ලකුණු 500කට යන්න අපිට පුළුවන් – ශායි හෝප්

329

ලෝක ක්‍රිකට් කුසලානය ආරම්භ වීමට පෙර තවත් දිනයක් ඉතිරිව තිබිය දී ම විවිධ කණ්ඩායම්වල නායකයින් හා ක්‍රීඩකයින් ඔවුන් හට ලකුණු 500 සීමාව  ඉක්මවා යාමට හැකි බව පවසා ඇත.

ලසිත් මාලිංග වාර්තාවක් අභියස

දැනට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග රටාව තුළ වැඩිම කඩුලු ලබාගෙන තිබෙන පන්දු යවන්නන්ගේ…

ඉන්දීය නායක විරාත් කෝලි එංගලන්ත කණ්ඩායම ලකුණු 500 සීමාව ඉක්මවා යාමට වැඩි ඉඩකඩක් තිබෙන බව පවසා තිබෙන අතර එයට නොදෙවෙනි වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශායි හෝප්  ඔවුන්ට ද එම ඉලක්කය වෙත යාමට හැකි බව පවසා තිබේ‍ෙ

එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව දෙවතාවක් ලෝක ක්‍රිකට් ශූරතාවය දිනාගෙන තිබෙන කොදෙව් කණ්ඩායම සතුව සිටින හොඳම පිතිකරුවා වන්නේ ශායි හෝප්වේ. ඊයේ (28) දිනයේ දී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ බ්‍රිස්ටල් හිදී පැවති පුහුණු තරගයේ දී කොදෙව් කණ්ඩායම ලකුණු 421ක් වාර්තා කර ගැනීමට සමත් විය. එම තරගයේ දී හෝප් පන්දු 86ක් තුල වේගවත් ලකුණු 101ක් ලබාගෙන ප්‍රබල පන්දු බලඇණියක් සිටින නවසීලන්ත කණ්ඩායමට සංග්‍රහ කළේය.

ඊට අමතරව ක්‍රිස් ගේල් හා අන්ද්රේ රසල් යන ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනා ද ඊයේ දිනයේ දී කොදෙව් කණ්ඩායම රැස්කරගත් ලකුණු 421ක වාර්තා කරගැනීම වෙනුවෙන් සහාය දැක්වූහ.

ශිම්රන් හේට්මයර්, නිකලස් පූරාන්, එවින් ලේවිස් හා කාලෝස් බ්‍රාත්වෙයිට් වැනි පිතිකරුවන් ද බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ මැදපෙළ සවිමත් කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිටින අතර ඔවුන් සියල්ලන් හටම වේගවත්ව හා ජවසම්පන්න ලෙස පන්දුවට වැරෙන් පහර එල්ල කිරීමට හැකිය.

දකුණු අප්‍රිකා ප්‍රබලයෙක්ට පළමු තරගය අහිමි වන ලකුණු

2019 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මංගල තරගය ලබන බ්‍රහස්පතින්දා සත්කාරක එංගලන්තය…

“ලකුණු 500ක්. එය අපේ කණ්ඩායමේ මේ තරගාවලිය තුල වාර්තා කරගන්න  බලාපොරොත්තුවෙන් ඉන්න ලකුණු ප්‍රමාණයක්. අපිට ඒක කරන්න බැරි වෙන එක අමාරු දෙයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද අපිට හොඳ ජවසම්පන්න පිතිකරුවන් රැසක්ම ඉන්නවා.” යැයි හෝප් පැවසීය.

අන්ද්රේ රසල් නවසීලන්තයට එරෙහිව පැවති පුහුණු ක්‍රිකට් තරගයේ දී පන්දු 25ක් තුල ලකුණු 54ක් වාර්තා කරගත්තේය. “රසල් කියන්නේ ඉතාමත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රියාත්මක වන්නේ කොයි වෙලාවේ ද කියලා අපි කාටවත් හරියටම කියන්න බැහැ. මට ඒක කියන්න තේරෙන්නෙත් නැහැ. ඒක ඔහුටම ආවේණික ප්‍රහාරාත්මක රටාවක්. පන්දු යවන්නෝ ඔහුට පන්දු යවද්දී ලොකු බයකින් පන්දු යවනවා ඇත්තේ කියලත් මට හිතෙනවා.” යැයි පළමු වතාවට ලෝක කුසලානයක් සඳහා තරග වදින හොප් පවසන ලදි.

“මගේ මනස දැන් ඉස්සර වගේ නැහැ පොඩ්ඩ පොඩ්ඩ ධනාත්මක වෙලා තියෙනවා. මම ඒක එකපාරටම වෙනස් කරන්න ගියේ නැහැ. මොකද එහෙම වුනොත් මගේ පිතිකරණ  රිද්මයට හානියක් වෙන්න පුළුවන්. මම දැන් මගේම ක්‍රමයකට ඇබ්බැහි වෙලා ඉන්නේ. පන්දුවක් දැක්ක ගමන් ස්ථාන ගත කරන්න ඕන තැන මට ඉක්මනට පේනවා. මම ඒ දේ පුළුවන් උපරිමයෙන්ම කරනවා කියලා මම හිතනවා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ හොප් පැවසීය.

කෝඩුකාර ඇෆ්ගනිස්තානුවන්ගේ ලෝක කුසලාන සිහිනය

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇරඹීම සඳහා මේ වන විට සියලුම කටයුතු සූදානම්…

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය මැයි මස 31 වැනිදා පාකිස්තානය සමඟ ට්රෙන්ට් බ්රිජ් හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<