“ඛේටය වෙනුවට දහඩිය භාවිතය ඵලදායි නෑලූ”

257

කොරෝනා වයිරසය නිසා මෙරට මෙන්ම ලොව පුරා සියලු ක්‍රීඩා තරග අවලංගු කෙරුණු අතර කණ්ඩායම් පුහුණුවීම් ද ඒ සමඟින් තාවකාලිකව අවලංගු කිරීමට සිදු විය. 

>> ශ්‍රී ලංකා සිංහයින් නැවතත් ක්‍රීඩා පිටියට

දින 81ක දීර්ඝ විරාමයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා සිය පුහුණුවීම් ආරම්භ කළ අතර ලොව පුරා අගුළු දැමීමෙන් අනතුරුව පුහුණුවීම් ආරම්භ කළ පළමු ජාත්‍යන්තර කණ්ඩායම ලෙස ඔවුන් පත්විය.

ලොව පුරා මාස කීපයක් පැවති අගුළු දැමීමෙන් පසුව පුහුණුවීම් පැවති පළමු දිනයේ දී ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය නම්, ඛේටය මෙන් පන්දුව ඔපදැමීම සඳහා දහඩිය භාවිතය එතරම් ඵලදායි නොවන බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු වන පුහුණුකරු මිකී ආතර්ට පන්දු යවන්නන් වාර්තා කර තිබුණේ මෙයයි. 

කොරෝනා වයිරසයේ පැතිරීම පිළිබඳව කළ අධ්‍යනවලින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පන්දුව ඔපදැමීම සඳහා ක්‍රීඩකයන් ඛේටය භාවිතා කිරීම තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. එයට ආදේශක ලෙස දහඩිය හෝ වෙනත් කෘතීම ද්‍රව්‍යයක් භාවිතා කිරීම ඔවුන්ගේ නිර්දේශය විය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මෙම නිර්දේශයන් වයිරසයේ ආසාදනය අවම කිරීම අරමුණු කර ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දින 12ක නේවාසික පුහුණු කඳවුරක් ආරම්භ කළ අතර එයට 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඇතුළත්ව තිබුණි. ඉන් සාමාජිකයින් හය දෙනෙකු වේගපන්දු යවන්නන් ය.

“මේ සම්බන්ධයෙන් පන්දු යවන්නන් සමඟ කතාබහ කිරීම සිත්ගන්නාසුළුයි. ඔවුන් පැවසුවේ දහඩිය ඛේටයට වඩා ටිකක් පන්දුව බරින් වැඩි කරනවා කියලා” පුහුණුවීම් වලින් අනතුරුව මිකී ආතර් ESPNcricinfo වෙත පවසා තිබුණි. 

“ඛේටය යනු ඔවුන් කැමති පන්දුව දිදුලන යාන්ත්‍රණයයි. නමුත් එය දැන් කළ නොහැකි දෙයක්. ඔබ එය සමඟ ඉදිරියට යා යුතුයි.” 

“මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් කමිටුවේ සිටින නිසා පන්දුව මත ඛේටය භාවිතා නොකිරීමට ගත් නිර්දේශය වටා ගිය විවාද සහ කතාබස් මම දන්නවා. නමුත් දහඩිය මෙම වයිරසය පැතිරීම සඳහා සාධකයක් නොවන බව ඔප්පු වී ඇති නිසා ඔබට පන්දුව මත දහඩිය භාවිතා කළ හැකියි.” 

එම කමිටු රැස්වීමේ දී අපි පැමිණි එකඟතාව වූයේ:ඔබට දහඩිය දැමීමෙන් ඔපය ලබාගත හැකි නම් එය හරි. එය බොහෝ දුරට සමාන ය’ කියන එක.

