බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

537
Bangladesh cricketers

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඔවුන්ට එළිමහන් පුහුණුවීම් කටයුතු කිරීම සඳහා ශරේ බංග්ලා ක්‍රිකට් පිටිය ලබා දෙන මෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි නමුත් එය එක හෙළාම ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් තීරණය කර ඇත.

පාන්ඩ්‍යාගේ ක්‍රිකට් දිවිය කළඑළි කළ ඕස්ට්‍රේලියානු පුරාවෘත්තය

2015 පෙබරවාරි 16. සුපිරි ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යාගේ ක්‍රිකට් දිවිය උඩුයටිකුරු කළ එම දිනය අදටත් ඔහු සිහිපත් කරන්නේ අදහා

බංග්ලාදේශය තුල තවමත් කොරෝනා වසංගත තත්වය පාලනය වී නොතිබීම මේ ප්‍රතික්ෂේප වීම සඳහා වැඩි හේතුවක් වී තිබෙන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කරමින් පවසා සිටියේය.

“මුෂ්ෆිකර් රහීම් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඔවුන්ට කණ්ඩායම් ලෙස එළිමහන් පුහුණුවීම් කරන්න අවසර දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. හැබැයි අපේ රටේ තාම මේ කොරෝනා වසංගතය පාලනය වෙලා නැහැ, අනික් එක, එක පාරටම මේ ආවට ගියාට අපේ පුහුණුවීම් පටන් ගන්නත් බැහැ. 

එහෙම කරන්න පුළුවන් නමුත් මොනා හරි වුනොත් එහෙම පරිපාලන නිලධාරීන්, ක්‍රීඩකයින් ඇතුළු සියලුම දෙනාට ලොකු කරදරයකට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒක නිසා අපිට ඒ ඉල්ලීමට අවසර දෙන්න කොහොමත්ම අවස්ථාවක් නැහැ. මොකද අපිට ක්‍රීඩකයින්ගේ පුහුණුවීම්වලට වඩා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගොඩක් වටිනවා” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නිසමුඩීන් චෞද්‍රි මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

ලෝක කුසලානයේ ඉරණම ගැන සංගක්කාර කතා කරයි

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර කොරෝනා වයිරසයෙන් පසුව ලෝක කුසලාන තරගාවලිය

බංග්ලාදේශ තුල පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය පසුගිය 31 වැනිදා ඉවත් කිරීමට එරට රජය විසින් කටයුතු කළේ ඔවුන්ගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි ආරක්ෂිතව සිදුකර ගැනීම සඳහා වුවත්, බංග්ලාදේශයේ කොරෝනා ආසාදිතයින් හමුවීම තවමත් පාලනය වී නොමැත. 

මේ වන විට ඔවුන්ගේ රට තුල පුද්ගලයින් 57,000කට අධික ප්‍රමාණයක් සඳහා කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙන අතර ඉන් 780කට අධික ජීවිත ප්‍රමාණයක් මේ වන විට අහිමි වී තිබේ.

“ICC විසින් පුළුල් මාර්ගෝපදේශ මාලාවක් දාලා තියෙනවා, ආයිත් කොහොමද ක්‍රිකට් පටන් ගන්න ඕනේ කියලා. ඒකට සහ අපේ රටේ රජය පවසන පරිදි කටයුතු කරන එක අපේ වගකීමක්. ඒක නිසා මේ තත්වය අසතුටින් හරි අපේ ක්‍රීඩකයින් තේරුම් ගන්නට සිදු වෙනවා. 

ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ නිවෙස් තුලට වී ඔවුන්ගේ පුහුණුවීම් කරන පුළුවන්. එකේ කිසිම ගැටලුවක් නැහැ. මේ තත්වය පාලනය වුනු ගමන් ආරක්‍ෂිත විදිහට අපේ රට තුලත් අපේ ක්‍රිකට් කණ්ඩායමට පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්න අපි අවශ්‍ය පහසුකම් සියල්ලම සපයලා දෙන්න සූදානමින් ඉන්නවා. නමුත් ඒ සඳහා තාමත් වෙලාව ඇවිල්ලා  නැහැ” යැයි චෞද්‍රි මහතා අවසන් වශයෙන් පවසා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<