සිතා ගන්නවත් බැහැ.” ඔහුගේ හිටපු පුහුණුකරුවෙකු වන සජාඩ් අහමඩ් පවසා තිබුණා.

“ඔහු රාත්‍රී නවය වන විට නින්දට යනවා වගේම උදෑසනම නැවත පුහුණු වීම් සඳහා ක්‍රීඩා පිටියට එනවා. එය තමයි ඔහුගේ ජීවන රටාව, එම නිසාම ඔහුට ගොඩක් වෙලා පුහුණු වීම් කරන්න පුළුවන්.”

ෂඩාබ්ගේ උපන් ගම වූයේ පන්ජාබි ප්‍රාන්තයේ ඉන්දුස් නදිය අසබඩ මිනවාලි නම් ප්‍රාන්තයයි. පාකිස්තාන ටෙස්ට් නායකයින් වන මිස්බා උල් හක් මෙන්ම ඉම්රාන් ඛාන් ද මෙම ගම් පළාතෙන් බිහි වූ ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්.

මිරියාඩ් ඇළෙහි පිහිනමින්, වෙල්යායවල් මැදින් දිව යමින් කල් ගෙවූ ෂඩාබ් සිය දිනයෙන් වැඩි කාලයක් වෙන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනුයි. පිතිකරුවන් ඇඹරෙන ඔහුගේ දඟපන්දු හා පිතිකරණ හැකියාව ඔහු දියුණු කර ගත්තේ දිනපතා කෙරුණු වෙල්යායේ ක්‍රිකට් ක්‍රීඩාවෙනුයි.

“ෂඩාබ් පිතිකරණය සඳහා කෙතරම් උනන්දු වුනා ද කිවහොත් එක් වතාවක ඔහු පන්දු යැවීම සම්පූර්ණයෙන් අමතක කරන්නට තීරණය කර තිබුණා.” පුහුණුකරු අහමඩ් පවසා තිබුණා.

“නමුත් මම ඔහුට අවවාද ලබා දුන්නා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන්නට උත්සාහ කරන්නට කියලා, එම නිසාම ඔහුට හොඳම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබුණා.”

පාකිස්තාන වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ ෂඩාබ් ඛාන් 2016 වසරේ බංගලාදේශයේ පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා ද ක්‍රීඩා කළා. එහි දී ඔහු පාකිස්තානය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා ලෙස තරගාවලිය නිමා කළා.

ඊට මාස කිහිපයකට පසු ඔහු සිය පළමු පෙළ ක්‍රීඩා දිවිය අරඹමින් ෂඩාබ් පාකිස්තාන A කණ්ඩායම සමඟ එංගලන්තයේ සංචාරයක නිරත වුනා. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ පැවති තරගයක දී කඩුලු පහක් හා ලකුණු 48 ක් රැස් කරමින් පාකිස්තානයට ජය ගෙන එන්නට සමත් වුනා.

එම වසර අවසානයේ ඔහු නැවත වතාවක් සිය නම ලෝකයා හමුවේ තැබුවේ සිම්බාබ්වේ A කණ්ඩායම හමුවේ පැවති තරගයක දී ලකුණු 132 ක් රැස් කරමින් හා ලකුණු 84කට කඩුලු හතරක් ද, ලකුණු 82කට කඩුලු පහක් ද දවා ගනිමින්.

2017 පාකිස්තාන සුපිරි ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් පසුව ඔහුව පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමට කැඳවා තිබූ අතර බ්‍රිජ්ටවුන් හිදී පැවැත්වුණු ඔහුගේ මංගල තරගයේ දී ඔහු තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ලකුණු 500කට යන්න අපිට පුළුවන් – ශායි හෝප්

ලෝක ක්‍රිකට් කුසලානය ආරම්භ වීමට පෙර තවත් දිනයක් ඉතිරිව තිබිය දී ම විවිධ කණ්ඩායම්වල නායකයින් හා ක්‍රීඩකයින් ඔවුන්…..

දිගින් දිගටම සර්ථක වුනත් ඔහු ඔහුගේ පුහුණුවීම් එක ලෙසම පවත්වා ගෙන සිටියේ ඔහුගේ සහෝදර ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් ද පුදුම කරමින්.

“මට මතකයි එක වතාවක් අපි ලාහෝර් හි තරගයකට සහභාගී වෙන්න ගියාම කණ්ඩායමේ සියලු දෙනාම ලාහෝර් නගරය නරඹන්න ගියා. කලින් නිදා ගන්න පුහුණු වී සිටි ෂඩාබ් සිය පුරුදු වෙනස් නොකර පුහුණුවීම් සඳහා පමණක් අවධානය යොමු කළා.” ෂඩාබ්ගේ පළමු නායකයා වූ රජා ෆලාක් පවසා තිබුණා.

“අද දිනය දක්වාම ඔහු ඔහුගේ පුරුදු වෙනස් කර නැහැ, එයයි ඔහුගේ සාර්ථකත්වයේ රහස.”

ෂඩාබ්ගේ ක්‍රීඩා දිවියේ සොඳුරුතම මොහොතක් වූයේ පාකිස්තානය 2017 ශූරයින්ගේ කුසලානය දිනූ මොහොතයි. ඔවුන් එහි දී සිය ජන්මගත ප්‍රතිවාදීන් වන ඉන්දියාව පරාජය කළ අතර ෂඩාබ් යුවරාජ් සින්ග් ව දවා ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්.

එංගලන්ත විනිසුරු රිචඩ් කෙටිල්බර්ග් එම අවස්ථාවේ යුවරාජ් සින්ග් නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස සටහන් කළත් DRS අවස්ථාවක් ලබා ගනිමින් පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් ෂඩාබ්ගේ මහන්සියට උපරිමය ඉටු කළේය. යුවරාජ් සින්ග් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් වූ අතර ෂඩාබ් මොහොතකින් පාකිස්තානය පුරා සුපිරි වීරයෙක් බවට පත් විය.

ක්‍රමයෙන් ටෙස්ට් කණ්ඩායමට ද පිවිසුණු ඔහු එංගලන්ත හා අයර්ලන්ත සංචාරයේ දී අර්ධ ශතක තුනක් වාර්තා කළේ කණ්ඩයමේ ස්ථානය තහවුරු කර ගනිමින්.

“ෂඩාබ්ට ලොකු දක්ෂතාවයක් තිබෙනවා, ලොකු උනන්දුවක් තිබෙනවා, කැපවෙනවා, එම නිසාම අනාගතයේ ඔහු හොඳ තැනකට යයි.” ඔහුගේ පළමු පුහුණුකරු අහමඩ් මහතා AFP වෙත පවසා තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<