FFSL තොරතුරු කාන්දුව පිළිබඳ පරීක්‍ෂණ ඇරඹෙයි

329
Football Federation of Sri Lanka

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් අතීතයේ දී සිදුවූ හා පසුගිය සති කිහිපය තුළදී ඉහළ අගයක් ගත් අභ්‍යන්තර තොරතුරු කාන්දු වීමේ සිදුවීම් කිහිපයකට අදාළව පරීක්‍ෂණ ආරම්භ කිරීමට කටයුතු කර ඇත. 

පසුගිය සතියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු වල ඡායාරූප සහ තොරතුරු Facebook පිටුවක පළවීම හා විධායක කමිටු සහ ක්‍රීඩා සමාජ රැස්වීම් වලදී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරගාවලි වලට අදාළව ගනු ලැබූ තවමත් අවසන් නොකළ තීරණ සහ සැලසුම් සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම සමහර වෙබ් අඩවිවල පළවීම මෑතක දී සිදුවූ තොරතුරු කාන්දු වීමේ සිදුවීම් වලට අයත් වේ. 

Video – REAL MADRID ඉදිරියට!; LIVERPOOLට නියඟය නිමයි! | Football ලෝකය | Football Lokaya

Liverpool තිස් වසරක Premier League ශූරතා නියඟය නිම කරද්දී

නැවත ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණු සැසි, ඊට සහභාගී කරගන්නා ක්‍රීඩකයින් 18 දෙනාට, පුහුණු කාර්ය මණ්ඩලයට සහ FFSL නිලධාරීන් කිහිප දෙනෙකුට පමණක් සීමා වූ අතර සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍යංශ විසින් නිකුත් කර තිබූ ආරක්‍ෂක මාර්ගෝපදේශ හේතු ලෙස දක්වමින් එම පුහුණු සැසි ආවරණය කිරීම සඳහා මාධ්‍යට අවසර හිමි වූයේ ද නැත. 

මෙම සතිය ආරම්භයේ දී පවත්වනු ලැබූ ක්‍රීඩා සමාජ සහ විධායක කමිටු රැස්වීම් වලදී තරගාවලි නැවත ආරම්භ කිරීම පිළිබඳව මෙන්ම නව තරගාවලියක් පැවැත්වීමේ ශක්‍යතාවය ද ඇතුළුව තවත් ගැටළු කිහිපයකට අදාළව සාකච්ඡා පවත්වා ඇති අතර ඒවා සඳහා සහභාගී කර ගැනුනේ FFSLහි ජ්‍යෙෂ්ට නිලධාරීන් සහ නියමිත ක්‍රීඩා සමාජ පමණි. 

තවත් කියවන්න;

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් සිදුවී ඇති තොරතුරු කාන්දු වීම් FFSL නිලධාරියෙකුගෙන්, පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගෙන් හෝ ක්‍රීඩා සමාජයක සාමාජිකයෙකුගෙන් සිදුවූ බවට සැක පළකෙරේ. ඒ අනුව මේ පිළිබඳව ඉතා තරයේ පරීක්‍ෂා කරමින් සිටින බව වාර්තා වන අතර ඊට අදාළව ඔවුන් විසින් අද (03) දිනයේ දී මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිත ය. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<