>> “පරණ කෝන්තර අමතක කරන්න” – හිටපු ප්‍රබලයෙකුගෙන් ඉල්ලීමක්

මේ වන විට පන්දුව මත ඛේටය භාවිතය වළක්වා ගත යුතු බවට පුළුල් සම්මුතියක් තිබුණ ද, එය සහතික කිරීම සඳහා ඛේටය වෙනුවට කෘතිම ද්‍රව්‍යයක් භාවිතා කිරීමට ඉඩ දෙන ලෙස ක්‍රීඩාවේ ප්‍රමුඛ ක්‍රීඩකයන්ගෙන්, පුහුණුකරුවන්ගෙන් ඉල්ලීම් ලැබී තිබේ. එම ඉල්ලීම් සඳහා වන මූලිකම අරමුණ වූයේ වේගපන්දු යවන්නන්ගේ තර්ජනය ඉනිමේ පළමු ඕවර කිහිපයෙන් පසුවද පවත්වා ගත යුතු වීමයි. පන්දුවේ ඔපය නැති වීම ඔවුන්ගේ තර්ජනය අඩු කළ හැකි ප්‍රබලතම සාධකයක් වේ. 

මෙම ඉල්ලීම් සඳහා මෑත කාලීන උදාහරණයක් ලෙස ජස්ප්‍රිත් බුම්රා පැවසුවේ ඛේටය තහනම් කළහොත් පන්දුව ඔපදැමීම සඳහා පන්දු යවන්නන්ට යම් විකල්පයක් තිබිය යුතු බවයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් කමිටුව එලෙස කෘතීම ද්‍රව්‍ය යොදාගැනීම සඳහා එල්ල වූ ඉල්ලීම්වලට විරුද්ධ විය. කෙසේ වෙතත් එම කමිටුව විසින් පන්දුව පළුදු කිරීම සඳහා පනවා ඇති දඬුවම් ශක්තිමත් කර ඇති හෙයින් එලෙස කෘතීම ද්‍රව්‍ය සඳහා අවසරය ලිහිල් කිරීමක් බලාපොරොත්තු විය නොහැක. 

පන්දුව පළුදු කිරීමේ ආසන්නතම සිදුවීම 2018 වසරේ දී වාර්තා වූ අතර ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා කේප්ටවුන් ටෙස්ට් තරගාවලියේ දී එලෙස පන්දුව පළුදු කිරීම නිසා එවකට ඕස්ට්‍රේලියා නායකයා වූ ස්ටීව් ස්මිත්, උපනායක ඩේවිඩ් වෝනර් හට වසරක තරග තහනමක් පැනවීමට එම කමිටුව තීරණය කළේය. 

“මම මෙම ප්‍රතිචාරය හා ප්‍රතිඵලය නැවත ක්‍රිකට් කමිටුව වෙත ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එම ප්‍රශ්නය වටා ඇති සමස්ත විවාදය කුමක් දැයි මම දන්නවා” යැයි ආතර් පැවසීය.  

“පසුගිය වසරේ පැවති රැස්වීමේ දී, අපි ඇත්ත වශයෙන්ම මින්ට් හෝ පන්දුව මත නීති විරෝධී ද්‍රව්‍යයක් යොදාගෙන පළුදු කිරීම සඳහා දැඩි දඬුවම් නිර්දේශ කළා. වසරකට පසුව අපි ඔවුන්ට කෘතිම ද්‍රව්‍ය භාවිතා කළ හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම පුදුම සහගත දෙයක්. එය බොහෝ දුරට පරස්පර විරෝධී දෙයක්.” 

“එම සාකච්ඡාව පැමිණි විට රැස්වීමේ තේමාව වූයේ මේ තීරණ තරමක් දුරට පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් බවට පත් කළත් අපට සමබර ක්‍රිකට් ක්‍රීඩාවක් ලබා ගත යුතුව තිබීමයි. අපි අවධානය යොමු කළේ ක්‍රිකට් ක්‍රීඩාව එතරම් සංකීර්ණ නොකර විසඳුමක් ලබා ගැනීමයි.”

