Warneගේ මරණය ගැන වෛද්‍යවරයෙක් කතා කරයි

2003
Shane Warne
(Stabroek)

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක Shane Warne පසුගිය සතියේ දී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා. ඒ තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුරයි. හෘදයාබාධයක් නිසා ඔහුගේ මරණය සිදු වූ බවට සනාථ වනවා.

Warneගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත අතර Melbourne ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔහුට රාජ්‍ය ගෞරව පිරිනැමීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ හිටපු වෛද්‍යවරයෙක් වන Peter Brukner පවසා සිටින්නේ Warneගේ හෘදය ආශ්‍රිත ගැටලු එක දිනකින් ඇති වූ ගැටලු නොවන බවයි.

“Warnieට හෘදය ආශ්‍රිත ගැටලුවක් තිබුණා නම්, පේන විදියට ඔහුට එවැනි ගැටලුවක් තිබිලා තියෙනවා. ඒ ප්‍රශ්නය තායිලන්තයේ දී එක් රාත්‍රියකින් සිදු වූ දෙයක් නොවේ. එය අවුරුදු 20, 30ක සිට දුම්පානය කිරීම, දුර්වල ආහාර රටාව වැනි හේතු නිසා වූ දෙයක්”, වෛද්‍ය Brukner Triple M Perth වෙත පවසා තිබුණා.

“අපි කාටවත් එය විශ්වාස කරන්න බැහැ. ඔහු ජීවිතයට වඩා ලොකු චරිතයක්.”

Warneගේ මිතුරෙක් මෙන්ම ඔහුත් සමඟ එකට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ Ian Healy මීට පෙර පවසා තිබුණේ Warne සිය සෞඛ්‍ය ගැන එතරම් සොයා බැලීමක් නොකළ බවයි.

ඔහු ඔහුගේ ශරීරය පිළිබඳව එතරම් සොයා බැලුවේ නැහැ. ඔහුගේ සෞඛ්‍ය නිතර ඉහළ පහළ ගියා”, Healy The Today Show වෙත පවසා තිබුණා.

ඔහු සූර්ය ආලෝකයෙන් ආරක්ෂා වීමට තිබෙන ආලේපන පවා වැඩිය භාවිතා කළේ නැහැ. මම හිතුවා ඔහුට ඉදිරි කාලයේ දී සමේ රෝගයක් පවා වැළඳෙයි කියලා. නමුත් මේ තරම් ඉක්මනින් 52 වැනි වියේ දී නොවෙයි.”

බ්‍රහස්පතින්දා (10) සවස Warneගේ දේහය රැගත් පෙට්ටිය ඕස්ට්‍රේලියානු ධජයෙන් ආවරණය කර තායිලන්ත පොලිසියේ අපරාධ පරීක්ෂණ ආයතනයේ සිට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගෙන යනු දක්නට ලැබී තිබුණා. එතැන් සිට පෞද්ගලික ජෙට් යානයක් ඔස්සේ ඔහුගේ දේහය ඕස්ට්‍රේලියාවේ Melbourne වෙත ගෙන ඒමට නියමිතයි.

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<