ICC හිටපු විනිසුරුවරයෙකුගේ ජීවිත ඉනිම දැවී යයි

1296

ICC හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ දකුණු අප්‍රිකානු ජාතික Rudi Koertzen අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ Western Cape ප්‍රාන්තයේ Riversdale නගරයේ දී ඊයේ (9) සිදු වූ මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර, ඒ වන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහු ටෙස්ට් තරග 127ක දී, එක්දින තරග 250ක දී, විස්සයි විස්ස තරග 20ක දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කොට තිබුණා.

වසර 18ක කාලයක් ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ Koertzen ටෙස්ට් තරග 100කට වැඩි ප්‍රමාණයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු ද වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<