“නිදසුනක් ලෙස, කෘත්‍රිම ද්‍රව්‍යයක් යොදාගැනීමට අපි ඔවුන්ට ඉඩ දුන්නොත් සහ ඉන් පසු මාස 18ක කාලයක් තුළ දී මේ වයිරසය පාලනය කිරීමට හෝ සම්පූර්ණයෙන් නැති වූ විට පන්දුව ඔපදැමීමට කෘත්‍රිම ද්‍රව්‍යයක් නැවත භාවිතා කළ නොහැකි බවට නැවත නීති ගෙන එන්න වේවි. අපිට හැම දෙයක්ම ව්‍යාකූල කරන්න වෙනවා. පන්දු යවන්නන් සඳහා තරගය සමබර කිරීමට වෙනත් ක්‍රම තිබෙනවා. උදාහරණයක් විදිහට තණතීරුව මත අමතර තණකොළ දැමීම ගන්න පුළුවන්.” 

පන්දුවෙහි ඛේටය තැවරීම වළක්වා ගැනීමට අමතරව ශ්‍රී ලංකාවේ පුහුණු කණ්ඩායම ආසාදනය වැළැක්වීම සඳහා අතිශය වෙනස් පුහුණු සැසියකට සහ ජීවන පරිසරයකට හැඩගැසෙමින් සිටී

මෙම පුහුණු සැසිය සඳහා සහභාගි වන ක්‍රීඩකයින් 13 දෙනා සහ සහායක කාර්ය මණ්ඩලයේ සිව්දෙනා මූලිකවම ඔවුන්ගේම වෙන්වූ පරිසරයක සිටින අතර හෝටලයේ සිට පුහුණු ක්‍රීඩාංගණය දක්වා සහ නැවතත් හෝටල් දක්වා පමණක් ගමන් කරයි. පුද්ගලික හේතූන් මත කිසිවෙකුටත් ඔවුන් රැඳී සිටින ස්ථානයෙන් පිටවීමට අවසර නැත.

“සෑම උදෑසනකම අපි කාමරයෙන් පිටවන සෑම අවස්ථාවකම අපේ උෂ්ණත්වය ලබා ගන්නවා” ආතර් පැවසීය. “අපි නිතරම මුහුණු ආවරණ පැලඳ සිටිනවා. මෙය සම්පූර්ණයෙන්ම හුදකලා තත්ත්වයක්. මක්නිසාදයත් හෝටලයේ අපට අපගේම ආහාර ගැනීමේ ස්ථානයක් තියනවා. අපගේ ව්‍යායාම සැසිවල දී එම ශාලාව විෂබීජහරණය වන අතර ඔවුන් අපගේ ප්‍රතිසාධන සැසි සඳහා තටාකය පවා පිරිසිදු කරනවා.”

අප සිටින කුඩා පරිසරය හැර වෙන කිසිවෙකු සමඟ කිසිදු සම්බන්ධයක් නෑ. අපි නිතිපතා අත් පිරිසිදු කරනවා. එය එතරම් වෙනස් දෙයක්. නමුත් සෑම කෙනෙකුම එයට එකඟ වෙලා එය අනුගමනය කරනවා. අපගේ සෞඛ්‍ය උපදේශක ලෙස වෛද්‍ය දමින්දා අත්තනායක අතිශයින්ම කැපී පෙනෙන කාර්‍යයක් ඉටු කරනවා. ” 

>> එංගලන්ත පුහුණු සංචිතයෙන් ප්‍රබලයින් හැලෙයි

පසුගිය අඟහරුවාදා පැවති පුහුණු සැසිවාරය අතරතුර ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න හට යම් ක්ලාන්ත ගතියක් ඇතිවී තිබූ අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබුණි. ඒ පිළිබඳව අදහස් දක්වමින් මිකී ආතර් පවසා සිටියේ ඔහු නැවත පුහුණුවීම් කරනු ඇති බවයි. 

“ඔවුන් දිමුත් ගැන තවත් පූර්වාරක්ෂක පරීක්ෂණ කිහිපයක් කරනවා. නමුත් ඒවා අවසන් වූ විගස ඔහු පුහුණුවීම් සඳහා යන්න සූදානම්. ඔහු දැඩි අධිෂ්ඨානයක් සහිත පුද්ගලයෙක්.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<