හිටපු ශ්‍රී ලංකා නායිකාව UAE හි හිරවෙයි

4717
Chamani Seneviratne

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නායකත්වයේ වගකීම් ඉටු කළ ක්‍රීඩිකාවක් වන චාමිනි සෙනවිරත්න මේ වන විට අබුඩාබි රාජ්‍යයේ සිරවී සිටින අතර ඇයි ශ්‍රී ලංකා රජයෙන් ආයාචන කරන්නේ ඇයව ශ්‍රී ලංකාවට නැවත ගෙන්නා ගන්නා ලෙසයි.

>> බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

2013 වසරේ දී අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ඇය පසුකාලීනව අබුඩාබි රාජ්‍යයට පියාසර කළේ පුහුණුකරාණියක් ලෙස සේවය කිරීම වෙනුවෙනි. කෙසේ නමුත් පවතින කොරෝනා තත්වය නිසාවෙන් ඇයට සිය රැකියාව පවා අහිමි වී ඇති අතර මේ වන විට ඇය ශ්‍රී ලාංකිකයන් රැසක් සමඟ එරට සිරවී සිටින බව ඇය සඳහන් කරයි.

සෙනෙවිරත්න රටවල් දෙකක් නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සහභාගී වී ඇති අතර, 2018 වසරේ දී ඇය UAE කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළාය. එහි දී ඇය 2020 ලෝක කුසලාන T20 තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා කළ අතර සිය ක්‍රිකට් දිවියේ පළමු කඩුලු 5 අවස්ථාව ලබා ගන්නට ඇය එහි දී සමත් වන්නේ මැලේසියාවට එරෙහිව තරග කරමිනි.

>> “ඛේටය වෙනුවට දහඩිය භාවිතය ඵලදායි නෑලූ”

ශ්‍රී ලංකාව වෙනුවෙන් ද ඉතාමත් හොඳින් දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවක් වන ඇය, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ටෙස්ට් ක්‍රීඩාවෙන් වාර්තා කළ පළමු ශතකය වාර්තා කරන්නට සමත් වුනේ 1998 දී පාකිස්තානයට එරෙහිවයි. ඇය එම තරගයේ දී කඩුලු 7ක් ද දවා ගන්නට සමත් වූයේ 309ක අභියෝගාත්මක ලකුණක් කරා ශ්‍රී ලංකාව මෙහෙය වමිනි. ක්‍රීඩා දිවියෙන් සමුගන්නා විට ඇය ජාත්‍යන්තර කඩුලු 107 හිමිකාරිණියක් වූයේ ලකුණු 1061ක් ද වාර්තා කරමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<